Thursday, December 25, 2014

ඡන්දයට පෙර අනිවාර්යයෙන් කියවන්න

ජනාධිපතිවරණ කඩඉම හා රටේ අනාගතය
විචාර බුද්ධියේ ජාතික තීන්දුවට පෙර වදනක්


ප‍්‍රවේශය එළඹෙන 2015 වසරේදී පැවැත්වීමට නියමිත මෙරට හත්වැනි ජනාධිපතිවරණයත් සමග අද වනවිට රට අතිශයින් සංකීර්ණ හා උද්වේගකර දේශපාලන අවස්ථාවකට මුහුණ දී තිබේ. පසුගිය කාලය පුරාම දේශපාලන කරළිය උනුසුම් වූයේ මේ ජනාධිපතිවරණය හමුවේ විවිධ පාර්ශවයන් විසින් ගනු ලබන තීන්දු තීරණ පිළිබද පුවත් හා වහ වහා වෙනස් වන සුළු සිද්ධි මාලාවන් ඔස්සේය. ඇත්තෙන්ම මෙවර ජනාධිපතිවරණය මීට පෙර පැවති ජනාධිපතිවරණවලට වඩා සංකීර්ණ එකක් වීමට බලපෑ හේතු ප‍්‍රමාණයක් තිබේ. මෙවර ජනාධිපතිවරණයට අදාල පිල් බෙදීම හරයෙන් වෙනසක් වී නැතත් එහි මතුපිට ඇතිවී තිබෙන වෙනස්කම්ද මේ සංකීර්ණත්වයට එක් හේතුවකි. එසේම වත්මන් ආණ්ඩුවේ වැරදි අඩුපාඩු හේතුවෙන් ඒ පිළිබඳ රටේ ජනතාව තුළ කිසියම් අතෘප්තිකර හැගීමක් ඇතිවී තිබීම මෙන්ම, විරුද්ධ පක්ෂ ව්‍යාපාරය පිළිබඳ විශාල මහජන විශ්වාසයක් නොතිබීමද මේ සංකීර්ණත්වයට තවත් හේතුවකි. ඒ තත්ත්වය තුළ මේ දෙකෙන් කුමන පාර්ශවය තෝරාගත යුතුද යන ගැටළුව විචාරශීලීව කල්පනා කරන ඕනෑම ඡන්දදායකයකු තුළ ඇතිවිය හැකිය. එසේ වුවද ජනාධිපතිවරණයක් යනු කැමැත්තෙන් හෝ අකමැත්තෙන් එක පැත්තක් ගැනීමට සිදුවන තීරණාත්මක දේශපාලන අවස්ථාවකි. එහිදී පාර්ශවීය තීරණයක් මිස සංකීර්ණ තෝරාගැනීම් රැසක් ගැන සිතීමට කිසිවකුට ඉඩහසරක් නැත. එහෙත් මේ පාර්ශවීය තීරණය ගැනීමේදී රටේ පවතින දේශපාලන චිත‍්‍රය සමස්ථයක් ලෙස හා මැදහත්ව විමසා බැලීම විචාරශීලී ජන්දදායකයා සතු වගකීමක් බව නොකිව මනාය. මේ ලියවිල්ල සැලකිය හැක්කේ හුදු පුද්ගලයකු දිනවීමේ වුවමනාව මත සකස් වන්නකට වඩා, මෙවර ජනාධිපතිවරණය රටේ ඉදිරි අනාගතය කෙරේ බලපෑ හැකි ආකාරයත්, ඒ අභියෝගාත්මක පරීක්ෂණය හමුවේ ජාතියක් ලෙස

Saturday, December 6, 2014

ලොකු බඩ අඩු කරගන්න හැටි...

අද අපි කතා කරන්න යන්නේ අපේ බ්ලොග් එකට අදාල දෙයක් නම් නෙවෙයි.අපි බොහෝදෙනෙකුට බලපාල තියෙන එහෙම නැතිනම් අනාගතයේදී බලපාන්න පුළුවන් සමාජයේ විවිධ මිනිසුන් දිහා බලන විට හොඳින් පෙනෙන, ඇසට පුරුදු රෝග තත්ත්වයක් ගැනයි. ලොකු “බඩක්” ඒ කියන්නේ මහත උදර ප්‍රදේශයක් තියෙන සමහරවිට පරීක්ෂා කර තියෙනවා නම් ලේවල සීනි “ටිකක් විතර” කොලෙස්ටරෝල් “ටිකක් විතර”, අධික රුධිර පීඩනය ටිකක් විතර තියෙන පුද්ගලයන් අපිට බොහෝවිට මුණ ගැසෙනවා. නමුත් මේක රෝග තත්ත්වයක් විදියට සලකන්නේ ටික දෙනෙක් විතරයි.

අවාසනාවට මේ තත්ත්වය තමන්ගේ රැකියාවේ, පෞරුෂයේ එහෙම නැතිනම් පරම්පරාව හෙවත් ආරයේ හැටි ලෙස සලකා සම්පූර්ණයෙන්ම නොසලකා හැරෙනවා. මේක ඇත්තටම රෝග තත්ත්වයක්. මෙය Metabolic Syndrome ලෙස නම් කෙරෙනවා.

Metabolic Syndrome කියන නමේ තේරුම නම් “ජීව රසායනික ක්‍රියාවන්ගේ ගැටලු නිසා ඇතිවන රෝග තත්ත්වය” යන්නයි. මේ වචන ඔබට ටිකක් අපහසුතාවක් ඇති කළත්, එම රෝගයේ අන්තර්ගතය තේරුම් ගන්න නම් එතරම් අපහසු නැහැ.

ඇත්තටම සමාජයේ මේ රෝග තත්ත්වය කෙතරම් බහුල ද කියනවා නම්, එය “රෝග තත්ත්වයක්” ලෙස අපට පෙනෙන්නේ නැහැ. ඒ කියන්නේ සාමාන්‍ය තත්ත්වයක් ලෙසට එය භාර ගැනීමට තරම් අපි හැඩගැහිලා කිව්වොත් නිවැරදියි.

ඒ නිසාම මෙම රෝගයට ප්‍රතිකාර කිරීම හෝ පිළියම් යෙදීම දිනෙන් දිනම අතපසු කරනවා විතරක් නොවෙයි, රෝගයේ සංකූලතා ලෙස අංශභාගය, හෘදයාබාධ හෝ දියවැඩියාව සෑදුණු විට ප්‍රතිකාර ඉතා සංකීර්ණ හා කාලය, ධනය වැයවන ඒවා වනවා. ඒ විතරක් නොවෙයි “මරණය” හෝ ජීවිතයේ ගුණාත්මක බව නැති කිරීම ද සිදුවෙනවා.

මෙම රෝග තත්ත්වය හඳුනා ගන්නා ආකාරය ගැන විමසා බලමු. පළමුවෙන් කියන්න ඕන මේ රෝග තත්ත්වය තීරණය කරන ආකාරය ගැන විවිධ වෛද්‍යවරුන් හා ලෝක සෞඛ්‍ය සංවිධානය වැනි සෞඛ්‍ය ආයතන විවිධ අර්ථකථන ලබා දෙනවා. නමුත් පාඨක ඔබගේ පහසුව

Saturday, September 20, 2014

මතින් තොර රටක් උදෙසා

ශ්‍රී ලංකාව පිහිටා තිබෙන්නේ රනින් නම් කරවන ලද රටවල් කිහිපයකට මැදිව ය. රන් ත‍්‍රිකෝණය නම් වූ තායිලන්තය, බුරුමය හා ලා ඕසයත්, රන් චන්ද්‍රවංකය නම් වූ ඉරානය, ඇෆ්ගනිස්ථානය හා පාකිස්ථානයත් අප රටට නුදුරින් පිහිටි අසල්වැසි රාජ්‍යයන් ය. මේ අසල්වැසි භාවය ම අද වනවිට අපට පාරාවළල්ලක් වී ඇත.

එ් රටවල් එසේ නම් කෙරුණේ ලෝකයේ වැඩිම මත්කුඩු නිෂ්පාදනයත්, ප‍්‍රවාහනයත් මේ රටවල් කේන්ද්‍ර කොටගෙන සිදුවන නිසාවෙනි. ඔවුන්ට අසල්වැසියන් වූ නිසා ම ලෝකයේ මත්කුඩු ජාවාරම්කරුවන්ගේ තිප්පොළක් බවට පත්වන්නට අපට සිදුව ඇත.

පසුගිය දින කිහිපය පුරාවට ම රටේ නොයෙක් ප‍්‍රදේශයන්ගෙන් අසන්නට ලැබුණේ මත්කුඩු සම්බන්ධ වැටලීම් පිළිබඳවයි. ධනවතුන් ද දුප්පතුන් ද උගතුන් ද නූගතුන් ද ළමයින් ද තරුණයන් ද වැඩිහිටියන් ද මත්කුඩු ළඟ තබා ගැනීම නිසාවෙන් අත්අඩංගුවට ගැනෙන අවස්ථා එන්න එන්න ම සුලබ වනවා මිස අඩුවක් පෙනෙන්නේ නැත. ශ්‍රී ලංකාවේ පොලිස් කොට්ඨාශ 43න් ම මත්කුඩු සම්බන්ධ අත් අඩංගුවට ගැනීම් සිදු කර තිබේ. එනම් මේ උවදුර රට පුරා ම ව්‍යාප්ත වූවකි.

අප රටේ මත්කුඩු නිපදවෙන්නේ නැත. එහෙත් 2011 වසරේ අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ වාර්තාවන්ට අනුව අප රටේ වීදි මට්ටමින් මත්කුඩු භාවිත කරන්නන් වෙනුවෙන් දිනකට මත්කුඩු කිලෝ 02ක් භාවිත වී ඇත. 2014 වනවිට මේ අගය තවත් ඉහළට පැමිණ ඇති බව නිසැක ය. අප පමණක් නොව

Saturday, August 30, 2014

ලොවක් දිනූ ශ්‍රී ලාංකිකයා - නන්දන ලොකුවිතාන



අගෝස්තු 06 වැනිදා 18-25 පැයට අප රැගත් ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ.එල්. 225 යානය ඩුබායි අන්තර්ජාතික ගුවන්තොට කරා ගමන් ඇරැඹුවේය.ශ්‍රී ලංකාවේ මාධ්‍ය කණ්ඩායමකට ඩුබායි රටට පැමිණෙන ලෙස ආරාධනාව ලැබුණේ ඔරුවල වානේ සංස්ථාව මඟිනි. ඒ ඇරයුම තුළ මහා අසිරිසිරියක්, ගැඹුරක්, චමත්කාරයක් තිබුණේය.

විදේශයක පිහිටි තරු පහේ සුපිරි හෝටලයක් හිමිකරගත් ප්‍රථම ශ්‍රී ලාංකික සිංහල බෞද්ධයාගේ ඇරයුමෙන් අපි ඩුබායි දේශයට රාත්‍රි 10.15ට පමණ පා තැබුවෙමු. ආගමන විගමන කටයුතුවලින් බැහැරව ඉතා කෙටි කාලයක ගමනකින් පසු අප සිටියේ ඩුබායි නගරයේ මැරියට් අල් ජඩාෆ් සුවිසල් තරු පහේ හෝටලය අබියස. නිරතුරු ළගන්නා සිනාවකින් මුව සරසාගෙන සිටිනා ආගන්තුක සත්කාර ප්‍රධානී බ්‍රයන් ඩිසූසා අපව පිළිගත්තේ ගෞරව පෙරදැරිවය.

ඔහුගේ ආගන්තුක සත්කාරයෙන් අපගේ විඩා සරතැස දාහය නිවී ගියේය. එසේ 'විඩා දාහය' යනුවෙන් වචන භාවිතයට හේතුවක් තිබිණි. අපි ඩුබායි රටට පා තබනා එදවස එරට උෂ්ණත්වය සෙන්ටිගේ‍ර්ඩ් අංශකය 42කි. ආර්ද්‍රතාව සෙන්ටිගේ‍ර්ඩ් 92කි. විඩා දාහයේ තරම කෙසේ විණිදැයි ඔබට සිතාගත හැකිවනු ඇත.

මැරියට් (Marriott) තරු පන්ති හෝටල සමූහ ව්‍යාපාරයට රටවල් 60ක හෝටල 500ක් අයත්ය. ඒ ඒ රටවල (Marriott) වෙළෙඳ නාමය ඔස්සේ පවත්වාගෙන යයි. ඒ අතරින් ඩුබායි හි මැරියට් අල් ජඩාෆ් තරු පහේ හෝටලය ශ්‍රී ලාංකිකයන්ට සුවිශේෂය.



ශ්‍රී ලාංකික ධජය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගුවනේ ලෙළදෙන ස්ථාන දෙකකි. එක් ස්ථානයක් වනුයේ එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයයි. අනෙක් ස්ථානය ඩුබායි මැරියට් අල්ජඩාෆ් තරු පහේ හෝටලයයි.

මැරියට් හෝටලය පිහිටා ඇත්තේ ෂෙයික් මොහොමඩ් බින් රෂිඩ් අල් මක්කුම් නම් වූ රජතුමාගේ මාලිගය සමීපයේය. ඩුබායි මෝල් (Bubai Mall) ඩුබායි ගෝල්ඩ් සුක් (Dubai Gold Souaq) බර්ජ් කලීෆා ලෝකයේ උසම ගොඩනැඟිල්ල

Monday, August 25, 2014

ලොවම මවිත කල පිරිතේ බලය

හිත සධිගත කරවන අපූරු සංවේදී මිහිරි නාදයක්‌ ඒ හඬට මුසුවෙලා තියෙන නිසා. හරියට සොබා දහමේ රහසක්‌ කියනවා වගේ. ඇත්තටම මේ ගලා බසින දිය දහරාවට එහෙමත් නැතිනම් කඩා හැලෙන දිය ඇල්ලකට සොබා දහමේ රහස්‌ ස`ගවා ගෙන ඉන්න පුළුවන්ද...? ඔව්.... ඇත්තෙන්ම පුළුවන්. ගලා බසින ගංගාව, කඩා හැලෙන දිය ඇල්ල විතරක්‌ නෙමෙයි, ඔබේ අතේ තියෙන වතුර වීදුරුව පවා මේ අනන්ත අප්‍රමාණ වූ විශ්වයේ අපූරු රහස්‌ රැසක්‌ම ස`ගවා ගෙන ඉන්නවා. ඒ රහස්‌ හඳුනාගන්නට හැකිවුණොත් මවිත වේවි ඔබ නිසැකයෙන්ම.
පෙණ කැටි විසුරවමින් හිමිහිට ගලා බසින දිය පහරක හඬ අහගෙන ඉන්න අප බොහොම දෙනෙක්‌ කැමතියි. ඒකට හේතුවක්‌ තියෙනවා. ඒ සිත සම
ඒ අපූරු රහස්‌ එළි කරන්නට ජපන් ජාතික පර්යේෂකයෙක්‌ ඉදිරිපත් වෙලා ඉන්නවා. ඔහු නමින් ආචාර්ය මසාරු ඉමටෝ (Dr' Masaru Emoto). මිනිසුන්ගේ සිතුම් පැතුම් අනුව ජල අණු වල ස්‌වභාවය වෙනස්‌ කරන්නට පුළුවන් බව අපූරු පර්යේෂණ ගණනාවක්‌ මගින් ලොවට ඔප්පු කර පෙන්වන්නට ඔහු සමත් වුණා. ඔහුගේ පර්යේෂණ ක්‍රමවේදය සම්මත විද්‍යාත්මක න්‍යායන්ට අනුව සිදු නොවුණත් ඔහු විසින් සිය පර්යේෂණ දත්ත ඇතුළත් කරමින් ප්‍රකාශයට පත් කරන ලද The Hidden Massages in Water (ජලයේ සැඟවුණු රහස්‌) නම් කෘතිය මුළු විද්‍යාත්මක ලෝකයේම ඇස්‌ අරවන කෘතියක්‌ බවට පත් වී හමාරයි. මේ නිසාම ඔහුගේ පර්යේෂණ දත්තයන්ට විද්‍යාත්මක ලෝකයේ පිළිගැනීම මේ වනවිට නිතැතින්ම හිමි වී තිබෙනවා.
ආචාර්ය මසාරුගේ පර්යේෂණයකින්ම අපි මේ කතාව පටන් ගනිමු.
ජපානයේ ෆුජිවාරා (Fujiwara) වේල්ල මේ කියන කාලයේ, ඒ කියන්නේ 1995 වසරේ දී ඒ තරම්ම පිරිසිදු මට්‌ටමක නෙමෙයි තිබුණේ. ඒත් ආචාර්ය මසාරුගේ සුප්‍රකට පර්යේෂණයකට මුල් වුණේ මේ ෆුජිවාරා වේල්ලයි. ෆුජිවාරාහි ජල සාම්පලයක්‌ අධික සිසිලසකට ලක්‌කොට අධි තාක්‌ෂණික කැමරාවකින් රූප රාමුවකට ගත්ත ආචාර්ය මසාරුට දකින්න ලැබුණේ අපිරිසිදු නොපැහැදිලි ජල අණුවක රූපයක්‌. ඉන්පසුව ඔහු මේ වේල්ලේ ඇති ජලයට සෙන් බෞදධ හිමිවරයකුගේ මුවින් සූත්‍ර සඡ්ජායනාවක්‌ ඇසෙන්නට සැලැස්‌සුවා. සූත්‍ර සඡ්ජායනයෙන් පස්‌සේ වේල්ලෙන් ගත්ත ජල සාම්පලයක්‌ පෙර පරිදිම අධික සිසිලසකට බ`දුන්කොට අධි තාක්‌ෂණික කැමරාවෙන් රූප රාමුවට නැගුණා. ප්‍රතිඵලය වුණේ හැමදෙනාම අතිශයින්ම මවිත කරවන සුලු වූවක්‌. පෙරදී දුටු අපැහැදිලි අපිරිසිදු ජල අණුව වෙනුවට මෙවර දකින්නට ලැබුණේ අතිශයින්ම පිරිසිදු හා පැහැදිලි දිලිසෙන ජල අණුවක රූපයක්‌. මේ ප්‍රතිඵලය කොයි තරම් පෙරළිකාර සිදුවීමක්‌ වුණා ද කියනවා නම් ඔහු මේ පදනමේ ඉ`දන් පර්යේෂණ මාලාවක්‌ම ඉන්පස්‌සේ සිදු කළා.
සම්භාව්‍යය සංගීත රාවය මෙන්ම ගොරහැඩි නාද එකම ජල සාම්පලයකට අසන්නට සලස්‌වා පෙර ආකාරයෙන්ම

Tuesday, July 29, 2014

ජීවිතේ ලස්සනයි...අනිවාර්යෙන් කියවන්න

ගන්න ගන්න අපෙනුත් ගන්න මල්........
අනේ මහත්තයා නෝනා අපෙනුත් මල් ගන්නකෝ...

         සමහර විට මේ වචන පේළි 2ක අහපු නැති කෙනෙක් මේ සිරිලක් දේශයේ නැතුව අැති.කිරි වෙහෙර වදින්න ගිය ඔයාට මේක අලුත් අත්දැකීමක් නෙවෙයි.සමහර විට ඒ මිනිස්සුන්ගෙ මේ වචන සන්සුන් හිතින් බුදුන් වදින්න යන ඔයාට හිසරදයක් වගේ දැනෙන් නැති.ඒත් ඔයා දන්නෑ මේ වචන වල කොයිතරම් නම් ගැඹුරු දෙයක් තියෙනවාද කියල.සමහර විට ඒ මලකට ඔයා දෙන රු 20 වටිනාකම ඒ මලේ නැතුව අැති.ඒත් ඒ දෙන පොඩි මුදලෙන් පුංචි පැටව් දෙන්නෙක් ඉන්න අසරණ පවුලක් ඒක වේලක් හරි බත් කටක් කනව කියල ඔයාට හිතන්න පුලුවන් නම් ඒ මල් බුදුන්ට පූජා කරාම දැනෙනවාටත් වඩා සතුටක් ඔයාට දැනේවි.

                    අපි ට්‍රිප් ඵකක් ඵහෙම යද්දි පාර අයිනෙ පොඩි ලෑලි කැල්ලක් දාගෙන පළතුරු ටිකක්, ඵළවලු මිටියක් දාගෙන ඉන්න මිනිස්සු කොයිතරම් නම් අපිට හම්බ වෙනව ද.ඒ වගේ ගමනක් යද්දි ඔයා සිගරට් , අරක්කු බියර් වගේ ඒවට කොයිතරම් නම් නම් වියදම් කරනවද.ඒ සල්ලි වලින් පොඩි ගානක් හරි වියදම් කරල අර අසරණ මනුස්සයෙක් ගෙන් හොද අඹ ගෙඩියක් , ගස්ලබු ගෙඩියක් ගත්ත නම් ඔයාගෙ ජිවිතේ විතරක් නෙවෙයි අර මිනිස්සුන්ගෙ ජිවිතත් හුගක් ලස්සන වේවි.

               අැගට පොඩි හයියක් ගන්න රු 300ක් වියදම් කරල බොරුවට රෙඩ්බුල් ඵකක් බොන ඔයා පාර අයිනෙ පොඩි ලෑලි කැල්ලක තියාගෙන තැඹිළි කපල විකුණන අර වයසක තාත්තගෙන් රු 30ක් දීල තැඹිලි ගෙඩියක් කපාගෙන බිව්ව නම් ඔයාට අැගට හයිය විතරක් නෙවෙයි අර මනුස්සයාගෙ හිනාව දැකල හිතටත් ලොකු සතුටක් අැති වේවි.

අපේ ජිවිත හුගක් සරලයි.අපිමයි බලෙන්ම ඒක සංකීර්ණ කරන් ඉන්නෙ

සංජය

Monday, July 14, 2014

ධාතු පරිනිර්වාණය

බුදුරජාණන් වහන්සේට පරිනිර්වාණ තුනක් ඇත. ක්ලේශ පරිනිර්වාණය, ස්කන්‍ධ පරිනිර්වාණය, ධාතු පරිනිර්වාණය යනු එම පරිනිර්වාණ තුන යි. අප බුදුරදුන් ගේ ක්ලේශ පරිනිර්වාණය ගයාවේ ජය ශ්‍රී මහා බෝධි මූලයේ දී සිදුවිය. ස්කන්‍ධ පරිනිර්වාණය කුසිනාරා නුවර මල්ල, රජ දරුවන් ගේ උපවත්තන සල් වනයේ දී සිදුවිය. ධාතු පරිනිර්වාණය අනාගතයේ දී සිදු වෙයි. එය කෙසේ සිදුවේ ද?

ගෞතම බුදුසසුනට වසර පන්දහසක් කල් සම්පුර්ණ වූ කල්හි වෙසක් පුර පසළොස්වක පොහෝ දින ලංකාවේ මයියංගනය, මැදිරිගිරිය, කැලණිය, දීඝවාපිය, සේරුවිල , ගිරිහඬු සෑය, ජේතවනය, අභයගිරිය, ථූපාරාමය ආදී බොහෝ ස්තූපයන්හි වැඩ සිටින සර්වඥ ධාතුන් වහන්සේලා අහසට පැන නැගී අනුරාධපුර රුවන්වැලි මහා සෑයේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා වැඩ සිටින ස්ථානයට එක් රැස් වෙති. ධාතු නිදන් කළ දිනයේ පටන් ඒ දක්වා ධාතු ගර්භය තුළ දැල්වෙමින් පැවති සිංහ තෙල් පහන් එදින නිවී යයි.

එකල්හි රුවන්වැලි මහා සෑයේ ධාතු ගර්භයට රැස් වූ ඒ සියලු ම සර්වඥ ධාතුන් වහන්සේලා අහසට පැන නැගී එක නූලක අමුණන ලද මුතු ඇට පෙළක් මෙන් නාගදීපයේ රාජායතන චෛත්‍යය වෙත වැඩම කර අප බුදුරදුන් දෙවැනි වරට ලක්දිවට වැඩම කළ අවස්ථාවේ වැඩ හිඳ නාගයින්ට දහම් දෙසූ මැණික් පුටුව මත තැන්පත් වෙති.

එහි දී අප්‍රමාණ දිව්‍ය නාගයින් ගේ මහත් වූ වන්දනා පුද සත්කාර ලබන සර්වඥ ධාතුන් වහන්සේලා මැණික් පුටුවත් සමගින් ම අහසට පැන නැගී දඹදිව ගයාවේ ජය ශ්‍රී මහා බෝධි මූලයට වැඩම කරති.

එකල්හි දඹදිව හා ලෝකයේ තව බොහෝ රටවල්වල වැඩ සිටින සර්වඥ ධාතුන් වහන්සේලා ද දිව්‍ය ලෝකයන්හි බ්‍රහ්ම ලෝකයන්හි නාග ලෝකයන්හි වැඩ සිටින සර්වඥ ධාතුන් වහන්සේලා ද

Sunday, June 15, 2014

මනුසත්වය වෙනුවෙන් ඔ‍බේ සහයෝගයත් ඔහුට ලබා දෙන්න

මං අද අපේ ගමේ ගෙදරක ඉන්න එළුවෝ ටිකක් බලන්න ගියා. අපි තව ටික දිනකින් ගවයින්, එළුවන් ඇතුළු සතුන් 1000ක් අහසට, පොළොවට, මුහුදට නිදහස් කරනවා/මුදා හරිනවා. මං අද මේ සත්තු බලන්න ගියේ ඇත්තටම හදවතට දැනෙන හැගීම් මොනවද කියලා බලන්න. මට හිතාගන්න බෑ මේ වගේ සත්තු කොහොම මරනවද කියලා. මං පුංචි එළු පැටියෙක්ව පපුවට තුරුල් කරගත්තාහම කියාගන්න බැරි හැගීමක් දැනුනේ. අනේ මේ රටේ සත්ව හිංසාව, ඝාතනය සම්පූර්ණයෙන්ම නවත්වන්න පුළුවන්නම්.
එකතුවෙන්න මාත් එක්ක.... උදව් කරන්න මට. මං අවශ්‍ය පියවර ගන්නම් මට හැකි අයුරින්...
එක් සතෙක් හෝ බේරගන්න දායකත්වය ලබාදෙන්න කැමතිනම් ඔබට තව
දින කිහිපයක් තියේ ඒ සත් කර්තව්‍යයට දායක වන්න...
ජීවදාන | 1000Likes, 1000Lives
සතුන් 1000ට ජීවිත දානය දෙමු, නිදහස් කරමු...
බේරගන්න කැමතිනම් පමණක් JOIN වෙන්නhttps://www.facebook.com/events/671108332925378/
අපගේ සමාජ සත්කාර ෆේස්බුක් පිටුවට [https://www.facebook.com/B.H.EdirisooriyaFoundation] ලයික් 1000ක් ලැබීම සැමරිම වෙනුවෙන් අප මේ සත්කාරය කරන්න බලාපොරොත්තු වෙනවා...
එක සතෙක් හරි බේරගන්න දායකත්වය දෙන්න කැමතිද?
An Idea By Danesh Maduranga Edirisooriya
SamajaSathkara in Collaboration with Dr. Ishani Kodikara
[Who is Danesh? Explore more : http://goo.gl/UDsSpO]
[Want to be a friend of him? Add :https://www.facebook.com/Daneshmaduranga]
ෆේස්බුක් මිතුරන්ගේ එකතුවෙන් සිදු කරන්නාවූ සත්කාරයකි...
A Project of B.H. Edirisooriya Community Service Foundation
[https://www.facebook.com/B.H.EdirisooriyaFoundation]

Sunday, June 1, 2014

මනුෂ්‍යත්වය වෙනුවෙන් ඔබත් එක් වන්න.......

~Volunteer of the Week - SamajaSathkara~
The Most Dedicated Volunteer - May 4th Week 2014 : Eranda Narampanawa
මූල්‍යමය දායකත්වයෙන් අපත් සමග ප‍්‍රථමයෙන්ම එකතු වූ එරන්ද අප හඳුනාගත්තේ ෆේස්බුක් හරහායි. ‘‘ගමටම තෑගි’’ වැඩසටහනේ ඇසුරුම් දෙදින තුළදී ඔහු දැක්වූ කැපවීම වචනයෙන් අගය කල නොහැකිය.
ඔහුගේ ඒ ක‍්‍රියාශීලී භාවයත් එක්ක හැමදාමත් සෙනෙහසින් අපිත් එක්ක ඉන්න එක
අපට විශාල ශක්තියක්...

Eranda Narampanawa : https://www.facebook.com/eranda.narampanawa

See more VOLUNTEERS @https://www.facebook.com/events/297505113738340/

අපි Team සමාජසත්කාර | Api Team SamajaSathkara

An idea by Danesh Maduranga Edirisooriya

[Who is Danesh? Explore more : http://goo.gl/UDsSpO]
[Want to be a friend of him? Add :https://www.facebook.com/Daneshmaduranga]

ෆේස්බුක් මිතුරන්ගේ එකතුවෙන් සිදු කරන්නාවූ සත්කාරයකි...

Visit : http://www.samajasathkara.lk/
A Project of B.H. Edirisooriya Community Service Foundation

Saturday, May 10, 2014

ජාතියේ පිනට පහළ වූ සේක.....


ගලගොඩඅත්තේ ඥාණසාර ස්වාමීන් වහන්සේ, ලක්දිව සිංහල බෞද්ධයන්ව මනා සංවිධාන ශක්තියකින් යුතුව නිසි මඟ පෙළ ගස්වන සංඝ පීතෲවරයෙකි. සැබෑ ජීවිතයේදී බෙහෙවින් ශාන්ත භික්ෂූන් වහන්සේ නමක් වුවද, ටිකක් තදින් කතා කරන්නේ, වර්තමාන නිවට දීන සමාජයේ පිළිල සේ ඔඩු දුවා සිටින කෛරාටිකයින්ගේ පර වාද මර්දනය කිරීමට එසේ නොකර බැරි නිසාවෙනි.

උන්වහන්සේ කෙළින්ම තිත්ත ඇත්ත හුරතල් කිරීම් වලින් තොරව සමාජයට දෙන නිසාත්, විවේචනය කළ යුතු අයව මූණටම විවේචනය කරන නිසාත්, ඒ නිසාම ශාසන භක්ෂකයින්ගේ අරමුණු දියවී යන නිසාත්, උන්වහන්සේට එරෙහිව බිහිසුණු සයිබර් ප්‍රහාරයක් දියත් වෙමින් පවතී. මේ සෝම හිමියන්ට දුන් ප්‍රහාරයේම දෙවැනි ඉණිමයි. මෙහි අවසානයට ඝාතන ප්‍රයත්නයක් වුවද එක්විය හැක.

විවිධ වෙස් ගත් නිගණ්ඨයන් සහ චිංචි මානවිකාවන් උන්වහන්සේගේ වාග් විලාශයද අලලා කරන නිගරුවන්ගේ කෙළවරක් නැත. උන්වහන්සේට පහර දෙන්නටම කැපවූ බ්ලොග් අඩවි පවා බිහිව ඇත. 



සිංහල බෞද්ධයෙනි! එකක් ඇත! නුඹලාගේ වාසනාවට

Wednesday, May 7, 2014

බුදු බව පතනා ආනන්ද මෛත්‍රිය හිමි

බලංගොඩ ආනන්ද මෛත්‍රිය හාමුදුරුවෝ ගැන නොදන්නා කෙනෙක් මේ ලංකාවේ ඉන්න බෑ නෙ.අත දරුවොයි පොඩි බබාලයි ඇරෙන්න.ඉතින් බලංගොඩ හාමුදුරුවන්ගේ ජීවිතය ගැන උන්වහන්සේගේම වචන වලින් කියවුන දේවල් වලින් ලියවුන පොතක් තියෙනවා.මේ තියෙන්නේ ඒ පොත.

මේ පොත හරිම රසවත්.එක හුස්මට කියවන් යන්න තරම් රසවත්.අපිට පෙනෙන වගේම නොපෙනෙන ලෝකය ගැනත් අලුත් විදිහට හිතන්න ඕනි කියලා හිතන්න පොළඹවන පොතක්.මේ පොතේ අටවෙනි පරිච්ජේදය තමයි "පැරණි බණ පොතේ මාර කථාව මා පිළිගන්නවා" කියන්නේ.

මාරයා කියන්නෙත් අපි හොඳට දන්න කියන කෙනෙක්නෙ.ඉතින් එයා කවුද කියලා විස්තර කරන්න යන්නේ නෑ මම.සමහරු කියනවා මේ මාරයා කියන්නේ කෙලෙස් වලට කියලා.ඒත් බලංගොඩ හාමුදුරුවෝ කියන්නේ මාරයා කියන්නේ පුද්ගලයෙක්.වඩා නිවැරදිව කිව්වොත් මිත්‍යා දෘෂ්ටික දෙවියෙක්.

හාමුදුරුවෝ කියන විදිහට එදා ඉන්දියාවේ බුදු දහම විනාශ කිරීමට මිත්‍යාදෘෂ්ටික පක්ෂ වලට සහය දුන්නේ මේ මාරයා.අපි බණ කතා වල අහලා තියෙනවා සිදුහත් කුමාරයා බුදු වෙන්න කලින් වගේම බුදු බවට පත් වුනාට පසුවත් මේ මාරයා උන්වන්සේ හමුවෙන්න ඇවිත් උන්වහන්සේගේ අරමුණ වෙනස් කරන්න උත්සහ කළා කියලා.නමුත් බුදු හාමුදුරුවන්ගේ අසම සම ඥානය නිසා උන් වහන්සේගේ අරමුණ වෙනස් කරන්න මාරයට පුළුවන් වුනේ නෑ.

හාමුදුරුවෝ මෙහෙම කියනවා.

"බුදු හාමුදුරුවන්ගෙන් පස්සේ,සංඝයා බොහොම අමාරුවෙන් ශාසනය ආරක්ෂා කරගන්න උත්සාහ කළා.නමුත් නොයෙක් භේද ඇති වුනා.ඒත් ඒවාට මුහුණ දෙමින් බොහෝ දුරට ථෙරවාදී සංඝයා කටයුතු කලත් උතුරේ(ඉන්දියාවේ) ථෙරවාදය නැති වෙන තැනට කටයුතු සිද්ධ වුනා.මහායානය බලවත් වුනා.මේවාට මුල් වුනේ මාරයා කියන එකයි මගේ විශ්වාසය.අන්තිමට මුසල්මානුවන් ලවා බුද්ධාගම සම්පූර්ණයෙන්ම විනාශ කෙරෙව්වා..."

දැන් තමයි වැදගත්ම කොටස.මට ඉස්මතු කරන්න ඕනි වුනෙත්

Wednesday, March 26, 2014

රාමායනය ර‍ාවණාව දුෂ්ඨයෙක් කලේ ඇයි?

ලංකේෂ්වර රාවණයන් පිළිබඳ කතිකාවතක් නැවත සමාජය පුරා මතුවී තිබේ. එම කතන්දරවල සත්‍ය අසත්‍යතාවය සොයන්නට අපි උත්සාහ නොකරන්නේ එසේ හෝ රාවණ පිළිබඳ නැවත කියවාබැලීමක් සිදුවිය යුතුම නිසාය. අතීතයේ වැළලී තිබූ ශ්‍රේෂ්ට මිනිසකුගේ මළසිරුර යළිත් ගොඩගෙන පශ්චාත් මරණ පරීක්ෂණයක් කිරීමට අපි උත්සාහ දරමු. එයට හේතුව මෙම මරණය අභිරහසක් වූ නිසා පමණක් නොව ශ්‍රේෂ්ට ජාතියක අභිමානය එමගින් යළිත් ලෝකයට හඬගා පවසන හෙයිනි. අදින් වසර 6000කට පමණ පෙර මෙරට විසූ මෙම ශ්‍රේෂ්ට මිනිසා නමින් මහා රාවණ ය. රාවණගේ යුගය පිළිබඳව මෙරට ලිඛිත ඉතිහාසයේ වැඩි යමක් සඳහන්ව නැතත් ඉන්දියානු ඉතිහාසයේ ඔහු පිළිබඳව දීර්ඝ විස්තරයක් කිරීමට තරම් වාල්මිකී කරුණාවන්ත වීම එක්තරා භාග්‍යයකි. එහෙත් වාල්මිකී විසින් ලියන ලද රාමායනයේ රාවණ ඉදිරියේ කළු පැල්ලමක් තබන්නට ඔහු උත්සාහ දරා ඇත්තේ ඇතැම් විට එවකට ඉන්දියානු පාලකයන්ගේ බලපෑම නිසා වන්නට ඇත. එනිසාම රාවණගේ සැබෑ කතන්තරය කුමක් දැයි අද වනවිට බොහෝදෙනකු ගවේෂණය කිරීමට උත්සාහ දැරීම යහපත් ප්‍රවණතාවයකි.

සැබැවින්ම රාවණ යනු විශ්වීය මෙන්ම විශ්මීය මිනිසකු යැයි අපට සිතෙන්නේ ඔහු ඉන්දියාවේ කොටසක් හා සමස්ත ලංකාවම පාලනය කළ නිසා පමණක් නොව ඔහු සතුව තිබූ අධිතාක්ෂණික ක්‍රමවේදයන් පිළිබඳ ඥානය නිසාය. මින් වසර 6000කට පෙර ගුවන්යානා නිපදවිය හැකි තාක්ෂණයක් හා අදහාගත නොහැකි තරම් පුදුම සහගත වූ වෛද්‍ය විද්‍යාවක් මෙරට තිබූ බව වාල්මිකී විසින් පළමුවරට ලොවට හෙළිකරයි. එහෙත් රාම-රාවණා යුද්ධයේදී එම රහස් සියල්ල වැළලී ගිය ආකාරයත් ඔහු රාමායනය මගින් පෙන්වාදෙයි. සැබැවින්ම රාවණ යනු ලෝකයේ පහලවූ බලසම්පන්නම පුද්ගලයකු බව එම සාක්ෂ්‍යවලින් පැහැදිලි නොවන්නේද? අප මේ උත්සාහ දරන්නේ අපගේම ඉතිහාසයේ වැළලීගිය මහා යුගපුරුෂයකුගේ සැබෑ තොරතුරු අනාවරණය කිරීමටය. ඒ අප මෙතෙක් අසා තිබූ රාමායනයේ

Thursday, March 13, 2014

සිව් හෙලය යනු කවුරුන් ද?

වසර 2500 ක ප්‍රෝඩ ඉතිහාසයක් ඇති අප රට ලෝකයේ පැරණි ඉතිහාසයක් ඇති අනිත් රටවලට නොදැවනි ලෙස ඉහලින්ම තැබිය හැක. නමුත් අප සියලු දෙනාම කතා කරන්නෙ විජයාවතරනයෙන් පසු දියුණු වුණු නැතහොත් සංවර්ධනය කරන ලද ඉතිහාසයකි. නමුත් මෙයට විරුද්ධව එයට වඩා පැරණි ඉතිහාසයක් ඇති බවට විශ්වාස කරන අප රටේ විද්වතුන් රාශියක් සිටියි. රාජ් සෝමදේව, කලාශුරි අරිසෙන් අහුබුදු වැනි විද්වතුන් මේ පිලිබඳ බෝහෝ කරුණු සොයා යමින් සිටියි.

ලංකා ඉතිහාසයේ හා ලෝක ඉතිහාසයේ නොවිසදුණු ප්‍රධාන ගැටළු සහගත ඉතිහාස පුවතකි රාවණා කතාව. මේ පිළිබඳව ප්‍රධාන වශයෙන් ගෙනහැර දක්වන්නේ රාමායනය මහා කාව්‍යයේය. එයද එලෙස දක්වා ඇතත් සිංහලයන් සහ ලාංකිකයන් ලෙස අපට එමගින් වැදි ඇති පහර සුලු ප‍ටු නොවෙයි. මක්නිසාදයත් රවණා රජු ස්ත්‍රින් පැහැර ගන්නා රාක්ෂයෙක් ලෙස එමගින් හුවා දක්වා ඇති නිසාය.

අප දැන් බලමු ලංකාවේ එම අවදියේ සිටි මිනිසුන් කවරහුද කියා. ප්‍රධාන වශයෙන් ඔවුන් රාක්ෂ, යක්ෂ, දේව සහ නාග ලෙස ග්‍රෝත්‍ර 4 ක් ලංකාවේ ජිවත්වි ඇත. එමනිසා එකල ලංකාවට සිව් හෙලය යන නමද භාවිතා වි ඇත. රාමායනයට අනුව අප රටේ ජිවත්වි ඇත්තේ රකුසන්, යකුන්, නාගයන් ලෙස දක්වා ඔවුන් සතුන් සහ භුතයන් ලෙස විකෘති කර ඇත. නමුත් වර්තමානයේද පවතින කුල ග්‍රෝත්‍ර භේදය සලකා මෙසේ වර්ග 4 කට බෙදා වෙන්කල බව අපට සිටිය හැක.

උදාහරණයක් ලෙස වර්ථමානයේද

Sunday, March 9, 2014

සක්වල ශබ්ද ග්‍රාහකයේ රැදුනු ‍නමෝ යන වචන‍යෙන් නාසා ආයතනය මවිත වෙයි

නාසා ආයතනයේ මහත්තුරුන්ට මේක අරුමයක් උනත් මේක මහා ලොකු අරුමයක් නෙමෙයි. විශ්වය තුල විද්‍යාවෙන් සොයා ගෙන තියෙන දේ අල්පයයි . ඔබ තුමන්ලාගේ හඩ පටයේ සටහන් උන ශබ්දයේ තේරුම දැන ගන්න නම් මහත්තයලට බුද්ධ ධර්මය එහෙමත් නැත්නම් මේ ස්වභාව ධර්මය බොහෝ කාලයක් ඉගන ගන්න වෙනවා. මම මුලින්ම කියන්නම් කොහොමද ඔහොම ශබ්ධ තරංගයක් සටහන් උනේ කියල .
ඔබතුමන්ලා පිලිගත්තත් නැතත් මේ අපි ඉන්න සක්වලින් එපිට තවත් සක්වලවල් දහස් ගණනක් තියනවා. ඒවගෙත් අපි වගේම ජීවින් ඉන්නවා. ඔය හැම සක්වලම මනසින් උසස් ජීවින් ඉන්න මේ පෘතුවිය වගේ මිහිතලයක් තියනවා. කොටින්ම කිව්වොත් අපි වගේම හිතන සමහර විට අපිටත් වැඩියෙන් , ඉතින් ඔය හැම මිහිතලයක්ම ක්‍රියාත්මක වෙන්නේ එකම නීතියකට , මේ සක්වලේ උනත් කොයි සක්වලේ උනත් , ඉන්නේ ජීවින් නම් ක්‍රියාත්මක වෙන්නේ එකම නීතියයි , එක තමයි ස්වාබදහමේ නිතිය . ඔය ජීවින් ඉන්න මිහිතලව සිදුවෙන්නෙත් චක්‍රාකාර ක්‍රියාදාමයක් , ඔය මහත්තුරුයි , මමයි ඉන්න මේ මිහිතලෙත් ඔය ශබ්ද ආපු පිට සක්වල මිහිතලයේත් සිදුවෙන්නේ චක්‍රාකාර ක්‍රියාකාරකමක් . මහත්තයට පුංචි උදාහරණයක් කිව්වොත් මහත්තයාගේ රටේ නෙමෙයි කොයි රටක ඇපල් හැදුනත් වෙන්නේ ඔකේ ඇට වලින් ගස් හැදෙනවා ඒ ගස් වලින් අපහු ගෙඩි හැදෙනවා . ඔන්න ඔය වගේ දෙයක් තමයි වෙන්නේ .
මහත්තයෝ ඔය චක්‍රාකාර ක්‍රියාදාමය බෙදෙනවා කාල පරාස දෙකකට .
1. බුධ්ධෝද්පාද කාලය
2. අබුධ්ධෝත්පාද කාලය
කියල . ඉතින් මහත්තයෝ මුලින්ම කියන්න ඕනි අපේ පෘතුවිය තියෙන්නේ බුද්ධෝත්පාද කාලයක අන්න එකයි මහත්තුරු කොච්චර උත්සහ කලත් මහා විශාල විද්‍යාවේ දියුණුවක් නැත්තේ . මේ කාලපරාසය මහත්තයෝ මිනිස්සුන්ට මේ මාරක සසරෙන් ගැලවෙන්න තියන

Saturday, March 1, 2014

ඊජිප්තු පිරමීඩ හා අනුරාධපුර රන්මුසු උයනේ ඇති ගුප්ත සබදතාවය

නිල් අහස නිල පුරවගෙන බලා ඉන්නේ වහින්නට නොවේ. අනුරපුර ශ්‍රී විභූතිය දකින්නට නිල් ඇසින් බලා හිඳින අහස බිඳකටවත් අඳුරු නෙත් දරා මේ අග්‍රගණ්‍ය පූජනීය නගරයෙන් දෑස් ඉවතට ගැනීමට අකැමැති සෙයකි.

අපිට ඇවැසි වූවේ කවදාවත් ලියා හෝ බලා අවසන් කළ නොහෙන අතීත අභිමානයේ ජයඝෝෂාව යළිත් සවන්පත් අසලට ඇදගැනීම පමණි. මීට වසර හැට හැත්තෑවකට එපිටදී මේ ගල් කුලුනු සමඟ ඔට්ටු වූ ඉසිඹුලන ජීවිතය ඊට කදිම සෙවණක් විය. අප ඔහුව සොයා ආවේ එහෙයිනි.

නමින් ආර්. බී. එදිරිසිංහ නම් වූ ඔහුට අපි එන්නට කීවේ ජේතවනාරාම කෞතුකාගාරය අසලටය. කියූ වේලාවට පෙර ඔහු පැමිණ සිටියේය.

නටබුන් ගොඩනැඟිල්ලක ඉහළ පියගැටයක හිඳගත් එදිරිසිංහ මහතා මටද ඉඳගන්නට යැයි කීවේය. තැනින් තැන පෙනෙනා ගල් කුලුනු කැටයම් සේම අපට පසුපසින් දිස්වෙන ජේතවනාරාමය දුටු මහිතට දැනුණේ දරාගත නොහැකි පමණේ ගර්වයකි. ඔහු කියන්නේ සුරංගනා කතාවක් නොවේ. ඒත් එය එපමණටම මිහිරිය. අසන්නට ලොල් වඩවන්නකි. මේ ලියන්නේ ඒ කතාවයි. ඔහු කියූ අතීත සෙවණැල්ලේ දිස්නයයි.

අවුරුදු එක්දාස් පන්සියයක් එකම තැනක කිසිම රටක රාජධානියක් තිබිල නෑ. ක්‍රිස්තු පූර්ව 7-5 සිට ක්‍රිස්තු වර්ෂ 10 දක්වා රෝම අධිරාජ්‍යයත් අවුරුදු එක්දාස් එකසීයයි. අනුරාධපුර රාජධානිය තමයි මේ තරං කාලයක් පැවැතුණ රාජ්‍යය.

මහසෙන් රජතුමා ජේතවන දාගැබ ඉදිකරන කොට රෝම අධිරාජ්‍යය බිඳ වැටිලා ඉවරයි. දහවැනි සියවසෙන් පස්සේ ඇතිවෙන පොළොන්නරු රාජධානිය තියෙන්නෙත් අවුරුදු දෙසිය පනහක් විතරයි.

ක්‍රිස්තු පූර්ව තුනේදී බුදුදහම ආවට පස්සේ සමාජේ විශාල පෙරළියක්, දීප්තියක් ඇති වෙනවා. ඒ එක්කම විශාල සංඝාරාම තුනක්

Thursday, February 27, 2014

කදු පර්වතයේ සැගවනු අභිරහස් රාවණා සිතුවම

ශෛලමය බිත්තියක රාවණා රජුගේ රූපයක්.වසර දහස් ගණනකට පෙර අතීතයේ සිතුවම් කර ඇතැයි සැලැකෙන මෙ‍ම රූපය සිතුවම් කලේ කවුදැයි අදටත් අභිරහසකි.මහා වංශය වැනි ඉතිහාස මූලාශ්‍ර වල පවා සටහන් නොවන මෙම සිතුවම නිසැකවම රාවණා රජුගේ විය හැකි බව විද්වත් මතයයි

රාවණා රජුගේ උමං මාර්ගයක් රාවණා ඇල්ල අසලින් මතුවේ...!!!

''..උමාඔය බහුකාර්ය ව්යාවපෘතියේ රාජකාරි කරනු ලබන නිලධාරීන් විසින් ඇල්ල – වැල්ලවාය මාර්ගයේ 10 කණුව, සාදින්නාගල කන්දේ ඇති කුඩා පර්වත බෝර දමා පුපුරුවා හැරීමේ කටයුතු සිදු කරද්දී රාවණා රජු ස
...මයේදී භාවිත කරනු ලැබූ බවට අනුමාන කෙරෙන ඉපැරැණි උමං මාර්ගයක් මතුවී ඇත.

රාවණා ඇල්ල හරහා වැටී ඇතැයි සැලකෙන මේ උමං මාර්ගය ඔස්සේ රාවණා රජු ඇල්ල – වැල්ලවායේ සිට බණ්ඩාරවෙල දෝව පන්සල දක්වා ගමන් කරන්නට ඇතැයි අනුමාන කෙරේ.

මේ උමං ‍දොරටුව අඩි 11ක් පමණ උසකින්දල අඩි 5ක් පමණ පළලකින්ද පහළට ගමන් කළ හැකි පඩිපෙළ කිහිපයකින්ද යුක්ත අතර දෙපස බිත්ති ඉතා සියුම් ලෙස ඔපදමා තිබේ.

මීට වසර 7,500කට පමණ ඉහතදී රාවණා රජතුමා ඉන්දියාවට ගොස් සීතා කුමාරිය පැහැරගෙන විත් රාවණා ඇල්ල සමීපයේ සඟවා තිබූ බව ජනප්රණවාදයේ සඳහන්ව ඇති අතර ඒ බව සනාථ කරමින් රාවණා ඇල්ලේ ශෛලමය බිත්තියක රාවණා රජුගේ රූපයක්ද කොට ඇති බවක් දැකගන්නට තිබේ.


උපුටා ගැනීම  https://www.facebook.com/SriLankanHeritage ඇසුරිනි

Monday, February 24, 2014

වැලිමඩ සානුවේ සැගවුණු රාමා සීතා පුරාවෘත්තය

රාම - සීතා පුරාවෘත්තයට අනුව රාමකුමරු සීතා දේවිය රාවණාරජු හා හනුමාන් චරිතවලට සම්බන්ධ වැදගත් ඓතිහාසික ස්ථාන රැසක් වැලිමඩ සානුව තුළ පිහිටා ඇත.

රාවණා රජු විසින් ඉන්දියාවෙන් පැහැරගෙන එන ලදැයි කියනු ලබන සීතා දේවිය ආරක්ෂා සහිතව රඳවා තබන ලද්දේ ඌව පරණගම තිරවනාගම ප්‍රදේශයේ පිහිටි ස්ත්‍රිපුර කන්දේ ඇති බිංගෙයක බව පැවසේ. 

මෙය අඩි 9ක පමණ විශ්කම්භයකින් යුත් වංගු සහිත විශාල බිංගෙයකි. සීතා දේවිය පමණක් නොව රාවණා රජුගේ අන්තඞපුර කාන්තාවන් 700ක් මේ බිංගෙයෙහි රඳවා සිටි බව පැවැසේ.
සීතා දේවිය ස්නානය කළායි කියනු ලබන සුන්දර මනා දියඇල්ල ස්ත්‍රිපුර කන්දට කි.මී. 3 පමණ දකුණු දෙසින් ලුණුවත්ත ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ආසන්නයේ පිහිටා ඇත. 

එමෙන්ම සීතා දේවියගේ කොණ්ඩෙ ගසා තිබූ කූර සඟවා තැබුවායි කියනු ලබන “ කූරත්ත ‘ කන්ද ස්ත්‍රිපුර කන්දට කි.මී. 3 පමණ බටහිර දෙසින් පිහිටි අලංකාර කදුගැටයකි.

රාම-රාවණා යුද්ධය අවසන් වූ පසු

Friday, February 21, 2014

සීගිරියේ වංශ කතාව වෙනස් වෙයි ද?

මෙය කියවන ඔබ තම ජීවිතයේ එක වරක් හෝ මාතලේ දිස්තික්කයේ පිහිටි වර්තමාන “සීගිරිය” නමින් හදුන්වන, ලෝක උරුමයක් ලෙස මෙන්ම, ලෝකයේ අටවැනි පුදුමය ලෙසින් හදුන්වන ඒ විශ්මිත නිර්මාණය වෙත එලබ, එය නිරීක්ෂණය කර ඇති බවට කිසිදු සැකයක් නැත.අපගේ මෙම කතාවට පෙර යටත් විජිත සමයේ සිට ඇරඹෙන අපගේ පුරාවිද්‍යාව නම් විෂය ධාරාව “සිගිරිය” දකින සැටි මදක් විමසා බලමු.

මෙම ස්ථානය මුලින්ම ගවේෂණය වන්නේ වසර 1890 දී බ්‍රිතාන්‍ය රජයේ අදායම් බදු නිලධාරියෙකු ලෙස ලංකාවේ සේවය කරන H.C.P. Bell නම් විදේශිකයා අතින්ය. වර්ථමාන ස්රිලන්කීය පුරාවිද්‍යාවේ පියාලෙස සලකන ඔහු , එකල එවන් වූ විෂයක් අද්‍යනය කල කෙනෙකු නොව, සරලව කිවහොත් treasure hunter කෙනෙක් ය. ඔහු අපගේ ඉතිහාසය ගැන උනන්දුවක් දැක්වුයේ, අප ගැන තිබු කරුනාව නිසා නොව එම ස්ථාන වල ඇති ඉතාවටිනා වස්තු කොල්ලකෑමටය. මේ සදහා ඔවුහු තම ජීවිතය පරදුවට තබමින් දිවා රැ වෙහෙසෙමින් ඉතා දුෂ්කර ජීවිතයක් ගතකල බව සත්‍යය. එවකට ලැබුණු, සාක්කුවක දමාගෙන යන තරමේ වටිනා වස්තු, කිසිම වර්තාවක් නොමැතිව සුද්දගේම සාක්කුවෙන් එංගලන්තයට ගියේය. ඊට විශාල වස්තු රාජ්‍යය අනුග්‍රහය ලබමින් නැව් මගින් රැගෙන ගියේය. අපගේ පරණ පිනකට අවුකන, සමාධි වැනි පිළිම නැවක දාගෙන රැගෙනයාමට බැරි තරමේ විශාල නිර්මාණ විය. නැතිනම් මේවන විට ඒවා අනෙකුත් කුඩා නිර්මාණ මෙන්ම විදේශ කවුතුකාගර වලට ගොස් මුදල් ගෙවා ප්‍රවේශ පත්ර ලබාගනිමින් නැරබීමට සිදුවනු ඇත.

කෙසේ වෙතත් අපගේ වංසකතා වල කසුප් නම් රජකෙනෙකු තම පියාවන ධාතුසේන රජු මරා සිංහ ද්වාරයක් (සිංහ කටක් හෝ සිංහයන් සිටින පිවිසුමක්) සහිත ශිඛර පෙදෙසක සැගවී සිටි බවක් ලියා තිබු බව H.C.P. Bell අසා තිබුනේය. ඉතා දුෂ්කරව ගමනකින් පසුව සීගිරියේ ඉහත රුපයේ ඇති, පාද දෙකක් මැදින් ඇති

Thursday, February 13, 2014

මේ හෙළ සූර්යය වාංශිකයින්ගේ පිබිදීමේ යුගයයි


රාවණා පිළිබදව මීට වසරකට පමණ පෙර සමාජය තුල හටගත් කතිකාවත දැන් පෙනෙන්නට නැත.අප හෙළ ඉතිහාසයේ ලොව අතිබලවත්ම ‍‍‍ශේෂ්ඨ අධිරාජයෙක් සිටි බවත් ඔහු හෙළයෙකු බවත් නිසා හටගත් ඒ පිබිදීම නැති වී ගොස් ඇත.සමාජය නැවතත් මේ පිලිබද කතා කරනා යුගයක් නැවත උදා කලයුතු බවට අප සාමාජිකයෝ සියලු දෙනාම තරයේ විශ්වාස කරයි.අප රාවණා පිළිබද කතා කරන විට ඇතැමුන් සිනා සුනි, මඩ ප්‍රහාර දියත් කලේය , තවත් සමහරු බ්ලොග් අඩවියට සයිබර් ප්‍රහාර එල්ල කරන බවට තර්ජනය පවා කලේය.ඇතැම් ලේඛකයින් පසුගිය දිනවල පුවත් පත් වල වාර්තා කල ඇතැම් ලිපි දුටු විට ඒවා ලිවූයේ කාගේ වුවමනාවට දැයි සැකයක් පවා ඇති වේ.ඇතැම් වාර්තා වලින් කියවුනේ රාවණා යනු ස්ත්‍රී සැපයට ලොල් වු කාමචාරියෙකු බවටයි.‍මෙවන් කතා කියමින් පසු පසට අදින්නේ තමන්ගේම ජාතිය බව ඔවුනට නොවැටහිම ජාතියේම අවාසනාවකි.
වර්තමානයේ පවා ඉන්දියාවේ රාවණා රජු පිළිබද උත්සව පවත්වයි.තායිලන්තය කාම්බෝජය වැනි රට වල පවා රාවණා රජු පිළිබද බෝහෝ පුරාවෘත්ත දක්නට ලැබේ.නමුත් ශ්‍රී ලාංකික අප තවමත් ඒ යථාර්තය පිලිගැනීමට සූදානම් නැත.මේ අයුරිනි ජනප්‍රවාදයේ එන කරුණු මිත්‍යාවක්

Friday, January 24, 2014

බිල්ලෑව සිතුවම් හෙළි කරන අපේ පැරැන්නන්ගේ විශ්ව සම්බන්ධතා


ලලීන්ද්‍ර සන්නස්‌ගම

ක්‍රි .පූ. 3500 තරම් ඈත කාලයේ වනගත දඩයක්‌කරුවන් ලෙස දිවිගෙවූ පෘථිවිවාසීන් එකවරම ඉන්දුනිම්න, සුමේරියානු, මිසර ආදී මහා ශිෂ්ඨාචාර ගොඩනැඟුනේ කෙසේද? මහා ශිෂ්ඨාචාරවලින් ගුවන්යානා සහ අද්භූත ජීවීන් පිළිබඳ තොරතුරු පුරාවිද්‍යා කැණීම්වලින් හමුවී තිබේ. මැටි පුවරු ලේඛන අනුව ඒ අද්භූත ජීවීන් පෘථිවිවාසීන් මෙහෙයවා උක්‌ත මහා ශිෂ්ඨාචාර ගොඩනගා ඇත්තේය. එකී ශිෂ්ඨාචාරවාසීන් දෙවිවරු ලෙස වන්දනා කළ අද්භූත ජීවීන්ගේ නික්‌ම යාමත් සමඟම ක්‍රි.පූ. 1400 තරම් ඈත කාලයේදී ඉන්දුනිම්න, සුමේරියානු, මිසර ශිෂ්ඨාචාර එකවරම අභාවයට ගිය බවටද මතයක්‌ ඇත.

ඉන්දුනිම්න, සුමේරියානු, මිසර ආදී මහා ශිෂ්ඨාචාරවල අවසාන භාගයට සමකාලීනව ලංකාව පුරා පැතිරී පැවැති ශිෂ්ඨාචාරයක තොරතුරු රංචමඩම, හල්දුම්මුල්ල වැනි ස්‌ථානවලින් මතුවෙමින් පවතී. මහා ශිෂ්ඨාචාරවල ඒ නොවිසිඳුණු ඉතිහාසයේ අප්‍රකට පැතිකඩක්‌ දැකිය හැකි පිටසක්‌වල ජීවීන්ගේ රූප සටහන් කීපයක්‌ ලංකාවේ ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් තන්තිරිමලයට දකුණින් පිහිටි බිල්ලෑව නමැති ප්‍රදේශයේ ලෙනකින්

Monday, January 20, 2014

ලොවක් මවිත කළ මහා රාවණා රජුගේ ගුවන් තාක්ෂණය

ගුවන්යානා තාක්‍ෂණය පුරාණ ශිෂ්ඨාචාර සමග අත්වැල් බැදගත් තාක්‍ෂණයකි. පුරාණ ශිෂ්ඨාචාර වල මෙවැනි ගුවන් තාක්‍ෂණ පිළිබඳ දීර්ඝ විස්තර ඇත්තේය. මෙම පුරාණ විස්තර විශ්ලේශණයේදී මෙම ගුවන් තාක්‍ෂණය දේව කොටස් හෝ විශේෂ ජීවින් සමග ගලපා ඇත්තේය.  නමුත් හෙල ඉතිහාසය විශ්ලේෂණයේදී එම තාක්‍ෂණය රාවණා රජුන් සමග ගලපා ඇත්තේය.

පුරාණ ග‍්‍රන්ථ වල සඳහන් මෙම ගුවන් තාක්ෂණය කුමක්ද? කෙසේ ආවේද? පුරාණ මූලාශ‍්ර වන වේද, රාමායන, මහා භාරතය, බගවාත් පුරාණය වැනි ග‍්‍රන්ථ වල සඳහන් ගුවන් විමාන සම්බන්ධ කරුණු පුදුම උපදවන සුලූය. උදාහරණයකට ඉංදීයාවේ පුරාණ ග‍්‍රන්ථ වන ර්ගි වේදයේ පරිච්ෙඡ්ද 20 ක මෙවැනි වාහන ගැන සඳහන් වේ. මෙම ග‍්‍රන්ථ වල විමාන කියන සඳහන් නොකලත් එක් තැනක කාර්මික කුරුල්ලෙක් පිළිබඳ විස්තර සඳහන් වේ. (රිග්වේද 164.47 – 48) මෙයට අමතරව ප‍්‍රවාහන ක‍්රම කිහිපයක් ගැන සඳහන් වේ.

  • ජලයන් - වතුරේ හා ගොඩ යන වාහන (රි.වේද 6.58.3)
  • කාර - පොලොවේ හා ජලයේ යන වාහනය (රි.වේ. 9.14.1)
  • ත‍්‍රිනල - තට්ටු 3 වාහන (රි.වේ. 3.14.1)
  • ත‍්‍රිචක‍්ර රථ - රෝද තුනේ අහසේ යන රථ (රි.වේ. 4.6.1)
  • වාු රථ - ගෑස් හෝ වායු බල රථ (රි.වේ. 3.14.1)
රිග් වේදයේ මෙවැනි යානා තැනිය හැකි ඉතාම දක්ෂ වඩුවන් රාජ්යදාර් හා ප‍්‍රනධාර ලෙස නම් කර ඇත. මොවුන් කොපමණ දක්‍ෂදයන් සාගර තරනයට වාහන හා 1000ක් මගින් ගෙන ගිය හැකි ගුවන් වාහන තැනූ බව කතසරින් සාගරයේ සඳහන් වේ. 

 

ඉතාම පෞරාණික ග‍්‍රන්ථ වල විමාන වචනය භාවිතා කල නැති අතර කරත්තය වචනය යොදා ඇත. උදාහරණයකට සූර්්‍යා ගමන් කලේ අසුන් ඇදි කරත්තයකි. මෙවදික දේවියෙක් වන පූසාන එලූවන් ඇදි කරත්තයකින් යන්නේය. (නෝස් කථාවල එන තෝනර් මෙන්) රාමායනය සමග විමාන නාමය භාවිතය ව්‍යප්ත විය. රාමායනයේ විමාන පිළීභඳ දීර්ඝ විස්තර වේ. උදාහරණයකට හනුමන් දුටු ලංකාපුරයේ පුෂ්පක විමාන නවතා තිබුණු සැටි සඳහන් කරන්නේය. පුෂ්පක විමානය රත්තරනින් කැටයම් කොට දියමන්තියෙන්

Friday, January 17, 2014

හෙළයන්ට අහිමි වූ මහා ඉතිහාසය

මේ බිමේ සිංහල නමකින් ඉපදුණ පමණින් සිංහලයෙකු නොවේ... ඒ බව මේ වන විට බොහෝ පිරිසක් ප්‍රත්‍යක්ෂ කර ඇත. අතෝරක් නැතිව අපේ දේ විවේචනය කරන්නේ ඒ අසික්කිත උප්පත්තියට ඔවුන් උරුමකම් කරන නිසා විය හැක.... උන්ගේ නැන පමණින් උවත් ඊට එහා දෙයක් ඇති බව සිතන්නට උන් කැමති නැත. රාවණා ඉතිහාසය ගැන කීමට ඇත්තේ ද එයයි... උන් දෙයක් කරන්නෙත් නැත. හෙළි කරන දෙයක් පිළිගන්නේ ද නැත. උන්ට බැරි නම් කාටවත් බෑ කියන මතයේ සිටින අමණයන්ගේ නිහීන කම මෙයින් පසු වත් දුරු වේවා...!!!

ඇමරිකන් රූපවාහිනි චැනලයක් වූ (History) ඉතිහාස චැනලය 1998 මැයි මස විකාශය කල පරිදි පරිදි බැබිලෝනියාවේ වූ ශිෂ්ඨාචාර‍යේ කල (ඉරාකයට අයත්) කැණීම් වලදී මතු වූ මැටි පුවරුවල සදහන් ආකාරයට ඔවුන්ට තම ශිෂ්ඨාචාරය ගොඩනගන්නට කියා දී ඇත්තේ ගුවනින් ආ සිංහ මිනිසුන්. ඒ වගේම පැරණි ලෝක පුදුම හතෙන් එකක් වූ බැබ්ලෝනියාවේ එල්ලෙන උයන නිර්මාණය කර ඇත්තේද සිංහ මිනිසුන්ගේ රටේ සිහගිරි පර්වතයේ උයන් වතු අනුකරණය කරමින් කියලාත් සදහන්. මේ කරුණු තවත්

Saturday, January 11, 2014

ලංකාවට නම් තැබුවේ කුරගල පර්වතය දෙස බලා‍ගෙනද?


රාවණා රජුගේ ලංකාපුරය පිහිටියේ කූරගල බවට ප්‍රබල මතයක් ඇත. අපරදිග භූ විද්‍යාඥයන් එංගලන්තයේ ග්‍රිනිච් නගරය මැදින් පතිත වන රේඛාව පළමුවැනි මධ්‍යහ්න රේඛාව සේ සැලැකූ අතර පෙරදිග ඡ්‍යොතිර් විද්‍යාඥයෝ ලක්‍ෂ්‍යභූත මධ්‍යහ්න රේඛාව රාවණා රජුගේ අගනුවර වූ ලංකාපුරය මැදින් වැටී ඇතැයි සලකති.

අංශක 80-9 සේ වැටෙන පෙරදිග මධ්‍යහ්න රේඛාව භාරතයේ කෛලාසය මුල්කරගෙන කතරගම වල්ලි කන්ද මැදින් බළන්ගොඩ ඓතිහාසික කූරගල ලංකා පර්වතයට වැටෙන බව දෛවඥ කාමධේනුව දක්වා ඇත. ලංකා රාජධානිය හෙවත් ලංකාපුරය පිහිටා ඇති ආකාරය දෛවඥ කාමධේනුව නම් ග්‍රන්ථයේ විස්තර වන්නේ මෙසේය.

"අස්ති ලඛෙකති විඛ්‍යානා
රාජධානි සුරද්විෂා
හර්තුස්සා මධ්‍ය රෙඛායං
සථලස්‍ය ජලස්‍ය ච
ශෛව සීමා භවේන් භානොර්
දක්‍ෂිනොත්තර ගෝලයො--
නතත්‍ර විෂුවත් මධ්‍යච්ඡායාස්‍යාත්ගෝල
යොත්තර--" 

යනුවෙන් ලංකාපුරයෙහි ශිව දෙවොලක් සීමා කොට මෙම රේඛාව වැටී තිබෙන බව සටහන් කොට ඇත. මෙම රේඛාව වැටෙන්නේ