Wednesday, September 30, 2015

මහා රාවණා රජුගේ අවදිවීම

රාවනා චරිතය පිළිබදව විවිධ කථිකාවන් සිදුවන වර්තමානයේ අපි ඔබේ අවධානය ලෝකය වෙතට යොමු කරවන්න හිතුවා. එහි දී දැනගන්නට ලැබුණ කරුණු අනුව රාවනා චරිතය පිළිබදව ලෝකයේ ඇති උනන්දුව සහ ඔවුන් ඒ හරහා ගොඩනගන යම් යම් කාරනයන් පුදුම සහගතයි. ඒ අතරින්, ප්‍ර‍ධාන කොට ඉන්දියාවත්, ජපානය සහ ඇමරිකාව සිටිනවා.
රාවනා ඉතිහාසය ගැන සිංහලයන් වන අපට වඩා උනන්දුවක් කැපවීමක් ඉන්දියානුවන් තුල වීම පුදුම සහගතයි. පුරාවෘතය කුමක් වුවත් රාවනා නම් චරිතය යථාර්තයක් කරන්නට කළහැකි සෑම උත්සාහයක්ම ඉන්දියානුවන් දරනවා. ඔවුන්ගේ අවාසනාවට සාධක සියල්ල ලංකාව තුල වීම නිසා රාවනාගේ රාජධානිය බවට ඔවුන් පවා පිළිගන්නේ ලංකාපුරයයි. කරුණු එකින් එක ගෙනහැර දක්වමින් ඔවුන් එය ඔප්පු කරවනවා. ඉන්දීය ඉතිහාසය රාවනා හරහා ගොඩනගන්නට ඉන්දියානුවන් විසින් මෙතරම් වෙහෙසක් දරන්නේ ඊට වඩා බලගතු මෙන්ම ප්‍ර‍භල සාධකයක් ඔවුන් අහලකවත් නොමැති නිසයි. නමුත් ඒ හරහා නිරායාසයෙන්ම ලංකා රාජ්‍යයේ රාවනා අභිමානය මතුවෙනවා.
මේ අතර ඉතාමත් දියුණු ජාතියක්, රටක් වන ජපානය පවා රාවනා ඔවුන්ගේ දරුවන්ගේ මනසට ක්‍ර‍මාණුකූලව ඇතුලු කරවනවා. ඒ වෙනුවෙන් නිර්මාණය වූ පරිගණක ක්‍රීඩා ඊට උදාහරන දෙනවා. රාවනාගේ බල පරාක්‍ර‍මය එතුමාගේ විවිධ හැකියාවන් එහිදී ඔවුන්ට හදුනාගත හැකියි. රාවනා උද්‍යානයේ උමංමාර්ග, කදු හෙල් මිටියාවත් දිගේ යමින් සතුරන් පරාජය කරන

Tuesday, September 15, 2015

මෛත්‍රී බුදුන්ගේ පහල වීම පිළිබද අතිදුර්ලබ ලිපියක්


මෙම මහාභද්‍ර කල්පයේ පහල වන අවසාන සම්මා සම්බුදුරාජාණන් වහන්සේ වශයෙන් මෛත්‍රී බුදුරජාණන්ලොව පහල වන්නේ ය. භද්‍ර යනුවෙන් හඳුන්වන්නේ කාලපරිච්චේදයක උපරිම, උසස් ම යන අරුත යි. එක් භූමියක හෙවත් පෘථිවිතලයක පහලවිය හැකි බුදුවරු උපරිම සංඛ්‍යාව පස්නමකැ යි දේශනා කර තිබේ. එය භද්‍ර කල්පය නමින් හඳුන්වයි. ඒ අනුව මේ පෘථිවි තලයේ කකුසඳ, කෝණාගමන, කාශ්‍යප සහ ගෞතම නමින් සම්මා සම්බුදුවරු සිව්නමක් මේ වනවිටත් පහල වී පිරිනිවී අවසාන ය. පස්වන සහ අවසාන සම්මා සම්බුදුරාජාණන් වහන්සේ ලෙස මෛත්‍රී බුදුන් ලොව පහල වන්නේ ය. මෛත්‍රී බුදුන් ගේ පිරිනිවීමෙන් කලකට පසු මේ පෘථිවි තලය විනාශ වී නැවතත් බොහෝ කාලයක ඇවෑමෙන් නැවත පොළවක් සකස් වන්නේ ය. ඉන්පසු ඇරඹෙන්නේ නව කල්පයකි. එ ම කාලය තුළ නැවත කොපමණ කල්ප ප්‍රමාණයකින් නැවත බුදුවරයකු උපදී දැ යි කීමට අපහසු ය. හේතුව බුද්ධ ශුන්‍ය කල්ප ඉතා අධික වීම යි. )

මෛත්‍රී බුදුන් පහලවන කාලය

මෛත්‍රී බුදුන් පහල වීම සම්බන්ධයෙන් අප ගෞතම බුදුරජාණන් වහන්සේ බුද්ධවංශ දේශනාව අවසානයේ දී සැරියුත් මහරහතන් වහන්සේ ගේ අයැදීම මත අනාගත වංශ දේශනාව වදාළ සේක. ගෞතම බුද්ධ ශාසනය සම්පුර්ණ වශයෙන් ලොවින් අන්තර්ධාන වූ පසු ක්‍රමක්‍රමයෙන් මිනිසුන් ගේ පරිහාණිය වර්ධනය වේ. ඊට අනුරූප ව මිනිසුන් ගේ ආයුප්‍රමාණය ද, අඩුවෙමින් ගොස් අවසානයේ දසවර්ශය දක්වා පහත වැටෙන බව දේශනා කර ඇත. ඉන්පසු නැවත මිනිසුන් ගේ