Wednesday, January 14, 2015

GLOBAL LIFE වංචාවට ඔබත් අහුවුනා ද?

මුදල් අද ලෝකයේ වැදගත්ම සාධකය වී හමාරයි. ඉතා අමාරුවෙන් එදිනෙදා ජීවිතය ගැට ගහගන්න කීයක් හරි හොයාගන්න අය අද රටේ බොහෝ ඉන්නවා. ඒ වගේම රැකියාවක් කර සාමාන්‍යය ජීවිතයක් සාමකාමීව ගත කරන ජනතාව තමා වැඩිපුරම දකින්න ලැබෙන්නේ. ඔවුන් බොහොම මහන්සි වී තමාගේ ශක්තියෙන් ජීවිතය ගැට ගහගන්න අය. මේ සේරටම වඩා වෙනස් විදිහට මුදල් හම්බ කරන අයත් අද රටේ ඉන්නවා. සමහරු සූදුව මගින් මුදල් උපයනවා. තවත් සමහරු හොරකම් කරනවා, මංකොල්ල කනවා.

අද අපි කතා කරන්නේ අපිට සුරංගනා ලෝක මවා පෙන්වා අපේ මුදල් සූරා කන ක්‍රමයක් ගැන.
මොකක්ද මේ පිරමීඩ ජාවාරමක් කියන්නේ?
අද මුදල් ඉපයීමට ලෙහෙසිම ක්‍රමයක් ලෙස මවාපාන නමුත් අපිට මුදල් ඉපයීමට ඉතා අමාරු, අපගේ හුදු වාසිය වෙනුවෙන් අහින්සක මිනිසුන් දහස් ගණනක් අමාරුවේ දැමීමට සිදුවන, අවසානයේ තමන්ට හිමි සියල්ලම අහිමි වී හිරබත් කෑමටද සිදුවන ව්‍යාපාරයක් තමයි මේ පිරමීඩ ව්‍යාපාර. මේවා එක් අයකුගෙන් පටන්ගෙන පහලට පිරමීඩයක් ලෙස විවිධ මට්ටම් වලට පුද්ගල පුරුක් අමුනා ගෙන ඔවුන්ගෙන් සම්භන්ධක ගාස්තු හෝ භාණ්ඩ හා සේවා මිල දී ගැනීමට සැලැස්වීම මගින් හෝ මුදල් එකතු කරන ආයතන ලෙස ක්‍රියාත්මක වෙනවා. ඔබේ හොදම මිතුරා හෝ ලඟ හිතවතෙක් තමයි ඔබව මුලින්ම මේ කරදරේ පටලවන්නේ. මොකද එම තැනැත්තා මුලින්ම මේ බොරුවට අහුවෙලා ඉන්නේ.

මේ පිරමීඩ ක්‍රියාත්මක වන්නේ ආයෝජන හෝ ව්‍යාපාර යෝජනා ක්‍රම ලෙස. මෙහිදී ප්‍රතිලාභ ලබන ක්‍රම දෙකක් තියෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙන ආකාරයට,


1. මෙම යෝජනා ක්‍රමයේ සාමාජික සංඛ්‍යාව වැඩි වීම මත
මෙහිදී කරන්නේ මම සම්භන්ධ වූවානම් මම තව දෙදෙනෙකු හෝ කිහිප දෙනෙකු මේකට සම්භන්ධ කිරීම හා ඉන්පසු මා සම්භන්ධ කල අය තවත් සාමාජිකයන් සම්භන්ධ කිරීමයි.

2. යෝජනා ක්‍රමයේ අරමුදල් ප්‍රමාණය එනම් සම්භන්ධ වන පුද්ගලයින් ගෙවන මුදල් ප්‍රමාණය වැඩිවීම මත හෝ බොහෝ දුරට තීරණය වන්නා වූ ක්‍රමයක් මත.

මෙම ව්‍යාපාර එකක්වත් රජයේ හෝ ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතිය ලද ව්‍යාපාර නොවේ. ඒවා නීතිවිරෝධී වංචා ව්‍යාපාර.

කොහොමද මේවා ක්‍රියාත්මක වෙන්නේ?

මේ ව්‍යාපාර විවිධ ස්වරූප වලින් ක්‍රියාත්මක වෙනවා. සමාජ සේවා ආයතන ලෙස, භාණ්ඩ හා සේවා අලෙවි කරන ආයතන ලෙස

Saturday, January 10, 2015

ඔබ නැති රට අදුරුයි මැතිදුනි WE MISS YOU


ඔහොම හිනා වෙලා අපි දිහා බලන්න එපා..
අද උදේ ඉදන් අපට තාමත් බඩ ගිනි දැනෙන්නේ නැ..
ඊයේ ඉදන් නිදි නැ,, නිදි මත එන්නේ නැ,,
ඒත් තාමත් ඇස් වල කඳුළු,,
කඳුළු නතර වෙන්නේ නැ..

මහින්ද අප්පච්චි අපට තාමත් මතකයි ..
අපට අමතක වෙන්නේ නැ.. අමතක කරන්නෙත් නැ

Friday, January 9, 2015

සිංහල ජාතිය පරාජය වූ වග යි.......


නුබේ දහදිය නුබේ කදුලැලි
නුබේ ලේ සුවදයි පුතේ.......
නුබේ වීර්ය පාවා දුන්නේ
නුබේ එවුන්මයි සොයුරනේ........

ලේ විලක් උන මගේ මවු බිම
නසා පර සතුරන් එදා
එකලු කල බිම නුබේ හුස්මෙන්
යලිත් දස අත විසිරෙනා.....

 


අමන සින්හල කුහකයන් අද
පර දෙමල තම්බින් එක් වෙලා
නගයි ජයගොස අපේ හුස්මෙන්
පර සතුරො ජය පැන් බී මෙදා......

ලොවේ අපට තිබු එකම පින් බිම
දෙකඩ වෙන හැටි බල බලා
රකිමි මුනිවත මගේ ලක් අම්මේ
සාප ලත් මිනිසුන් නිසා...