Saturday, August 30, 2014

ලොවක් දිනූ ශ්‍රී ලාංකිකයා - නන්දන ලොකුවිතාන



අගෝස්තු 06 වැනිදා 18-25 පැයට අප රැගත් ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ.එල්. 225 යානය ඩුබායි අන්තර්ජාතික ගුවන්තොට කරා ගමන් ඇරැඹුවේය.ශ්‍රී ලංකාවේ මාධ්‍ය කණ්ඩායමකට ඩුබායි රටට පැමිණෙන ලෙස ආරාධනාව ලැබුණේ ඔරුවල වානේ සංස්ථාව මඟිනි. ඒ ඇරයුම තුළ මහා අසිරිසිරියක්, ගැඹුරක්, චමත්කාරයක් තිබුණේය.

විදේශයක පිහිටි තරු පහේ සුපිරි හෝටලයක් හිමිකරගත් ප්‍රථම ශ්‍රී ලාංකික සිංහල බෞද්ධයාගේ ඇරයුමෙන් අපි ඩුබායි දේශයට රාත්‍රි 10.15ට පමණ පා තැබුවෙමු. ආගමන විගමන කටයුතුවලින් බැහැරව ඉතා කෙටි කාලයක ගමනකින් පසු අප සිටියේ ඩුබායි නගරයේ මැරියට් අල් ජඩාෆ් සුවිසල් තරු පහේ හෝටලය අබියස. නිරතුරු ළගන්නා සිනාවකින් මුව සරසාගෙන සිටිනා ආගන්තුක සත්කාර ප්‍රධානී බ්‍රයන් ඩිසූසා අපව පිළිගත්තේ ගෞරව පෙරදැරිවය.

ඔහුගේ ආගන්තුක සත්කාරයෙන් අපගේ විඩා සරතැස දාහය නිවී ගියේය. එසේ 'විඩා දාහය' යනුවෙන් වචන භාවිතයට හේතුවක් තිබිණි. අපි ඩුබායි රටට පා තබනා එදවස එරට උෂ්ණත්වය සෙන්ටිගේ‍ර්ඩ් අංශකය 42කි. ආර්ද්‍රතාව සෙන්ටිගේ‍ර්ඩ් 92කි. විඩා දාහයේ තරම කෙසේ විණිදැයි ඔබට සිතාගත හැකිවනු ඇත.

මැරියට් (Marriott) තරු පන්ති හෝටල සමූහ ව්‍යාපාරයට රටවල් 60ක හෝටල 500ක් අයත්ය. ඒ ඒ රටවල (Marriott) වෙළෙඳ නාමය ඔස්සේ පවත්වාගෙන යයි. ඒ අතරින් ඩුබායි හි මැරියට් අල් ජඩාෆ් තරු පහේ හෝටලය ශ්‍රී ලාංකිකයන්ට සුවිශේෂය.



ශ්‍රී ලාංකික ධජය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගුවනේ ලෙළදෙන ස්ථාන දෙකකි. එක් ස්ථානයක් වනුයේ එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයයි. අනෙක් ස්ථානය ඩුබායි මැරියට් අල්ජඩාෆ් තරු පහේ හෝටලයයි.

මැරියට් හෝටලය පිහිටා ඇත්තේ ෂෙයික් මොහොමඩ් බින් රෂිඩ් අල් මක්කුම් නම් වූ රජතුමාගේ මාලිගය සමීපයේය. ඩුබායි මෝල් (Bubai Mall) ඩුබායි ගෝල්ඩ් සුක් (Dubai Gold Souaq) බර්ජ් කලීෆා ලෝකයේ උසම ගොඩනැඟිල්ල

Monday, August 25, 2014

ලොවම මවිත කල පිරිතේ බලය

හිත සධිගත කරවන අපූරු සංවේදී මිහිරි නාදයක්‌ ඒ හඬට මුසුවෙලා තියෙන නිසා. හරියට සොබා දහමේ රහසක්‌ කියනවා වගේ. ඇත්තටම මේ ගලා බසින දිය දහරාවට එහෙමත් නැතිනම් කඩා හැලෙන දිය ඇල්ලකට සොබා දහමේ රහස්‌ ස`ගවා ගෙන ඉන්න පුළුවන්ද...? ඔව්.... ඇත්තෙන්ම පුළුවන්. ගලා බසින ගංගාව, කඩා හැලෙන දිය ඇල්ල විතරක්‌ නෙමෙයි, ඔබේ අතේ තියෙන වතුර වීදුරුව පවා මේ අනන්ත අප්‍රමාණ වූ විශ්වයේ අපූරු රහස්‌ රැසක්‌ම ස`ගවා ගෙන ඉන්නවා. ඒ රහස්‌ හඳුනාගන්නට හැකිවුණොත් මවිත වේවි ඔබ නිසැකයෙන්ම.
පෙණ කැටි විසුරවමින් හිමිහිට ගලා බසින දිය පහරක හඬ අහගෙන ඉන්න අප බොහොම දෙනෙක්‌ කැමතියි. ඒකට හේතුවක්‌ තියෙනවා. ඒ සිත සම
ඒ අපූරු රහස්‌ එළි කරන්නට ජපන් ජාතික පර්යේෂකයෙක්‌ ඉදිරිපත් වෙලා ඉන්නවා. ඔහු නමින් ආචාර්ය මසාරු ඉමටෝ (Dr' Masaru Emoto). මිනිසුන්ගේ සිතුම් පැතුම් අනුව ජල අණු වල ස්‌වභාවය වෙනස්‌ කරන්නට පුළුවන් බව අපූරු පර්යේෂණ ගණනාවක්‌ මගින් ලොවට ඔප්පු කර පෙන්වන්නට ඔහු සමත් වුණා. ඔහුගේ පර්යේෂණ ක්‍රමවේදය සම්මත විද්‍යාත්මක න්‍යායන්ට අනුව සිදු නොවුණත් ඔහු විසින් සිය පර්යේෂණ දත්ත ඇතුළත් කරමින් ප්‍රකාශයට පත් කරන ලද The Hidden Massages in Water (ජලයේ සැඟවුණු රහස්‌) නම් කෘතිය මුළු විද්‍යාත්මක ලෝකයේම ඇස්‌ අරවන කෘතියක්‌ බවට පත් වී හමාරයි. මේ නිසාම ඔහුගේ පර්යේෂණ දත්තයන්ට විද්‍යාත්මක ලෝකයේ පිළිගැනීම මේ වනවිට නිතැතින්ම හිමි වී තිබෙනවා.
ආචාර්ය මසාරුගේ පර්යේෂණයකින්ම අපි මේ කතාව පටන් ගනිමු.
ජපානයේ ෆුජිවාරා (Fujiwara) වේල්ල මේ කියන කාලයේ, ඒ කියන්නේ 1995 වසරේ දී ඒ තරම්ම පිරිසිදු මට්‌ටමක නෙමෙයි තිබුණේ. ඒත් ආචාර්ය මසාරුගේ සුප්‍රකට පර්යේෂණයකට මුල් වුණේ මේ ෆුජිවාරා වේල්ලයි. ෆුජිවාරාහි ජල සාම්පලයක්‌ අධික සිසිලසකට ලක්‌කොට අධි තාක්‌ෂණික කැමරාවකින් රූප රාමුවකට ගත්ත ආචාර්ය මසාරුට දකින්න ලැබුණේ අපිරිසිදු නොපැහැදිලි ජල අණුවක රූපයක්‌. ඉන්පසුව ඔහු මේ වේල්ලේ ඇති ජලයට සෙන් බෞදධ හිමිවරයකුගේ මුවින් සූත්‍ර සඡ්ජායනාවක්‌ ඇසෙන්නට සැලැස්‌සුවා. සූත්‍ර සඡ්ජායනයෙන් පස්‌සේ වේල්ලෙන් ගත්ත ජල සාම්පලයක්‌ පෙර පරිදිම අධික සිසිලසකට බ`දුන්කොට අධි තාක්‌ෂණික කැමරාවෙන් රූප රාමුවට නැගුණා. ප්‍රතිඵලය වුණේ හැමදෙනාම අතිශයින්ම මවිත කරවන සුලු වූවක්‌. පෙරදී දුටු අපැහැදිලි අපිරිසිදු ජල අණුව වෙනුවට මෙවර දකින්නට ලැබුණේ අතිශයින්ම පිරිසිදු හා පැහැදිලි දිලිසෙන ජල අණුවක රූපයක්‌. මේ ප්‍රතිඵලය කොයි තරම් පෙරළිකාර සිදුවීමක්‌ වුණා ද කියනවා නම් ඔහු මේ පදනමේ ඉ`දන් පර්යේෂණ මාලාවක්‌ම ඉන්පස්‌සේ සිදු කළා.
සම්භාව්‍යය සංගීත රාවය මෙන්ම ගොරහැඩි නාද එකම ජල සාම්පලයකට අසන්නට සලස්‌වා පෙර ආකාරයෙන්ම