Saturday, April 25, 2015

දින 100 යි, මගඩි ‍ගොඩයි...(ටොයියන් අනිවාර්යෙන් කියවන්න)

දින 100 තුළ යහපාලන වැඩ 100 ක්. කොහොමද බලන්නකො මේ වැඩ?
1. දහම් පාසල් ධර්මාචාර්ය විභාගය නතර කිරීම. ඒ අනුව ගුරුවරුන් බිහි නොවීමෙන් ඉදිරියේදී සමස්ත දහම් පාසල් පද්ධතියම අනතුරේ වැටීම.
2. පිරිවෙන් අධ්‍යාපනය සඳහා වෙන් කල මුදල් සියල්ල අනවශ්‍යවියදම් ලෙස කපා හැරීම.
3. පරන ගොඩනැගිල්ලක් ඉස්ලාම් කෞතුකාගාරයක් ලෙස කාත්තන්කුඩියේ කඩිනමින් විවෘත කිරීම. ඉතිහාසය විකෘති කරමින් පරාක්‍රමබාහු රජතුමාගේ ඇමති මණ්ඩලයේ මුස්ලීම් අය සිටි බව එහි දැක්වුවත් එය තහනම් කිරීමට පියවර නොගැනීම.
4. ශ්‍රී ලංකා ජාතික ගීය දෙමළ බසින් ගායනා කිරීමට අවසර දීම. ජාතික ගීය දෙමළෙන් ගැයුවාට වරදක් නැති බව හෙළ උරුමයත් පැවසීම.
5. ජාත්‍යන්තර කොටින්ගේ වෙබ් අඩවිය වන ටැමිල්නෙට් හි තහනම ඉවත් වීම. ඒ අතර දසකයකට අධිකව අප රටේ ජාතික ආරක්ෂාව ගැන තොරතුරු වාර්තා කළ කීර්ති වර්ණකුලසූරියගේ දිවයින ආරක්ෂක තීරුව ජනාධිපතිවරණයෙන් පසුව පිට පිට දෙවතාවක් වාරණය කිරීම.
6. දළදා මැදුරේදී සිංහලේ ජාතික කොඩිය මහ පාරට වීසි කිරීම.
7. දළදා මැදුර අසළ පාර අරියි, වාහන ඝෝෂාවෙන් දළදා මැදුර දෙදරයි.
8. සාම්පූර් කයිට්ස් ආදී උතුරේ හමුදා කඳවුරු ඉවත් කිරීම. (මේ එක කඳවුරක් රැක ගැනීම වෙනුවෙන් පමණක් අපේ ආදරණීය රණවිරුවන් 1000 කට වඩා ජීවිත පූජා කරලා තියෙනවා.)
9. ත්‍රිකුණාමල වරායේ ආරක්ෂක මර්මස්ථානයක් වන සාම්පූර් අධි ආරක්ෂක කලාපය ඉවත් කිරීම. ඊට අමතරව උතුරේ අධි ආරක්ෂිත කලාප වලින් අක්කර 1000 නිදහස් කිරීම සහ අද දිනයේ කංකසන්තුරේ සහ වලිකාමම් වලින් අක්කර 570 ක් නිදහස් කිරීම.
10. අල්ලා ගන්නා ලද ප්‍රබල මුහුදු කොටි නායිකාවක් වූ මුරුගේසු බහිරතීව නිදහස් කිරීම.
11. වසන්ත කරන්නාගොඩ සහ රොෂාන් ගුණතිලක සෙන්පතිවරුන්ව වැලිකඩ දමා ජම්පර් ඇන්දවීමට කටයුතු ඇරඹීම. එහි ආරම්භයක් ලෙස කරන්නාගොඩ විරුවාට මිනීමැරුම් චෝදනාත් රොෂාන් ගුණතිලක විරුවාට අනවසර හෝටලයක් චෝදනාත් ගොනු කිරීම.
12. "ෆීල්ඩ් මාර්ෂල් කම දෙන්න එයාලා මොනවද කළේ" කියමින් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාගේ බිරිඳ වන අනෝමා ෆොන්සේකා හිටපු නාවික සහ ගුවන් හමුදාපති වරුන්ට ගැරහීම.
13. කොටි පැරදූ නාවික වීරයා කමාන්ඩර් ඩී කේ පී දසනායක රණවිරුවාව සී අයි ඩී එකේ 4 වෙනි තට්ටුවෙන් ප්‍රශ්න කිරීම.
14. කොමාන්ඩෝ පුහුණුව ලැබූ දරුණු කොටින් රඳවා සිටි මැගසින් බන්ධනාගාරයේ ආරක්ෂාවට හිටි යුද හමුදාව ඉවත් කිරීම.
15. මුලතිව් වෙරළේ මියගිය කොටින්ට ඇමරිකන්