Saturday, August 31, 2013

අප ඉතිහාසයේ නිවැරදි කතාව අප දැන ගත යුත්තේ ඇයි?

       
   ‍විජයාගමනයත් සමග සිදු වූ යැයි කියන හෙළ වංශ කතාවේ ආරම්භය මුලාවක් බව දැන් හෙළිවෙමින් පවතී.වසර 5000කටත් එහා අතීතයක් වෙත දිව යන ඒ හෙළ ඉතිහාසය ආරම්භවන්නේ අප යාබද රටක් වන ඉන්දියාවෙන් පවා එළවාදැමූ කාමුකයෙකූගෙන් නොවන බව අවබෝධ කර ගත යුතූය.විජය ඇතුලු 700ක් පිරිස ඉන්දියාවෙන් නෙරපා දැමුවේ ඔවුන්ගේ නොහොඹිනා හැසිරීම නිසාවෙනි.එවන් පුද්ගලයෙකුගෙන් හෙළවංශය ආරම්භවුවායැයි කීම විහිඑවක් නොවේද?
                                 මහාවංශය පවසන පරිදි විජය ඇතුඑ පිරිස ලංකාවට ගොඩබැසීමෙන් පසු දිවයින පරික්ෂාව සදහා විජය හැර වෙරලෙන් එහාට ගිය සියලුම දෙනා කුවේනිය විසින් පොකුණක සැගවූ බව කියයි.ඉන්පසු විජයට බිය වූ කුවේනිය ඒ සියල්ලන්ම නිදහස් කල බව කියවෙයි.නමුත් ‍‍මේ තුළ සිතිමට යමක් ඇත.විජය වැනිම 700ක් පමණ දෙනා කෙටි කාලයකදී කුවේනිය‍ට සිර කළ හැකිනම් එවන්අරැම පුදුම තැනැත්තියක් විජයට බියවුනා කීම හාස්‍යට කාරණාවකි.මේ තුලින් තවත් කරැණකුත් ඉස්මතුවේ.එනම් මහාවංශයට අනුව කපු කර්මාන්තය ලංකාවට පැමිණි බව සදහන් වෙන්නේ මිහිදු හිමිගේ වැඩම වීමත් සමග බවයි.ලංකාවේ මහාවංශය එසේ කීවත් ඉන්දියාවේ ප්‍රධාන ඉතිහාස මූලාශ්‍රයක් වන වාල්මිකීගේ රාමායනයේ සදහන් වෙන්නේ වසර 10000කට එහා අතීතයේදී ලංකාව රාවණා රජු යටතේ පාලනය වූ බවයි.මේ කාරණා වලින් ඉස්මතු වන්නේ යම් අදිසි හස්තයක බලපෑම මත ලංකාවේ සැබෑ ඉතිහාසය අපගෙන් වසන් කර අප ජාතියේ පැවති ඒ මහා ශේෂ්ඨ වංශ කතාව අපගෙන සගවා ඇති බව නොවේද?

රාවණා රජු ගැන හොයන්න අපේ කට්ටිය මේ දවස් වල මහන්සි වෙන නිසා මගේ ඊළග බ්ලොග් post එක රාවණා රජතුමා ගැන දාන්න හිතුනා..ඒකත් අනිව බලන්න..

මහන්සිවෙලයි ලිව්වෙ.පුඑවන් නම් පොඩියට commentටුවකුත් දාගෙනම යන්න...

Thursday, August 29, 2013

ආයු‍බෝවන්

      වසර 5000කටත් එහා අතීතයක් වෙත දිව යන හෙළ වංශ කතාවේ                        සැගවුණු යටගියාව සොයා යන
         බ්ලොග් අවකාශයේ චාරිකාව අප මෙසේ අරඹන්නෙමු