Tuesday, July 29, 2014

ජීවිතේ ලස්සනයි...අනිවාර්යෙන් කියවන්න

ගන්න ගන්න අපෙනුත් ගන්න මල්........
අනේ මහත්තයා නෝනා අපෙනුත් මල් ගන්නකෝ...

         සමහර විට මේ වචන පේළි 2ක අහපු නැති කෙනෙක් මේ සිරිලක් දේශයේ නැතුව අැති.කිරි වෙහෙර වදින්න ගිය ඔයාට මේක අලුත් අත්දැකීමක් නෙවෙයි.සමහර විට ඒ මිනිස්සුන්ගෙ මේ වචන සන්සුන් හිතින් බුදුන් වදින්න යන ඔයාට හිසරදයක් වගේ දැනෙන් නැති.ඒත් ඔයා දන්නෑ මේ වචන වල කොයිතරම් නම් ගැඹුරු දෙයක් තියෙනවාද කියල.සමහර විට ඒ මලකට ඔයා දෙන රු 20 වටිනාකම ඒ මලේ නැතුව අැති.ඒත් ඒ දෙන පොඩි මුදලෙන් පුංචි පැටව් දෙන්නෙක් ඉන්න අසරණ පවුලක් ඒක වේලක් හරි බත් කටක් කනව කියල ඔයාට හිතන්න පුලුවන් නම් ඒ මල් බුදුන්ට පූජා කරාම දැනෙනවාටත් වඩා සතුටක් ඔයාට දැනේවි.

                    අපි ට්‍රිප් ඵකක් ඵහෙම යද්දි පාර අයිනෙ පොඩි ලෑලි කැල්ලක් දාගෙන පළතුරු ටිකක්, ඵළවලු මිටියක් දාගෙන ඉන්න මිනිස්සු කොයිතරම් නම් අපිට හම්බ වෙනව ද.ඒ වගේ ගමනක් යද්දි ඔයා සිගරට් , අරක්කු බියර් වගේ ඒවට කොයිතරම් නම් නම් වියදම් කරනවද.ඒ සල්ලි වලින් පොඩි ගානක් හරි වියදම් කරල අර අසරණ මනුස්සයෙක් ගෙන් හොද අඹ ගෙඩියක් , ගස්ලබු ගෙඩියක් ගත්ත නම් ඔයාගෙ ජිවිතේ විතරක් නෙවෙයි අර මිනිස්සුන්ගෙ ජිවිතත් හුගක් ලස්සන වේවි.

               අැගට පොඩි හයියක් ගන්න රු 300ක් වියදම් කරල බොරුවට රෙඩ්බුල් ඵකක් බොන ඔයා පාර අයිනෙ පොඩි ලෑලි කැල්ලක තියාගෙන තැඹිළි කපල විකුණන අර වයසක තාත්තගෙන් රු 30ක් දීල තැඹිලි ගෙඩියක් කපාගෙන බිව්ව නම් ඔයාට අැගට හයිය විතරක් නෙවෙයි අර මනුස්සයාගෙ හිනාව දැකල හිතටත් ලොකු සතුටක් අැති වේවි.

අපේ ජිවිත හුගක් සරලයි.අපිමයි බලෙන්ම ඒක සංකීර්ණ කරන් ඉන්නෙ

සංජය

Monday, July 14, 2014

ධාතු පරිනිර්වාණය

බුදුරජාණන් වහන්සේට පරිනිර්වාණ තුනක් ඇත. ක්ලේශ පරිනිර්වාණය, ස්කන්‍ධ පරිනිර්වාණය, ධාතු පරිනිර්වාණය යනු එම පරිනිර්වාණ තුන යි. අප බුදුරදුන් ගේ ක්ලේශ පරිනිර්වාණය ගයාවේ ජය ශ්‍රී මහා බෝධි මූලයේ දී සිදුවිය. ස්කන්‍ධ පරිනිර්වාණය කුසිනාරා නුවර මල්ල, රජ දරුවන් ගේ උපවත්තන සල් වනයේ දී සිදුවිය. ධාතු පරිනිර්වාණය අනාගතයේ දී සිදු වෙයි. එය කෙසේ සිදුවේ ද?

ගෞතම බුදුසසුනට වසර පන්දහසක් කල් සම්පුර්ණ වූ කල්හි වෙසක් පුර පසළොස්වක පොහෝ දින ලංකාවේ මයියංගනය, මැදිරිගිරිය, කැලණිය, දීඝවාපිය, සේරුවිල , ගිරිහඬු සෑය, ජේතවනය, අභයගිරිය, ථූපාරාමය ආදී බොහෝ ස්තූපයන්හි වැඩ සිටින සර්වඥ ධාතුන් වහන්සේලා අහසට පැන නැගී අනුරාධපුර රුවන්වැලි මහා සෑයේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා වැඩ සිටින ස්ථානයට එක් රැස් වෙති. ධාතු නිදන් කළ දිනයේ පටන් ඒ දක්වා ධාතු ගර්භය තුළ දැල්වෙමින් පැවති සිංහ තෙල් පහන් එදින නිවී යයි.

එකල්හි රුවන්වැලි මහා සෑයේ ධාතු ගර්භයට රැස් වූ ඒ සියලු ම සර්වඥ ධාතුන් වහන්සේලා අහසට පැන නැගී එක නූලක අමුණන ලද මුතු ඇට පෙළක් මෙන් නාගදීපයේ රාජායතන චෛත්‍යය වෙත වැඩම කර අප බුදුරදුන් දෙවැනි වරට ලක්දිවට වැඩම කළ අවස්ථාවේ වැඩ හිඳ නාගයින්ට දහම් දෙසූ මැණික් පුටුව මත තැන්පත් වෙති.

එහි දී අප්‍රමාණ දිව්‍ය නාගයින් ගේ මහත් වූ වන්දනා පුද සත්කාර ලබන සර්වඥ ධාතුන් වහන්සේලා මැණික් පුටුවත් සමගින් ම අහසට පැන නැගී දඹදිව ගයාවේ ජය ශ්‍රී මහා බෝධි මූලයට වැඩම කරති.

එකල්හි දඹදිව හා ලෝකයේ තව බොහෝ රටවල්වල වැඩ සිටින සර්වඥ ධාතුන් වහන්සේලා ද දිව්‍ය ලෝකයන්හි බ්‍රහ්ම ලෝකයන්හි නාග ලෝකයන්හි වැඩ සිටින සර්වඥ ධාතුන් වහන්සේලා ද