Saturday, September 20, 2014

මතින් තොර රටක් උදෙසා

ශ්‍රී ලංකාව පිහිටා තිබෙන්නේ රනින් නම් කරවන ලද රටවල් කිහිපයකට මැදිව ය. රන් ත‍්‍රිකෝණය නම් වූ තායිලන්තය, බුරුමය හා ලා ඕසයත්, රන් චන්ද්‍රවංකය නම් වූ ඉරානය, ඇෆ්ගනිස්ථානය හා පාකිස්ථානයත් අප රටට නුදුරින් පිහිටි අසල්වැසි රාජ්‍යයන් ය. මේ අසල්වැසි භාවය ම අද වනවිට අපට පාරාවළල්ලක් වී ඇත.

එ් රටවල් එසේ නම් කෙරුණේ ලෝකයේ වැඩිම මත්කුඩු නිෂ්පාදනයත්, ප‍්‍රවාහනයත් මේ රටවල් කේන්ද්‍ර කොටගෙන සිදුවන නිසාවෙනි. ඔවුන්ට අසල්වැසියන් වූ නිසා ම ලෝකයේ මත්කුඩු ජාවාරම්කරුවන්ගේ තිප්පොළක් බවට පත්වන්නට අපට සිදුව ඇත.

පසුගිය දින කිහිපය පුරාවට ම රටේ නොයෙක් ප‍්‍රදේශයන්ගෙන් අසන්නට ලැබුණේ මත්කුඩු සම්බන්ධ වැටලීම් පිළිබඳවයි. ධනවතුන් ද දුප්පතුන් ද උගතුන් ද නූගතුන් ද ළමයින් ද තරුණයන් ද වැඩිහිටියන් ද මත්කුඩු ළඟ තබා ගැනීම නිසාවෙන් අත්අඩංගුවට ගැනෙන අවස්ථා එන්න එන්න ම සුලබ වනවා මිස අඩුවක් පෙනෙන්නේ නැත. ශ්‍රී ලංකාවේ පොලිස් කොට්ඨාශ 43න් ම මත්කුඩු සම්බන්ධ අත් අඩංගුවට ගැනීම් සිදු කර තිබේ. එනම් මේ උවදුර රට පුරා ම ව්‍යාප්ත වූවකි.

අප රටේ මත්කුඩු නිපදවෙන්නේ නැත. එහෙත් 2011 වසරේ අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ වාර්තාවන්ට අනුව අප රටේ වීදි මට්ටමින් මත්කුඩු භාවිත කරන්නන් වෙනුවෙන් දිනකට මත්කුඩු කිලෝ 02ක් භාවිත වී ඇත. 2014 වනවිට මේ අගය තවත් ඉහළට පැමිණ ඇති බව නිසැක ය. අප පමණක් නොව