Saturday, December 28, 2013

රාම රාවණා යුද්ධයට මුල් වූ රාමායණය සැගවූ කතාව

අපි කතා කරමු රාවණ රෙජීමය ගැන. රෙජීමය නරක දෙයක් නෙවෙයි. හැබැයි හැම විටකදීම හොඳත් නැහැ. ලංකා රාජ්‍යයේ සංකේතයක් විදියට ඉන්දියාවට ගිය කාන්තාවෝ තුන් දෙනෙක් ඉතිහාසයේ සඳහන්. පුෂ්පොත්කටා හෙවත් කෛකසි, රකා සහ මාලනී කියල තමයි ඒ කාන්තාවෝ හඳුන්වන්නේ. යක්ඛ පාලකයෙක් වෙච්ච සුමාලි රජුගේ දියණිය තමයි පුෂ්පොත්කටා. ඇය රාවණ මහරජුගේ මෑණියෝ. රාවණ රජු රාජමණ්ඩලයක් ඉදිරියට ආවේ ඇයගේ දේශපාලනික හයිහත්තිය හින්දා. රකා දේවියගේ දියණිය තමයි ශුර්පණඛා. පුතාල දෙන්න බර - දූෂණ විදියට හඳුන්වලා දෙන්න පුළුවන්. රාවණ රජුගේ ඉන්දීය යටත් විජිතයක් වුණ ජනත්ථාන් පුරවරයේ පාලකයන් විදියට ඔවුන් රාවණ රෙජීමය මෙහෙය වූවා. ඔවුන්ගේ මව වුණ රකා දේවියගේ පුරුෂයා විශ්‍රවස් කියල වෛදික මුනිවරයෙක්.

අනෙක් කාන්තාව තමයි මාලනී දේවිය. රාම රාවණ කතා පුවතේ පුවත් මවන්නා වූ විභීෂණගේ මව තමයි මාලනී දේවිය. මාලනී දේවිය යක්‍ෂ, රාක්‍ෂය කියන ගෝත්‍ර දෙකටම අයත් කෙනෙක් නෙවෙයි. එයා අයිති නාග ගෝත්‍රයට. එහෙම ගත්තම රාවණ මහ රජුගේ කුඩම්මා තමයි විභීෂණගේ අම්මා. ඒ කියන්නේ මාලනී දේවිය. මේ කියන විභීෂණ තමයි රාමට රාවණගේ ආයුධ ගබඩාවේ තිබුණ, භාවිත නොකරන තරම්, විනාශයක් ගෙන දෙන අවියක් සොරකම් කරල දීල රාවණ යුගය අවසන් කරල ලංකාපුරයේ රජ වුණේ. හැබැයි රාම කුමාරයා දේශපාලනිකව දන්නවා නාග ගෝත්‍රයේ නියෝජිතයෙක් රාවණා රෙජීමයට අයිති නැති බව. රාමේශ්වරම්වලදී රාම කුමාරයා විභීෂණව අභික්‍ෂේක කරන්නේ හනුමා ගෙනාපු ලුණු වතුරෙන්. එතැන තියෙන්නේ විභීෂණ තමන්ගේ ස්වජාතිකයන්ට කරපු විනාශය තමන් දන්නවාදැයි කියන එක. එතකොට තමන් පිළිනොගන්නා ජනතාවක් පාලනය කරන්න විභීෂණට

Thursday, December 19, 2013

ශ්‍රී පාද කන්දේ සෙවනැල්ලේ අභිරහස

බෞද්ධයන්ගේ නිරන්තර වන්දනාමානයට  පාත‍්‍ර වූ, සෑම වසරකම හයමසක් ආගමික වතාවත් සදහා සැදැහැවතුන් පැමිණෙන සමන්තකූඨ පර්වතය හෙවත් සමනොළ කන්ද ලොව පැරණිම ස්වාභාවික දින දර්ශනයක් ලෙස නිදර්ශන සහිතව ලොවට හෙළි කිරීමට ශ‍්‍රී ලාංකේය පර්යේෂකයන් පිරිසක් මේ  වන විට සමත්ව සිටී.
සූර්ය උදාවත් සමගම බටහිර දෙසින් දිස්වන සමනළ කන්දේ ත‍්‍රිකෝණාකාර ප‍්‍රතිබිම්බය ජ්‍යාමිතික ගණනය කිරීම් උපයෝගී කරගෙන ඔවුන් මෙම නිගමනයට පැමිණ ඇත.
ශ‍්‍රී ලංකා ජෛව තාරකා විද්‍යා ඒකකයේ පර්යේෂණ අංශයේ අරවින්ද රවිභානු සුමනරත්න මහතා පර්යේෂණය භාරව ක‍්‍රියා කළේය. රොහාන් ඉන්දික විජේතුංග, මොරටුව විශ්වවිද්‍යාලයේ ආතර් සීි ක්ලාක් ආයතනයේ අභ්‍යවකාශ යෙදුම් අංශයේ පර්යේෂණ තාරකා විද්‍යාඥ ජානක අඩස්සුරිය,  කැළණිය විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි ආයතනයේ කමල් අබේවර්ධන, යන මහත්වරු ද මේ පර්යේෂණයන්ට එක්වූහ.
සමනොළ කන්දේදී සූර්ය උදාව ‘‘ඉර සේවය’’ ලෙස බොහෝ දෙනෙක් නම්කර ඇත. හිරු උදාවෙන විට ශ‍්‍රීපාද මලූවේ සිටින කෙනෙකුට එහි බටහිර ක්‍ෂිතිජය දෙස බැලූවහොත් ශ‍්‍රීපාද කන්දේ ප‍්‍රතිබිම්බය ත‍්‍රිකෝණාකාරව දැකගත හැකිය. යහපත්වූ කාලගූණයක් පවතින විටක මෙය හොදින් නිරීක්‍ෂණය කළ හැකිය. උදෑසන කාලයේ පරිසයේ ජලවාෂ්ප ඝණත්වය ඉහළ අගයක් ගන්නා නිසා බටහිර ක්‍ෂිතිජයේ් සමනොළ කන්ද ප‍්‍රතිබිම්බය හොදින්ම දැකගත හැකි බව පර්යේෂකයන්ගේ නිගමනයයි. මෙවැනි සිද්ධියක් දැකගත හැකි බවට ලෝකයේ  මෙතෙක් සොයාගත් එකම ස්ථානය සමනොළ කදුමුදුන විය හැකියැයි පර්යේෂකයෝ විශ්වාසය පළකරති.
සමනොළ කන්දේ සෙවනැල්ල හා එහි භූගෝලිය පසුබිම සම්බන්‍ධයෙන් 2011 සහ 2012 වර්ෂවල අවාර සමය

Sunday, December 15, 2013

හල්දුම්මුල්ලෙන් හමු වූ ප්‍රාග් මානව රූපයේ අභිරහස

ඊස්ටර් අයිලන්ඩ් දූපත ලොව පුරා ප්‍රසිද්ධ වූයේ වසර දහස් ගණනකට පෙර නිර්මානය කළ ගුප්ත මිනිස් මුහුණු සහිත ශෛලමය මූර්ති නිසාය. ඒවා කවරෙකු විසින් කවර අරමුණක් සඳහා නිර්මාණය කලාදැයි තවමත් කිසිවෙකුත් නොදනී.

එබැවින් ඒ පිළිබඳව මත රාශියක් තිබේ. ඈත අහස දෙස ඒවායේ මුහුණු හරවා තිබෙන්නේ පිටසක්වල පැමිණෙන පිරිසක් බලාපොරොත්තුවෙන් බවටද මතයක් පවතී.

මේ අතර හල්දුම්මුල්ල කළුපහන නිදන්ගොඩ කන්දේ හුදකලාව පැවති ගලපිටගල පාෂාන සැකැස්මද මීට වසර දහස් ගණනකට පෙර දඩයම් යුගයේ මිනිසුන් විසින් මිනිස් හිසක් සහිත මූර්තියක් නිර්මාණය කිරීමට ගත් උත්සාහයක් බවට නවතම මතයක් ඉදිරිපත්වී තිබේ.

ඒ බව පවසන්නේ හල්දුම්මුල්ල වෑ එළිය හුළුතලාවේ හුණුගල් ගුහාවකින් වසර දහස් ගනනකට පෙර පුරාවස්තු සොයාගත් පුරාවිද්‍යා ගවේශක රාජ් සෝමදේව මහත් ප්‍රමුඛ කණ්ඩායම විසිනි.
 
ස්වභාවිකව තැන්පත්වී ඇති අඩි 30ක් පමණ උස ගලක් මත රැඳුණු මෙම පර්වතය කුට්ටිය ප්‍රදේශවාසීන් හැඳින්වුටේ ගලපිටගල යන නමිනි. එම මූර්තියේ මුහුණ තිබෙන්නේ උතුරු කඳුකරය දෙස බලාගන සිටින අයුරිනි.

දඩයම් යුගයේ ජීවත් වූ ශ්‍රී ලාංකිකයින් කෘෂිකාර්මික යුගයට ජීවත්වීම පිළිඹුඹු වන සාක්ෂි සහිත ලෙනක් පසුගියදා හල්දුම්මුල්ල, වෑ එළිය ග්‍රාමසේවා වසමේ, වල්මීතලාව ප්‍රදේශයේ පිහිටි හුණුතලාගල ගුහාවේ තිබී සොයාගත් අතර එහි තිබී සොයාගත් පුරාවස්තූන් වසර 4,500- 5,000ක් අතර කාලයේ

Sunday, December 8, 2013

ඉතිහාසයේ වළලා දැමූ මහා යුග පුරුෂයකුගේ හෘදසාක්ෂිය – රාවණාගේ පුනරාගමනය

 ලංකේෂ්වර රාවණයන් පිළිබඳ කතිකාවතක් නැවත සමාජය පුරා මතුවී තිබේ. එම කතන්දරවල සත්‍ය අසත්‍යතාවය සොයන්නට අපි උත්සාහ නොකරන්නේ එසේ හෝ රාවණ පිළිබඳ නැවත කියවාබැලීමක් සිදුවිය යුතුම නිසාය. අතීතයේ වැළලී තිබූ ශ්‍රේෂ්ට මිනිසකුගේ මළසිරුර යළිත් ගොඩගෙන පශ්චාත් මරණ පරීක්ෂණයක් කිරීමට අපි උත්සාහ දරමු. එයට හේතුව මෙම මරණය අභිරහසක් වූ නිසා පමණක් නොව ශ්‍රේෂ්ට ජාතියක අභිමානය එමගින් යළිත් ලෝකයට හඬගා පවසන හෙයිනි. අදින් වසර 6000කට පමණ පෙර මෙරට විසූ මෙම ශ්‍රේෂ්ට මිනිසා නමින් මහා රාවණ ය. රාවණගේ යුගය පිළිබඳව මෙරට ලිඛිත ඉතිහාසයේ වැඩි යමක් සඳහන්ව නැතත් ඉන්දියානු ඉතිහාසයේ ඔහු පිළිබඳව දීර්ඝ විස්තරයක් කිරීමට තරම් වාල්මිකී කරුණාවන්ත වීම එක්තරා භාග්‍යයකි. එහෙත් වාල්මිකී විසින් ලියන ලද රාමායනයේ රාවණ ඉදිරියේ කළු පැල්ලමක් තබන්නට ඔහු උත්සාහ දරා ඇත්තේ ඇතැම් විට එවකට ඉන්දියානු පාලකයන්ගේ බලපෑම නිසා වන්නට ඇත. එනිසාම රාවණගේ සැබෑ කතන්තරය කුමක් දැයි අද වනවිට බොහෝදෙනකු ගවේෂණය කිරීමට

Tuesday, December 3, 2013

රාවණා රජුගේ දඩුමොණරය අහසට නැංගවූ හැටි - මහා රාවණා 18 වන දිගහැරුම

රාවණා රජුගේ දඬු මොනර අහසට නැග්ගෙව්වේ රිවස්ටර්න් කඳු මුදුනේ සුළං ධාරාවලින්

 

රිවස්ටන් කඳු පන්තියේ ලොකු සහෝදරයා විදියට අපිට ලකේගල හඳුන්වන්න පුළුවන්. ලකේගල සීමාව මූලිකව හිගත්ගල, බැලුම්ගල කියන අනෙක් කුඩා සහෝදරයන් දෙදෙනා සමඟ බැඳිල තියෙනවා. හැබැයි ඒ කිව්ව පර්වත දෙක තියෙන්නේ රිවස්ටර්න්වලින් බාහිරව. දැන් අපි ඉන්න මේ ගල උඩ ගෙදර තමයි මේ කියන පර්වත 3ට මධ්‍යය වෙලා තියෙන්නේ. මෙතැන ඉඳලා බලද්දි රිවස්ටන් කඳු වළල්ලයි ඒ කඳු වළල්ලට නෑකම් කියන අනෙක් අවශේෂ කඳු පන්තියි පැහැදිලි විදියට දර්ශනය වෙනවා.

හැදිලි විදියට දර්ශනය වෙනවා කියන වචනය තමයි අතිශයින්ම වැදගත්. මොකද හෙළ ඉතිහාසය; එහෙම නැත්නම් ඒ ඉතිහාසයේ මහා පුරුෂ රාවණ උත්තමයා ගැන අපිට කතා කරන්න බැහැ යම් පැහැදිලි කිරීමක් ඉතිහාසයෙන් හොයා ගත්තේ නැත්නම්. ඒ සොයා ගැනීම න්‍යායාත්මකව හා ප්‍රායෝගිකව එකවර කළ යුතුයි. ඒකයි පැහැදිලිව දර්ශනය වන පරිසර පද්ධතියන් අවශ්‍ය වෙන්නේ. ලකේගල කඳු මුදුනේ හත් අටසියයකට ඉන්න පුළුවන්. බැලුම්ගල සීමාවේදී ලංකාවේ හතරදිග් භාගයම