Wednesday, October 30, 2013

මහා රාවණ රජුගේ ජාතිය අවධි වේවා - රාවණා 14 වන දිගහැරුම

ශතුක්‍රතුමුඛෛර් දෙවෛඃ  ශ්‍රැදයතෙ න පරාජිතඃ
මහත්මා බලසම්පන්නො රාවොණෝ ලෝක රාවණඃ
ලොව පසිඳු රාවණ - මහ ගුණවතෙකි මහ බලවතෙකි
සක් දෙව් රජුටවත් - පරදවන්නට නොහැකි වූවෙකි.
(රාමයණයේ කාව්‍යයේ රාම කුමරුගේ කියමනකී)
මෙම මහා භද්‍ර කල්පයේ ප්‍රථම මිනිසුන් ආරම්භ වූ රාජ්‍ය ලංකා පොළෝතලයයි. ඒ උපන් අභිමානවත් හෙළයින් කකුසඳකෝණාගමකස්සපගෞතම නම් සිව් මහා මුණිවරුන්ගේ ශාසනය ආරක්ෂා කළ අතරමතු බුදු වන මෛත්‍රී බෝධිසත්වයාණන් වහන්සේට ලොව පහළ වන්නට සුදුසු පරිසරය සකස් කරන්නාහ.
වසර 30,000සක් ඉපැරණි නටඹුන් හා සත්ව පාෂාණිභූත ඇටසැකිලි මෙතරම් මතුවී සාක්ෂී ඇතත් එය සනාථ කර අප ඉතිහාස පොත් පත් වෙනස් නොකරන්නේ මන්දැයි මහත් ගැටළුවකි. වත්මන් හා අනාගත පරපුරට ඒ අභිමානවත් ශ්‍රී විභූතිය සත්‍ය ලෙස පහදා නොදෙන්නේ කුමක් හේතු සාධක කරගෙනද?
අප දන්නා ඉතිහාසයේ අභයගිරි දාගැබ ජේතවනාරාම දාගැබ ලෙසත් ජේතවනාරාම දාගැබ අභයගිරි දාගැබ ලෙස පුද සත්කාර කළෙමු. පුරාණ සෙල්ලිපි වල ඇති කරුණු පාදක කොට ගෙන වර්තමානයේ අනුරාධපුරයේ අභයගිරියජේතවනයමාරුවීම් සකස් කළ පරිද්දෙන් විජය රජුගෙන් ආරම්භ වූ ඉතිහාසයක් නොව මහා සම්මතයේ සූර්ය වංශික රාජ්‍ය පරම්පරා ආරම්භය ලෙස මහාවංශයට ඇතුල් කළයුතු නොවේ ද? 
ජගත් කීර්තිධර පුරාවිද්‍යාඥයා  මෙන්ම ඉතිහාසඥයා වන මහචාර්ය සෙනරත් පරණවිතාන මැතිතුමා කළඅති උදාර ශ්‍රී ලංකික යුග මෙහෙවරට එතුමාට සදා පිං දෙන අතර රාජ්‍ය වර්ෂ 1946 දී පමණ ''රාමාසීතා,රාවණ මනකල්පිතයකි. නටඹුන් මෙතෙක් සොයාගෙන නැතැ'' යි එතුමා අවධාරණය කිරීම ගැන අප කනගාටු වන්නෙමු.
 
මල්වතු විහාර පාර්ශවයේ අනුනායක පරම පූජනීය අපවත් වී වදාළ අඹන්වැල්ලේ සිරි පඤ්ඤාසේකර මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ දැනට දශක කිහිපයකට පෙර රාවණා රජුගේ නොදිරන දේහය නුවර එලියේ කඳු ශිඛරයේ ඇති බැව් පුවත්පත් ලිපියක් හරහා හෙළිදරවු

Monday, October 28, 2013

මේ සැබැවින්ම පරාක්‍රමබාහු රජු ද? පුලස්ථි සෘෂිවරයා ද?

මේ සැබැවින්ම පරාක්‍රමබාහු රජු ද? පුලස්ථි සෘෂිවරයා ද?

පොළොන්නරුවේ පොත්ගුල් විහාර පරිශ්‍රයේ ඇති මෙම ප්‍රතිමාව ලොකු කුඩා සෑම කෙනෙක්ම දැක ඇතුවාට සැක නැත. බොහෝ දෙනා මෙම ප්‍රතිමාව හදුන්වන්නේපරාක්‍රමබාහු රජුගේ ලෙස වුවත් සැබැවින්ම මේ සිටින්නේ පුලස්ති සෘෂිවරයාබව දැන් හදුනාගෙන ඇත.නමුත් කණගාටුවට කරුණක් වන්නේ තවමත් පාසල් පෙළපොත් වල මෙම ප්‍රතිමාව සැළකෙන්නේ මහා පරාක්‍රමබාහු රජු ගේ ලෙසය. තවද, පොලොන්නරුවේ මෙම ප්‍රතිමාව ආසන්නයේ මෙම පිළිරුව ගැන හැදින්වීමේ පුවරුවක් සවි කර ඇත.එහි සදහන් වෙන්නේ මෙසේය,

                            පොත්ගුල් විහාර ප්‍රතිමාව
ආසියානු කලාවේ විශිෂ්ට නිදර්ශණයක් ලෙස පොත්ගුල් විහාර ප්‍රතිමාව සලකනු ලැබේ. මෙය මහා පරාක්‍රමබාහු රජතුමාගේ ( ක්‍රි.ව. 1153 - 1186) ප්‍රතිමාවක් බව සම්ප්‍රදායානුකූල පිළිගැනීමයි. එහෙත් ඇතැම් විද්වතුන් අදහස් කරන්නේ මෙයින් පුලස්ති, අගස්ත්‍ය හෝ කපිල යන සෘෂිවරයන් අතරින් කෙනෙකු නිරූපනය වන බවය. මෙම ප්‍රතිමාවේ දක්නට ලැබෙන එක් විශේෂත්වයක් වන්නේ එහි දෑතින් දරා සිටින වස්තුවයි. එය ග්‍රන්ථයක් බවත්, ඉන් එය දරා සිටින්නාගේ

Sunday, October 27, 2013

හෙළයන් විසින් නිම වූ ආදම්ගේ පාලම - රාවණා 13 වන දිගහැරුම

ලංකා ඉතිහාසයේ හමුවන ප්‍රථම අධිරාජ්‍යයා වන්නේ රාවණ රජුය. ලංකා පුරය රාජධානිය කරගත් හෙතෙම අහසින් යා හැකි දඬුමොණර යන්ත්‍රය උපයෝගී කරගනිමින් අසල්වැසි රාජ්‍යයන් හා

සම්බන්ධකම් පැවැත්වූ බවට අතීත ජනප්‍රවාදයන්හි සඳහන් වේ. පුරාවිද්‍යාඥයෝ හා ඉතිහාසඥයෝ මෙම රාම රාවණා කතා පුවත් විශ්වාස කිරීමට මැලි බවක් දැක්වුවද ඇමරිකාවේ ජාතික ගඟන හා

අජටාකාශ ආයතනය (නාසා) මේ වනවිටත් ලොව සියළු දෙනාගේ අවධානය මේ වෙත යොමු කිරීමට හේතුවන සාධක ඉදිරිපත් කර ඇත. මේ අනුව ලොව මිනිසුන් විසින් තනන ලද පැරණිතම පාලම

හෙළයින් විසින් හෙළදිව සහ ඉන්දියාව යා කරමින් තනා තිබූ බව පවසන නාසා ආයතනය පෝක් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව ගන්නා ලද චන්ද්‍රිකා ඡායාරූප ප්‍රතිබිම්බ ගත කරමින් දීර්ඝ කාලයක් කරන ලද පර්යේෂණ

මඟින් ඒ බව තහවුරු කිරීමට හැකි බව පෙන්වා දෙයි.

නාසා ආයතනය තව දුරටත් පවසන්නේ මෙම පාලමටම විශිෂ්ට වූ වක්‍රතාවය හා එය නිර්මාණය කරන ලද කාලය සලකා බැලීමේදී මෙය ස්වාභාවික නිර්මාණයක් විය නොහැකි බවත් මිනිසාගේ නිර්මාණයක්

බවත්‍ ය. නාසා ආයතනය පවසන පරිදි ලංකාවේ මානව ජනාවාස බිහිවීම අදින් වසර 17,50,000ක පමණ ඈත අතීතයකට දිවයයි. රාමායණයට වස්තුබීජ වූ වකවානුවේ ලංකාවේ ඉතාමත්ම

Friday, October 25, 2013

හෙළ ඉතිහාසයෙන් අමතක කිරිමට බැරි රාවණා රජු - රාවණා 12 වැනි දිගහැරුම

කාලෙකට පස්සේ ගහයට බංකුවට වෙලා ටිකක් සැනසිල්ලේ උඩ බලාගෙන හිටියා. එක පාරටම මහා දෙදරුම් හඬක් එක්ක මගේ ඉහට උඩින් හෙලිකොප්ටරයක් ගියේ රත්මලාන ගුවන් තොටුපළේ ගොඩබාන්න වෙන්න ඕන. ඒ එක්කම ඊයේ පෙරේදා ආචාර්ය සූරිය ගුණසේකර මහත්තයාගේ ඓතිහාසික රාවණ කෘතියට ගිය දවස මතක් වුණා. පුෂ්පක විමන ගුවන් යානයද හෙලිකොප්ටරය ද? විශ්ව කර්මද රයිට්ස් සහෝදරයොද? වර්තමානයෙන් අතීතයට ඇදෙන හිතට නවතින්න තැනක් සොයා ගන්න බැහැ වගේ. මම ආයෙත් දුවගෙන ගිහින් පොතේ මට අවශ්‍ය පරිච්ඡේද කීපයක් එක හුස්මට කියෙව්වා.

ඒ එක්කම මට මතක් වුණේ පොත එළි දැක්වීමේදී දේශනාවල කියැවුණු දේ. මහාචාර්ය රාජ් සෝමදේව මහත්තයා කී විදිහට විජයාවතරණයට අවුරුදු දෙදහකටත් එහා ගිය මානව ඉතිහාසයක් දැන් අපේ රටෙත් හමුවෙලා තියෙනවා. යකඩ සොයාගත් මිනිස්සු පිරිසක්, ආදාහනාගාර භාවිත කළ පිරිසක්, යමක් දැවෙන්න වාතය වුවමනාබව දන්න ඒ නිසා මැටියෙන් කළ ආදාහනාගාරවලට වායුව ලැබෙන ටෙරාකොටා බට දාලා හදන්න තරම් දැනුමක් තිබූ පිරිසක් ඒ කාලේ ඉඳලා තිබෙනවා.

ලංකා ලංකා පෙම්බර ලංකා ගීතයේ බලිතරු රාවණා ගැමුණු විජය බා කියලා ලියලා තිබුණත් දඬු මොනරේ ගැන කොතරම් අහලා තිබුණත් රාවණ කියලා රජකු හිටියාය කියලා හිතන්නවත් තරම් උවමනාවක් ඇතිවෙන්න ඒ ටික ප්‍රමාණවත් වුණේ නෑ. යටත් විජිත මානසිකත්වයෙන් මිදෙන්න බැරිව ගුණසේකර මහත්මයාගේ ම වචනෙන් කීවොත් කළු ඇඟක් සහ සුදු හිතක් තියෙන අපිට ඉගෙන ගන්න ලැබුණු ඉතිහාස රාමුවෙන් එහාට ලෝකයක් තිබුණද කියලා හාංකවිසියක්වත් ඇති වුණේ නැද්ද ඇති කළේ නැද්ද කියලත් සැකයි.

අනික අපි දැන් පුරුදුවෙලා තියෙන්නේ විද්‍යාත්මකව ඔප්පු කරල පෙන්වන දේවල් ම පිළිගන්නනේ. නැත්නම් අපේ උගත්කම පිළිබඳ ප්‍රශ්නයක් අනිත් අයට ඇතිවෙයිද කියලත් බයයිනේ.
ඒ වුණාට රස වෙදකම, පිරමිඩ දේවාලයේ අවුරුදු 4500 ක් පැරණි ගුවන් යානාවක මැටියෙන් අඹන ලද රූපය, රාම රාවණ යුද්ධය පිළිබඳ කතා ප්‍රවෘත්ති, නහුත රජුට බින්දු විසි හතකින් ලියැවෙන

Wednesday, October 23, 2013

අතීතයේ ලොව දියුණුම ශිෂ්ඨාචාරයව පැවතුනේ හෙළ ශිෂ්ඨාචාරයද? රාවණා 11 වන කොටස

අපි පැවත එන්නේ විජය කුමරුගෙන් නොවන බව දැන් පැහැදිලි වෙමින් පවතී
ආදම්ගේ පාලම හෙවත් රාවණ පාලම මිනිසුන් විසින් සදා ඇති බවත් එය අවුරුදු ලක්ෂ ගණනක් පැරණි බවත් අද නාසා ආයතනය පිළිගෙන ඇත .
මහාවංශයේ දෙවැනි කාණ්ඩයට අයත් මුලික පාලි ග්‍රන්ථයේ 40 වන පරිචේදය නැති බවත් එය සිගිරිය හා රවන රජු පිළිබද විස්තර ලියවූ පරිචේදය බවත් 21 වන සියවසේ එම කොටස් බටහිරින් අන්තර්ජලයට එක්වී ඇති බවත් ඔබ දන්නවද
ලෝකේ පුදුම හතෙන් එකක් වන බැබලෝනියාවේ එල්ලෙන උයන සැදුවේ සිංහ මිනිසුන්ගේ රටේ සිහගිරි නම් පර්වතය අනුසාරයෙන් බවත් එය සැදීමට සිංහ මිනිසුන් අහසින් ආ බවත් සාක්ෂි සහිතව 1998 සිට නුතන ලෝකය දන්නා බවත්
මොන්ජදරෝ හා හරප්පා ශිෂ්ටාචාර විනාස වුවේ න්‍යෂ්ටික පහරදීමකින් බවද එය එහි තිබු පාෂාණ කොටස් තිරිවාන බවට පත් වී තිබු බවත් එසේ වීමට නම් 3000C අවශ්‍ය බවත් නාගසාකි හා හිරෝෂිම හි මළසිරුරු වල විකිරනශීලි තත්ත්ව මොන්ජදරෝ හා හරප්පා හි ඇටසැකිලි වල විකිරනශීලි තත්ත්ව හා සමාන බවත් එවැනි තක්සනාවක් එකල වූවා නම් අධිවේගී ගුවන් යානා හා න්‍යෂ්ටික අවි තිබිය යුතු බවත් ඔබ දන්නවද
ක්‍රිස්තු පුර්ව 4 දී ග්‍රීක ජාතික ප්ලේටෝ විසින් කියන ලද අත්ලාන්තික් පුරවරය හා හනුමා දුටු ලංකා පුරය එකම තැනක් ගැන ලියවුනු ලිපි දෙකක් බවත් ,
1998 දී USA හමුදා විසින් වෙයිමනික ශාස්ත්‍ර හා වෙනත් ලියවිලි අනුව merecury vortex engine සහිත ගුවන් යානාවක් සාර්ථකව

Monday, October 21, 2013

රාවණා රජුට බුදුන් වදාළ ලංකාවතාර සූත්‍රය - රාවණා 10 වන කො‍ටස

අපි අපේ ඉතිහාසය සොයා යන ගමනේදී, රාවණ රජු ලංකාවේ පළමු බෞද්ධ රජතුමායි යන මාතෘකාවෙන් ලියන ලද ලිපියේදී බුදුන් වහන්සේ විසින් රාවණ රජු අරබයා දේශනා කල සූත්‍රය යනුවෙන් ලංකාවතාර සූත්‍රය පිළිබද සදහනක් කලා. මෙම සූත්‍රය අපට ථෙරවාදී බුදු දහම තුල හමුවන්නේ නැහැ. මීට අමතරව සද්ධර්ම කුණ්ඩලී, විසකුම්භන වැනි සූත්‍ර දේශනාත් ථෙරවාදී බුදුදහම තුල දක්නට නොලැඹෙන නමුත් මහායාන බුදුදහමේ දක්නට ලැබෙනවා.
                    කොහොම වුණත් ලංකාවතාර සුත්‍රයේ සිංහල පිටපතක් නම් දක්නට නැහැ. මුල් පිටපත දක්නට ලැබෙන්නේ චීන භාෂවෙන්. මේ ලිපි පෙලෙන් ගෙන ඒමට බලා පොරොත්තු වන්නේ ලංකාවතාර සුත්‍රයේ සිංහල පර්වර්තනයයි.

මෙය අපේ සැබෑ ඉතිහාස ගවේෂණයට සම්බන්ධ වන්නෙ කෙසේදැයි යමෙක් අසනවා නම්, එයටත් සටහනක් තියලම සුත්‍රය දේශනාවට යොමු වෙන්නම්. ශ්‍රි ලංකාව යනු ථෙරවාදී බෞද්ධ රටක්, 
ලංකාවේ බෞද්ධයන් වැඩි පිරිසක් ථෙරවාදී බෞද්ධයන් විදියට තමයි හදුනාගත හැක්කේ. අප රටේ ජනප්‍රිය මතය නම් මහින්දාගමනයත් සමගම බුදුදහම ලංකාවට පැමිණියා යැයි කියන එකනේ. එය එසේ නොවී මහින්දාගමනයත් සමගම ථෙරවාදී බුදුදහම ලංකාවේ ස්ථාපිත වුණායැයි කියලා කියන එක තමයි මාගේ මතය නම්. එයට උදාහරණ ලෙස මෙම ලංකාවතාර සූත්‍රය ගන්න පුළුවන්. මානෑවේ විමළරතන හාමුදුරුවන් වහන්සේට අනුව නම් බුදුරජානන් වහන්සේ ප්‍රථමයෙන්ම අභිධර්මය දේශනා කරලා තියන්නේ ලක්වැසියන්ටයි.
අපි උපකල්පනය කලහොත් රාවණ රජු වැනි අති ශ්‍රේෂ්ඨ රජෙක් මහායාන බෞද්ධයෙක් කියලා, මහින්දාගමනයේ අද දක්වා තිබෙන ථෙරවාදී ආධිපත්‍ය මත රාවණ ඉතිහාසය වගේ දැවැන්ත, ශ්‍රේෂ්ඨ ඉතිහාසයක් මැකිය නොහැකි බැවින් එය ලක් ඉතිහාසයෙන් සූක්ෂමව සගවා තැබූ බව අපට සිතන්න පුළුවන්. මොකද මහායානය ඉස්මතුවීමට කිසිම ඉඩක් අපි දන්නා ලක් ඉතිහාසය තුළ දක්නට නැහැ. නියම බෞද්ධයන් ලෙස මහායාන හෝ ථෙරවාදී ලෙස නොබෙදී විවෘත මනසකින් විමසීමට, ගවේෂණයට අපි යොමුවිය යුතුයි

       ඒ නිසාම ලංකාවතාර සූත්‍රය

Friday, October 18, 2013

පිරමීඩ තාක්ෂණය ලොවට බෙදා හැරියේ හෙළයින්ද?....

1998 දී ඇමරිකානු පුරාවිද්‍යාඥයන් පිරිසක් බැබිලෝනියාවේ පුරාවිද්‍යා කැනීමක් කරන ලදී. එහිදී සොයාගත් දේ “History Channel” නැමති ඇමරිකානු රූපවාහිනී චැනලයෙන් ලොවපුරා ප්‍රචාරය කරනලදී. සොයාගන්නා ලද පිලිස්සුනු මැටි පුවරු ලේඛන මගින් කියවුනේ බැබිලෝනියානු ශිෂ්ටාචාරය ඔවුන් විසින් ගොඩනගන ලද්දේ ගුවන් මගින් ආ සිංහ මිනිසුන් කියාදුන් පරිදි බවයි. මෙම සිංහ මිනිසුන් හෙලයන් බව නිශ්චය කරගන්නේ ලොව පුදුම හතෙන් එකක් වන බැබිලෝනියාවේ එල්ලෙනෙ උයන් වතු සිංහ මිනිසුන්ගේ රටේ “සිහගිරි” නම් ස්ථානයේ ඇති ආකාරයට නිර්මාණය කරන ලද බව එම මැටි පුවරු වල සඳහන් වීමෙනි. “

“කාශ්මීර රාජාවලියේ වංශකතාව වන “රාජතරංගනිය” පවසන පරිදි මිසරයේ පිරමීඩ සෑදීමට තාක්ෂණික දැනුම සපයන ලද්දේ හෙල අසුරයින්ය.” (රුවන්වැලිසෑය, මිරිසවැටිය හා ජේතවනාරාමය යන චෛත්‍යය තුන හා ඊජිප්තුවේ පිරමීඩ තුනෙහි පිහිටීම ඔරායන් තරු රාශියේ බඳ පටිය ලෙස හඳුන්වන තරු තුනට එල්ලවන පරිදි නිමවා තිබීම මෙයට සාක්ශියකි.)


“ලෝකයට ශිෂ්ටාචාරය බෙදා දුන්නේ හෙලයන් විසින් බව මීට වසර 10 කට ප්‍රථමයෙන් (1997) අරීසෙන් අහුබුදු සූරීන් කියන විට “මෙම ලියුම්කරුද” ඊට සිනාසුනි. අපගේ මොල හැඩ ගස්වා ඇත්තේ එපරිද්දෙනි. නමුත් බටහිර ලෝකය විසින් දැනට සොයාගෙන ඇති තොරතුරු අනූව ඔහුගේ අදහස නිවැරදිය.“
උපුටා ගත්තේ sinhalakuna.blogspot ඇසුරිනි

Tuesday, October 15, 2013

රාවණා වංශයේ සැගවුණු තොරතුරු - රාවණා 9 වන කොටස

                     
මහාවංශයට වඩා ඉපැරැණි ලියෑවිල්ලක්‌ වන වරිග පූර්ණිකා නම් යක්‌ෂ ජන සමූහයාට අයත් පුස්‌කොළ පොතෙහි ශ්‍රී රාවණ අධිරාජයාගේ නාමය යගු කෞරාණ මන්ඨක ලෙස සඳහන් වේ. මන්ඨක යනු යකුය. එබැවින් එම නාමයෙහි සිංහල තේරුම “සියල්ල සම්පූර්ණ කළ යකා” වේ. රාවණා යුගයෙන් පසුව එතුමාගේ රවිශෛලාශ හෙවත් ඉරුගල් බණ්‌ඩාර යක්‌ෂ පරපුර ඉන්ද්‍රජිත් (මේඝනාද) ලෙස ප්‍රචලිත ශ්‍රී රාවණ රජු හා මදෝරා(මන්දෝතාරා) දේවියගේ දෙටු පුත්‍රයාගෙන් පැවත එමින් අද දක්‌වා ලංකා පොළාව මත ජීවත් වෙයි. රාවණා සම්බන්ධ පුවත වළලා දමා හෙළ ජනසම්භවය මැරීමේ මහා කුමන්ත්‍රණයට බ්‍රිතානීන් ද සම්මාදම් වෙමින් ලංකා ඉතිහාසයෙන් රාවණා යුගය ඉවත් කර ඇත. ඉන්දියාවේ කාලිංග වංශික විජය මෙරට ආදිතම රජු ලෙස දක්‌වන අලුත් ඉතිහාසයක්‌ ඔවුන්ගේ අධ්‍යාපන ක්‍රමය ඔස්‌සේ ලංකාවේ අපට බලෙන් ඒත්තු ගන්වා තිබේ. නමුත් බෞද්ධයකු නොවන විජය හෙළ ජන සමාජය සමූල ඝාතනයට උත්සාහ කළ ප්‍රබල ආක්‍රමණිකයකු බව අපට නොවැටහීම අභාග්‍යයකි.

           රාම, විජය, එළාර, කාලිංග මාඝ, බ්‍රව්නින් මෙන්ම ප්‍රභාකරන් ද මෙරට ජන සම්භවය විනාශ කිරීමට උත්සාහ කළ ආක්‍රමණිකයන් ලෙස සැලකීම වටී. ඊට එරෙහිව නැගී සිටි ලොව පැරැණිතම ඉතිහාසයක්‌ ඇති රාවණා පරපුර කිසි කලෙකත් නොනැසිය හැකි බලවේගයක්‌ බව වර්තමානයේදී පවා පැහැදිලි වේ. මහා රාවණ ඉතිහාසයේ එන පුලතිසිපුරය හෙවත් දෙමළ බසින් පුලත්නරු නම් වන පුලතිසි සෘෂිවරයාගේ නගරය මෙරට ස්‌වර්ණමය යුගයකට උරුමකම් කියන භූමියකි. එහි ඇති පුලතිසි ප්‍රතිමාව ලංකා ඉතිහාසයේ අනාදිමත් කාලයක්‌ නිරූපණය කරන ප්‍රබල පුරාවිද්‍යා සාධකයකි. කිසිදු රාජ්‍ය ආභරණයක්‌ නොපළඳින උතුම් යෝගිවරයකු ගේ ස්‌වරූපය පිළිබිඹු වන මෙම ප්‍රතිමාව පරාක්‍රමබාහු රජුගේ යෑයි පැවසීම ලක්‌ වැසියන් මුළා කිරීමක්‌ වන අතර එම නගරය පොළොන්නරුව යනුවෙන් ව්‍යවහාරයට හුරු කිරීම මෙරට ඉතිහාසය වසන් කිරීමේ තවත් වෑයමකි.

                         වර්තමාන පරාක්‍රම සමුද්‍රය පිහිටි භූමිය අතීතයේ පුලතිසි සෘෂිවරයාගේ තපෝවනය වේ. පරාක්‍රමබාහු මහා අධිරාජ්‍යයා පවා

Monday, October 14, 2013

උපන් දිනයෙන් කෙනෙකුගේ ගතිගුණ දැන ගන්න හැටි

කෙනෙක් ඉපදුන දවස අනුව එයාට අයිති ගති ලක්ෂණ දැනගන්න පුළුවන්ලු. මේක 100%ක්ම හරි නැති වෙන්නත් පුළුවන්.කියවලා කොච්චර දුරට හරිද කියලා

*** *** *** *** ***





ඔබ උපන්නේ මාසයේ පළමුවන දා නම්,
ඔබ නායකත්වයට හා පාලනයට ඉතා දක්ෂ අයකු ලෙස සැලකේ.ඔබට ඉතා විශාල ආත්ම ශක්තියක් හිමිය. ඔබ තෝරාගන්නා මාර්ග හා ක්රියා පිළිවෙත් බොහෝ විට නිවැරදි වේ. සංවේදී අයකු වූවත් බාහිර පරිසරයට හා අවස්ථාවන්ට ගැළපෙන පරිදි හැගීම් යටපත් කර තබා ගැනීමට ඔබට හැකියාව ඇත.

2දා උපන් ඔබට,
හැගීම්බර, සංවේදී, ඉක්මනින් උණුවන හිතක් හිමිය. ඔබේ ආදරවන්තයා හෝ ආදරවන්තිය ඔබගේ හැගීම් තේරුම් ගත හැකි අයකු වනවා දැකීමට ඔබ නිරන්තරයෙන් බලාපොරොත්තු වේ. සමාජශීලී ඔබට ඉතා ඉක්මනින් හා පහසුවෙන් මිතුරන් ඇතිකර ගැනීමට හැකියාවක් පවතී. නමුත් සමහර අවස්ථාවලදී ඉතා ඉක්මන් කේන්තිකාරයකු විය හැකිය. එවැනි අවස්ථාවලදී ඔබේ ධෛර්ය්ය අඩු විය හැකිය. ඔබ ඉතා හැගීම්බර අයකු බැවින් සුළු දේවලින් පවා කළබලවී මානසික අසහනයට හා හිතේ සාංකාවට පත් වීමේ නැඹුරුවක් පවතී.

මාසයේ 3 වන දින උපන් ඔබ

Friday, October 11, 2013

වාල්මිකීගේ රාමායණයේ සැගවුණු කතාව - රාවණා 8 වන කොටස

2010 පෙබරවාරි 24 දින මහාචාර්ය වික්‍රමතුංග මහතා දිවයින බදාදා අතිරේකයට යොමු කළ "රාවණ අධිරාජ්‍යයේ ඔටුන්න හිමි කුමාරයා" සිරස්‌තලය යටතේ පළකළ ලිපියේ කරුණු ගෙන හැර දැක්‌වූ වාල්මිකීගේ රාමායණය මූලාශ්‍ර කරගෙන රචිත ලිපියේ අඩංගු කරුණු ශ්‍රී ලංකා විරෝධී ග්‍රන්ථයක්‌ මූලාශ්‍ර කරගෙන රචනා වී ඇති බව එතුමාට නොවැටහුනද, එහි අඩංගු කරුණු මෙරට ඉතිහාසයට සෘජු බලපෑම් එල්ල කරනු ලබන ප්‍රබලම ශ්‍රී ලංකා විරෝධී ග්‍රන්ථයක්‌ බව කිව යුතුය.

වාල්මිකීගේ රාමායණය ඉන්දියාවට ප්‍රධාන මූල ග්‍රන්ථයක්‌ වුවාට ශ්‍රී ලංකාවේ බෞද්ධ, මුස්‌ලිම්, ක්‍රිස්‌තියානි ජාතීන්ගේ පිළිගැනීමට ලක්‌වූ ග්‍රන්ථයක්‌ නොවේ. එය මෙරට ඉතිහාසය සොයා ගැනීමට මූල ග්‍රන්ථයක්‌ ලෙස කිසි විටෙකත් භාවිතයට නොගනී. මන්දයත් එය ශ්‍රී ලංකා විරෝධි ග්‍රන්ථයක්‌ බැවිනි. එබැවින් එහි පරිච්ඡේද කිහිපයක අඩංගු කරුණු ගෙනහැර දක්‌වමින් ශ්‍රී ලංකාවේ පාලකයකු ලෙස කටයුතු කළ රාවණ රජු ගේ ඉතිහාසය මතු කිරීමට උත්සාහ දැරීම මෙරට ඉතිහාසයට සිදු කරන්නා වූ බලවත් ෙද්‍ර`හීකමකි. ලොවපුරා තායිලන්ත, රාමායණය, වාල්මිකීගේ රාමායණය, දෙමළ රාමායණය ආශ්‍රිත කොට ගෙන ග්‍රන්ථ රචනා වී ඇත. කාලිදාසයන්ගේ ජානකීහරණයට ද මූලාශ්‍ර කොට ගෙන ඇත්තේ වාල්මිකීගේ රාමායණයයි. ප්‍රථමයෙන් මෙම වාල්මිකීගේ රාමායණය කුමක්‌ දැයි හඳුනාගත යුතුය. මුල් අවස්‌ථාවේ ග්‍රන්ථයක්‌ ලෙස නොපැවති මෙය සංස්‌කෘතික ශ්ලෝක 24000 කින් සැකසී තිබුණි. සමස්‌ත රාමායණයට අනුව වාල්මිකී යනු සොර දෙටුවෙකි. ඔහු වනාන්තරයේ මං පහරමින් සිට පසුව සෘෂිවරයෙක්‌ බවට පත්විය. මෙය වාල්මිකී නම් සොරදෙටුවා රාජ වරප්‍රසාද ලබා ගැනීමට රාම නම් අසත්පුරුෂයාගේ ස්‌වකීය බිරිඳ වන සීතා එළවා දැමීමෙන් පසු ඇය තම අසපුවේ තබාගෙන ඊතණ ගසකින් සීතාවට ඕපපාතිකව දරුවකු පහළ කර දෙයි. මෙවැනි ප්‍රකාශ, මනස්‌ගාත, මනෝවිකාර බව ලොව ඕනෑම බුද්ධිමතකු පිළිගනී. රාමායණයට අනුව එම දරුවන් දෙදෙනා ලව, කුස නම් වේ. මින් එක්‌ දරුවෙක්‌ වාල්මිකීගේ බව ඊතණ ගසකින් සීතාවට දරුවකු ලබාදීමෙන් තහවුරු වී ඇත. ස්‌ත්‍රියක්‌ වෙත පුරුෂාධිපත්‍ය පැතිරවීම ඉන්දියානු සම්ප්‍රදායකි. එය හෙළයට වලංගු නැත. ඔවුන් සමාජ විරෝධී සති පූජා පැවැත්වූ මිලෙච්ඡ ජන කොට්‌ඨාසයකි. ලක්‌දිව හෙළ කාන්තාව කිසි විටෙකත් තම සැමියා මියගිය පසු ගිනිමැලයට ඇද දමා ඇති බවට කිසිදු සාධක හෙළ ඉතිහාසයේ නොමැත. එබැවින් වික්‍රමතුංග මහාචාර්යවරයා රාවණා රජුගේ පුත් ඉන්ද්‍රජිත් නම් තැනැත්තෙකුගේ බිරිඳ සැමියාගේ වියෝවෙන් පසු ගිනිමැලයට පැන්නේ කුමන පරිච්ඡේදයේ දැයි හෝ සංස්‌කෘතික ශ්ලෝක පාඨයක්‌ රාමායණ තුළින්ම පෙන්වන ලෙස ඉල්ලා සිටිමි.

වාල්මිකීගේ රාමායණය ලෝක සාමයට තර්ජනාත්මක ග්‍රන්ථයකි. මෙම ග්‍රන්ථය ඉන්දියානු ජන සමාජයට බමුණන් විසින් ඒත්තු ගැන්වීම තුළින් ඔවුන්ගේම අසල්වැසි ශ්‍රී ලංකාව ආක්‍රමණය කිරීමට ඉන්දියානු ජන සමාජය පොළෙඹවයි. මේ සඳහා ඔවුන් ආගමික විගඩමක්‌ ද රාමායණය තුළින්ම ගොඩනගාගෙන ඇත. එනම් දුසේරා නම් ආගමික පූජාවක්‌ මගින් වාර්ෂිකව රාවණා, ඉJද්‍රජිත්, කුඹුක්‌කන් යන චරිත පුළුස්‌සා දමමින් විකෘති මානසික තෘප්තියක්‌ අද දක්‌වාම කරනු ලබයි. ඔවුහු මෑතක්‌ වන තුරුම විවාහක බිරිඳ ගිනි මැලයට දමා සති පුජාව පවත්වති.

වාල්මිකීගේ රාමායණය අනුව නම් වාල්මිකී නැමැත්තා ද විකෘති මානසික තත්ත්වයකින් හෙබි අයකු බව එම ග්‍රන්ථය මනා ලෙස අධ්‍යයනය කරන ධර්මිෂ්ඨයකුට වටහා ගත හැක. බුදු දහමට අනුව වාල්මිකීගේ රාමායණයේ එන රාම, ලක්‍ෂ්මන නම් දෙපළට දිට්‌ඨ ධම්ම වේදනීය කර්මය ඵල දී ඇත. එනම් මානසික ආතතියෙන් හා රෝගයන්ගෙන් පෙළුණු රාම ලක්‍ෂ්මණ සයුරු ගංගාවට පැන සියදිවි නසා ගෙන ඇත. සීතා කඳු මුදුනින් පැන සියදිවි නසා ගෙන ඇත. නමුත් වාල්මිකී නම් සොර දෙටුවා මොවුන් දේවත්වයට පත්කර සමාජගත මතවාදයක්‌ ස්‌ථාවර ගොඩනගා ඇත. භේද භින්න වී සියදිවි නසාගත් අඹුසැමි යුවළක්‌ දේවත්වයෙන් විවාහයේ සංකේතයක්‌ ලෙස වන්දනාවට පත්කර ගනී. (රාම සීතා කතා පුවත)

අධර්මයේ ජය, ධර්මයේ ජය ලෙස රාමායණය සඡ්ජායනා කරමින් දරුවන්ගේ මනසට කාවද්දයි. වාල්මිකීගේ රාමායණය හදාරන්නන්ට සමාජයට දිය හැක්‌කේ මෙවැනි අධ්‍යාපන ක්‍රමයකි. නමුත් ලෝක පූජිත රාවණා රජු පිළිබඳව විද්‍යාත්මක පර්යේෂණයේ යෙදුණු දේශප්‍රේමී උගතුන් රාවණා රජු පිළිබඳව රාමායණය තුළින් කරුණු ගෙනහැර දක්‌වා නොමැත. අපවත් වී වදාළ රාජකීය පණ්‌ඩිත කිරිඇල්ලේ C¹ණවිමල හිමි, ආරියදාස සෙනෙවිරත්න සූරීන්, ගුණපාල මලලසේකර සූරීන් නොමැති යුගයක මේ පිළිබඳව විද්‍යාත්මක ගවේෂණයක යෙදුණු ආරිසෙන් අහුබුදු, ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර, රාජකීය පණ්‌ඩිත මානෑවේ විමලරතන හිමි, ආචාර්ය ජලිත අමරසිංහ වැනි උගතුන් විසින් හරවත් ග්‍රන්ථ හා ලිපි මගින් රාමායණයේ ඇති ලංකා විරෝධි බව පුලපුලා පැවසුවද, මේ ගැන අවබෝධයක්‌ නොතිබීම ජාතියේම අවාසනාවකි. රාමායණය කරපින්නාගත් ඉන්දියානු ජාතිවාදීන් රන් දෙවොලක්‌ බිඳ මහා විනාශයක්‌ කර ගැනීමෙන් පසු, අවසානයේ හමුවූයේ බෞද්ධ නටබුන් පමණි. එබැවින් රන් දෙවොලද අනාගතයේ බුදු මැදුරක්‌ වනු නොඅනුමානය. රාමායනයේ ඉගැන්වීම් ලංකා ඉන්දියා මිත්‍රත්වය පලුදු කිරීමේ කුහක මතවාදයකි. රාවණා ඉතිහාසය ගවේශණය කිරීමට අප්‍රමාණ සාධක මෙරට පවතී. එබැවින් හෙළ සංස්‌කෘතිය, ජනශ්‍රැතිය, දේශීය වෙදකම හා බෞද්ධ සූත්‍ර අනුව රාවණා හා ඔහුගේ පරපුර උතුම් ගුණාංග සහිත ජාතියකි.

01. රාවණා යනු වෛද්‍ය ශිරෝමණී වෛද්‍යවරයෙකි. රාජකීය පණ්‌ඩිත කිරිඇල්ලේ Cඳාණවිමල හිමියන්ට අනුව - දේශීය වෛද්‍ය ශබ්දකෝෂයේ පෙරවදන

02. හින්දු දර්ශනයේ ශිව සෘෂිවරයා සිහිවීමට ශිවස්‌ත්‍රෝත්‍රය රචනා කළ පාලකයෙකි. (නමුත් ශිව දෙවියන් උදෙසා මෙම ශිව ස්‌ත්‍රෝත්‍රය සඡ්ජායනා කරන ද්‍රවිඩ, හින්දු බැතිමතුන් රාවණයන්ට හා හෙළයන්ට විරුද්ධවීම කෙතරම් අවාසනාවක්‌ද?)

03. ලංකාවතාර මහායාන සූත්‍රය අනුව රාවණා බෞද්ධ චක්‍රවර්ති රජෙකි

එබැවින් වාල්මිකීගේ රාමායණය වැනි මනස්‌ගාත, ලංකා විරෝධී ග්‍රන්ථයක්‌ මූලාශ්‍ර කොට නොගෙන රාවණා ඉතිහාසය ගවේශනය කොට, මෙරට හෙළ යුගය ගවේශනය කරන්නේ නම් මැනවි. රාවණා පරපුර අශ්වමේද වැනි සත්ත්ව බිලිපූජා යාග කර්ම කළ බවට මෙරට ඉතිහාසයේ ද කිසිම සාධකයක්‌ නොමැත.

රාම රාවණා කතාව මනඃකල්පිත බව ඇතැම් උගතුන්ගේ මතවාදයකි.

නමුත් ලොව පිළිගත් නාසා ආයතනය, ඉන්දියාවත්, ලංකාවත් අතර ඇති (මන්නාරමත් රාමේෂ්වරමත් අතර ඇති ගල්වැටිය) පාලම වසර 175,000 ට පෙර මිනිසුන් විසින් නොඩනැගූ බවට තහවුරු කිරීම ලංකා ඉතිහාසය උඩුයටිකුරු කරනු ඇත.
ඉන්ද්‍රජිත් බණ්‌ඩාර

දිවයින ඇසුරිනි

Tuesday, October 8, 2013

රාමායනය මිත්‍යාවක් නොවේ - රාවණා 7 වන කොටස

රාමායණය තුළින් රාවණා ඔප්පු කළ හැකි නම් මහා භාරතය තුළින් ක්‍රිෂ්ණ ද ඔප්පු කළ හැකි බවට අභියෝග කරමින් මේ ග්‍රන්ථයෙහි එන සාහිත්‍යමය වර්ණනා මත පමණක්‌ පිහිටා එහි ඇති සැඟවුණු ඵෙතිහාසික පුවත් ද බැහැර කරයි. මේ කෘතීන් දෙක ම වීර කාව්‍යයන් වන අතර ඒවා ඵෙතිහාසික කරුණු පෙළගැස්‌වීමට වඩා සාහිත්‍යමය පදනමක පිහිටා ලියන ලද බැවින් අතිශයෝක්‌ති, අලංකාර, මිථ්‍යා කථා බහුල වේ. එසේ වුව ද වීර කාව්‍යයක්‌ ලියවෙන්නේ මිථ්‍යා පුද්ගලයකු කේන්ද්‍ර කරගෙන නො ව ඵෙතිහාසික වූ වීර පුරුෂයකු මුල් කරගෙන ය. ඒ අනුව රාවණා රජු ඵෙතිහාසික චරිතයක්‌ වන අතර රාමායණය යනු මේ රජු හා රාම කුමරු මුල් කරගෙන ලියවුණු වීර කාව්‍යයකි. මහා භාරතයේ සඳහන් ක්‍රිෂ්ණා ද පුරාතන ඉන්දියානුවන් අතර සිටි වීරවරයකු වන අතර අටළොස්‌ පුරාණ ග්‍රන්ථයන් මඟින් ද ඒවායේ ඇති අද්භූතමය කථා බැහැර කළ විට සැබෑ ඵෙතිහාසික තොරතුරු උකහාගත හැකි ය.

කෙසේ හෝ රාමායණයෙන් ගත හැකි ඵෙතිහාසික කරුණ නම් රාවණා රජු ලංකාව කේන්ද්‍ර කරගෙන ලංකාපුරය නම් රාජධානියක්‌ ඉදි කොට පාලනය කළ අතර එයට යටත් රාජ්‍ය ගණනාවක්‌ ම පැවැති බවයි. එබැවින් එතුමා අධිරාජ්‍යයෙක්‌ ද විය. එසේ වුව ද නිරතුරුව ම දේශසීමා අරගල හා සතුරු බලවේග පැවැති අතර ඒවා උත්සන්න වීමෙන් අවසානයේ දී යුදමය වාතාවරණයක්‌ ඇති විය. එමඟින් මේ අධිරාජ්‍යය විනාශ වූවා පමණක්‌ නො ව ලංකාවේ විශාල කොටසක්‌ මුහුදුබත් වීමෙන් ලංකාපුර රාජධානිය ද විනාශ විය. ශ්‍රී ලංකාව අනාදිමත් කාලයක සිට මුහුදුබත් වීම්වලට හා මුහුද ගොඩගැලීම්වලට ලක්‌ වී ඇති බවට සාධක හමු වී ඇත.

මෙහි දී අතිශයෝක්‌තිය හා මිථ්‍යා කථා බහුල වූ ග්‍රීක වීර කාව්‍ය දෙකක්‌ ඇසුරින් පර්යේෂණ කටයුතු පුළුල් කිරීමෙන් බටහිර පුරාවිද්‍යාඥයන් විසින් පැරැණි ශිෂ්ටාචාරයක්‌ සොයාගනු ලැබීම නිදසුන් වශයෙන් දැක්‌විය යුතු ම ය. එනම් හෝමර් ගේ "ඉලියඩ් සහ ඔඩිසි" මඟින් ට්‍රොaජන් පුරය සොයා ගැනීමත් ඇරිස්‌ටෝටල් ගේ අත්ලන්තිස්‌ පුරාවෘත්තයට" අනුව අත්ලාන්තික්‌ සාගර පතුලේ පර්යේෂණ කිරීමෙන් අත්ලන්තිස්‌ දිවයින සම්බන්ධව යම්කිසි ආකාරයකට කරුණු අනාවරණය කර ගැනීමට දැනට හැකි වී තිබීමත් ය. මේ අනුව රාමායණය, මහාභාරතය වැනි ග්‍රන්ථයන් ද සම්පූර්ණ මිථ්‍යාවක්‌ වශයෙන් බැහැර නො කර තවදුරටත් පර්යේෂණ කිරීමෙන් එහි ඇති සත්‍යතාව සොයාගැනීම මෙහි දී වැදගත් වේ.

තව ද රාවණා රජු පිළිබඳව ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අයත් කුමාර තන්ත්‍රය උඩ්ඩීෂ තන්ත්‍රය අර්ක ප්‍රකාශය වැනි ග්‍රන්ථ මගින් ද කරුණු අනාවරණය වේ. ඒවායේ සඳහන් වන පරිදි මේ කෘතීන් ලංකේශ්වර රාවණයන් විසින් රචනා කරන ලද ඒවා වන අතර එබැවින් එතුමා දක්‌ෂ වෛද්‍යවරයකු වශයෙන් ද සලකනු ලැබේ. මේ කෘතීන්හි දැක්‌වෙන කාලනිර්ණයන්ට අනුව රාවණා රජු ජීවත් වූයේ කලියුග වර්ෂය ආරම්භ වූ සමයේ හෙවත් ක්‍රිස්‌තු පූර්ව දෙවැනි සහස්‍රකයේ ය. එනම් අදින් වසර හාර දහස්‌ ගණනකට ප්‍රථමයෙනි.

තව ද ඉන්දික විතානගේ මහතා ප්‍රකාශ කරන පරිදි ලංකාවතාර සූත්‍රයේ සඳහන් වන්නේ රාමායණයෙහි එන රාවණා රජු බව කීමට සාධක නොමැත. විද්වත් මතයට අනුව "රාවණා" යන වචනය "සූර්යයා ගෙන් උපන්" යන තේරුම ද ගෙන දෙන බැවින් මෙමගින් සූර්ය වංශය නියෝජනය වන බවත් හෙළදිව පාලක පෙළපතේ නාමය "රාවණ" නම් වූ අතර බුද්ධ කාලීනව විසූ මෙරට රාජ්‍ය නායකයා "රාවණා" නම් වූ බවත් තහවුරු කර තිබේ.

තව ද උක්‌ත ලේඛකයා පවසන පරිදි මහායාන වූ පමණින් ලංකාවතාර සූත්‍රය මිථ්‍යාවක්‌ ලෙස බැහැර කළ නොහැකි ය. එනම් බුදුන් වහන්සේට ථෙරවාදය හා මහායාන වශයෙන් භේදයක්‌ නො තිබූ බැවින්, එය පශ්චාත් කාලීනව බිහි වූවක්‌ බව සැලකිය හැකි ය. ලංකාවතාර සූත්‍රය යෝගාචාර විඥනවාදී බෞද්ධ දර්ශන සම්ප්‍රදායට අයත් ග්‍රන්ථයක්‌ වේ. මේ සූත්‍රය පුරා විග්‍රහ වන කරුණුවල සංක්‌ෂිප්ත අර්ථය නම් "අපට ඉන්ද්‍රිය ගෝචර ව පවතින ලෝකය සත්‍ය පැවැත්මක්‌ නො ව විඥානය මගින් නිර්මාණය කරගනු ලැබූ මායාවකට හා සිහිනයකට සමාන වන බවයි". පෙළ බුදු දහමට අයත් ඇතැම් සූත්‍ර දේශනාවන් මඟින් ද මේ කරුණු අනාවරණය වේ. ඒ අනුව විඥානවාදී ඉගැන්වීම් ථෙරවාදී ආර්ථකථනයන්ට වඩා පෙළ බුදු දහමට සමීප වේ. මේ සමීපතාවට අනුව බුදු රජුන් ලක්‌දිවට වැඩම කොට එවකට විසූ "රාවණා" නමැති මෙරට පාලකයා ඇතුළු පිරිසට දේශනා කළ ධර්ම කරුණු පසු කාලීනව අභයගිරිවාසී භික්‌ෂූන් විසින් ලංකාවතාර සූත්‍රය නමින් සකස්‌ කොට ඉදිරිපත් කරන ලද බවට තර්ක කළ නොහැකි ද?

මීට අමතරව ඉන්දික විතානගේ මහතා පවසන්නේ රාවණා යුගය ඔප්පු කිරීමට නම් දඬුමොණර ස්‌ථර ලැබේ වා යි ප්‍රර්ථනා කරමින් අනුරාධපුර තිස්‌සමහාරාමය වැනි ස්‌ථානවල කැණීම් කළ යුතු බවයි. තවත් විටෙක, අප ගේ ස්‌වදේශාභිමානය සඳහා යුරෝපීයයන්ට පෙර අප ගේ මුතුන් මිත්තන් ගුවනින් ගිය බව පෙන්වීමට මේ පුවත වැදගත් වන බව දක්‌වයි. අප ගේ අනාගත කැණිම්වල දී දඬුමොණර ස්‌ථර ලැබීමට මෙන්ම නො ලැබීමට පුළුවන. අනෙක බටහිර ශිෂ්ටාචාරයට වඩා හෙළ ශිෂ්ටාචාරයේ ශේ්‍රෂ්ඨ බවක්‌ දැක්‌වීමට අප ගේ අතීත මුතුන් මිත්තන් යුරෝපීයයන්ට පෙර ගුවන්ගත කරවීම අත්‍යවශ්‍ය දෙයක්‌ නො වේ. ඒ සඳහා මෙහි පැවැති පැරැණි වාරි තාක්‌ෂණය මෙන්ම ගොඩනැඟිsලි වාස්‌තු විද්‍යාව හා සීගිරිය වැනි නිර්මාණයන් ද ප්‍රමාණවත් වේ. ඉන්දික විතානගේ මහතා නො දන්නවා යෑයි සිතෙන යමක්‌ මෙහි දී සඳහන් කළ යුතු ය. අතිපුරාණ කාලවල දී දකුණු ආසියාව තුළ "ගගන තාක්‌ෂණය දියුණු ව පැවැති බවට ප්‍රකට නිදසුනක්‌ වශයෙන් භාරද්වාජ සෘෂීන් ගේ "වෛමානික ශාස්‌ත්‍රය" නම් කෘතිය දක්‌වාලිය හැකි ය. එහි විවිධ හැඩතලවලින් යුත් විමාන නමැති ආකාශ යානා වර්ග ගණනාවක්‌ පිළිබඳ වත් ඒවායේ නිෂ්පාදන තාක්‌ෂණය ගැන පමණක්‌ නො ව ගුවන් නියමුවා ගේ ඇවතුම් පැවතුම් පිළිබඳව පවා අගනා තොරතුරු අන්තර්ගත ව ඇත.

මේ කෘතියේ ඉංග්‍රීසි පරිවර්තන ගණනාවක්‌ ම 19 වැනි සියවසේ අගභාගයේ දී පටන් 1970 දශකය දක්‌වා ම යුරෝපීය උගතුන් විසින් ඉදිරිපත් කරනු ලැබ තිබේ. අන්තර්ජාලය ඔස්‌සේ වුව ද මේ පිළිබඳව තොරතුරු ඔබට ලබාගත හැකි ය. මේ අනුව රාවණා රජු ගේ දඬුමොණර යන්ත්‍රයේ හෙවත් පුෂ්පක විමානයේ අවශේෂ පුරාවිද්‍යා කැණීමක්‌ මගින් හමු වන තුරු බලා සිටීම අනවශ්‍ය වන අතර දඬුමොණරය මිථ්‍යාවක්‌ නො ව සත්‍යයක්‌ බවත් යුරෝපීයයන්ට පෙර අප ගේ මුතුන් මිත්තත් ගුවනින් ගියා පමණක්‌ නො ව මෑත කාලීනව බටහිර රටවල දියුණු වූ අභ්‍යවකාශ තාක්‌ෂණය සඳහා පූර්වාදර්ශයන් ද ලබා දුන් බවත්, මතක තබා ගත යුතු ව ඇත.

ශ්‍රී ලංකාව තුළ මෑතකාලීනව සිදු කරනු ලැබූ පුරාවිද්‍යා පර්යේෂණයන් තුළින් හෙළි කොට ඇති පරිදි අදින් වසර 13000කට එපිට දී මෙහි දියුණු කෘෂිකර්මාන්තයක්‌ පැවැති බවටත්, මීට වසර 3500-4000 අතර සමයේ දියුණු ගොඩනැඟිලි තාක්‌ෂණයක්‌ තිබූ බවටත් කරුණු අනාවරණය වෙමින් පවතී, මේ පර්යේෂණ තවදුරටත් පුළුල් කිරීමෙන් රාවණා අවධිය සම්බන්ධ තොරතුරු ද ලබාගත හැකි ව ඇත. එපමණක්‌ නො ව සයුරේ ගිලී ගියේ යෑයි සැලකෙන ලංකාපුර රාජධානිය පිළිබඳව පර්යේෂණ කිරීමට තරම් මෙරට සමුද්‍රික පුරාවිද්‍යා ක්‌ෂේත්‍රය තවම දියුණු වී නොමැත. එබැවින් ඉහත කී කථා පුවත් ඉඳුරා ම මිථ්‍යාවකැයි බැහැර කළ නොහැකි ය.

එබැවින් අප කළ යුත්තේ සාහිත්‍යමය මූලාශ්‍රයන් ගෙන් ලැබෙන ඵෙතිහාසික තොරතුරු මෙන්ම "වෛමානික ශාස්‌ත්‍ර" වැනි ග්‍රන්ථයන් ද තුලනාත්මකව අධ්‍යයනය කිරීමත් පුරාවිද්‍යා පර්යේෂණයන් පාදක කරගෙන මහාවංශයෙහි දැක්‌වෙන විජයාගමනයට සියවස්‌ ගණනාවකට පෙර අප රට තුළ පැවතුණේ යෑයි කියවෙන අති දියුණු සභ්‍යත්වයත් කරා අවතීර්ණ වීමයි.

එච්. ඒ. කේ. නයනා කුමාරි ආරියරත්න,
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව,
කොළඹ 7.


උපුටා ගැනීම - http://www.vidusara.com/2011/06/22/readers2.html

හෙළයුගය බ්ලොග් ඇසුරිනි 

Saturday, October 5, 2013

රාමායණයේ රාමා පිටසක්වල ජීවියෙක් ද? රාවණා 6 වන කොටස

ශ්‍රී ලංකාවේ රාවණා රජු සමග යුද වැදි රාවණා රජු ඝාතනය කළ රාම කුමරු උතුරු ඉන්දියාවෙන් පැමිණි ක්‍ෂත්‍රියෙක්‌ නොව සුපිරි ග්‍රහලෝකයක්‌වූ පරනිම්මිත වසවර්ති දෙව් ලොව සිට මනු ලොව ආක්‍රමණය කළ මාර දිව්‍ය පුත්‍රයා යෑයි එක්‌ පැවිදි පඬි හිමි රුවනක්‌ දිගු කලකට පෙර මා සමග පවසා ඇත. එම නාහිමි දැනට අපවත් වී වදාළ ඇති බැවින් එම ශ්‍රේෂ්ඨ පඬිවරයාගේ නම මෙහි සඳහන් නොකරමි.                   බෞද්ධාගමේ මාර දිව්‍ය පුත්‍රයා ලෙස හැඳින්වෙන්නේ අන් කිසිවෙක්‌ නොව අද පිට හින්දු බැතිමතුන් රාම නමින් හඳුන්වන පිට සක්‌වල යුද විරුවා බවට සැක නැත.
                   කිසිදු මිනිසෙක්‌ අතින් සිය මරණය සිදු කළ නොහැකි ලෙස මහා බ්‍රහ්මයාගෙන් වර ලබා ඇති රාවණා රජතුමා උතුරු ඉන්දියාවේ අයෝධ්‍යාහි රාමගෙන් මරණය ලැබූ බැව් පැවැසීම පරස්‌පර විරෝධී කතාවකි.
                    රාවණා රජතුමා දෙව් ලොවට ගොස්‌ දෙව්වරුන් පරාජය කළ බවත්, දෙවිවරුන්ගේ ප්‍රධානියාවූ ඉන්ද්‍ර රාවණාගේ පුත් මේඝනාද විසින් සිරභාරයට ගත් බැවින් එදා සිට මේඝනාද ඉන්ද්‍රජිත් ලෙස අපර නාමයෙන් හැඳින්වූ බවත් රාමායන කාව්‍යයේ විස්‌තර කර ඇත. රාවණා රජතුමා ග්‍රහ ලෝකවල ජීවීන්ට තදබල තර්ජනයක්‌ වූ බැව් රාමායනය කියයි.

                                       එම නිසා රාම කුමරුන්ගේ ආක්‍රමණය පිටසක්‌වල ජීවීන්ගේ කුමන්ත්‍රණයක්‌ ලෙස උපකල්පනය කළ හැක.

                                       මේ අනුව විමසා බලනවිට රාවණා රජුට විරුද්ධව අප රට ආක්‍රමණය කළේ ඉන්දියානුවෙක්‌ නොව පිටසක්‌වල ජීවියෙක්‌වූ මාර දිව්‍ය පුත්‍රයා ලෙස හඳුනාගෙන ඇත. රාමා සමග පැමිණි හමුදාව වඳුරු හමුදාවක්‌ ලෙස රාමායනය සඳහන් කරන්නේ එම මිනිසුන් වඳුරන් වැනි මිටි සිරුරින් යුක්‌ත නිසාය.
                            

                       රාම - රාවණා මහා සංග්‍රාමයේදී දෙව් ලොව දෙවිවරුන්ගේ රාමාට සහාය ලැබුණ බැව් රාමායනය පවසයි. එය සත්‍යයක්‌ නම් රාවණා රජු ඝාතනයට පත් කළ රාමා ඉන්දියානුවෙක්‌ නොව පිට සක්‌වල සිට පැමිණි සටන් කාමියෙක්‌ නොවේද? පිට සක්‌වල ජීවියෙක්‌වූ රාමාට මිනිස්‌ වෙසක්‌ දීම පිණිස උතුරු ඉන්දියාවේ දස රථ රජු සහ පරපුර රාමායනයට මහත්a ආයාසයෙන් සම්බන්ධ කර ඇති බැව් රාමායනය බුද්ධිමත් ලෙස විමර්ශනය කරන විට අවබෝධ වනු සැක නැත.

             මෙම මහා සංග්‍රාමයේදී රාම කුමරුගේ හමුදාව වානර හමුදාවක්‌ ලෙස වාල්මිකී හඳුන්වාදී ඇත. වාල්මිකී සෘෂිවරයා රාමායනයේ වානර හමුදාව ලෙස හඳුන්වා තිබෙන්නේ වඳුරන් වැනි මිටි මිනිසුන්ගේ හමුදාව විය හැක. පිට සක්‌වල ඇතැම් ග්‍රහලෝකවල මිටි මිනිසුන් සිටින බැව් වත්මන් පර්යේෂණවලදී හෙළිවී ඇත.

                       මාර දිව්‍යරාජයාගේ නාමය අනිත් අතට පෙරළා රාම නාමය සකස්‌ කර ගෙන ඇත. මේ අනුව සළකා බලන විට ශ්‍රී ලංකාවේ සිදුවුණු රාම රාවණා යුද්ධය පිට සක්‌වලින් පැමිණි රණවිරුවකුගේ සටනක්‌ මිස ඉන්දියානුවෙකුගේ වීරක්‍රියාවක්‌ නොවන බැව් කිවයුතුය.

                               දැනට ශ්‍රී ලංකාවේ ශේෂවී තිබෙන "නිට්‌ටෑවා" එම වානර හමුදාවේ මෙහි රැඳුන කිහිපදෙනකුගෙන් පැවතෙන බවත් ඔවුන්ට පෘථිවියේ දේශගුණ ඔරොත්තු නොදෙන බැවින් නිට්‌ටෑවා සදහටම වඳවී ඇති බවත් ජුලියස්‌ කැබරේ කියයි. (NITTEWA THE WILD BEAST, PP
26)

                   රාම - රාවණා යුද්ධයෙන් ලංකාවේදී ජය ලැබූ රාම කුමරු එම ජයග්‍රහණය සෙල් ලිපියකින් සහතික නොකළේ මන්ද යනු තවත් ප්‍රශ්නයකි.

                          පිට සක්‌වලින් පැමිණි කිසිම පුද්ගලයෙක්‌ පෘථිවියේ සෙල් ලිපි පිහිටුවා නැත. රාම කුමරු දෙවියෙක්‌ යෑයි හින්දූන් පුන පුනා පවසන්නේද ඔහු මනුෂ්‍යයෙක්‌ නොවූ බැවිනි. එය සත්‍යයකි.

ශ්රී ලංකාවේ රාවණා රජු පරාජය වූවේ මනුෂ්‍යයෙකුට නොව පිටසක්‌වලින් පැමිණි මාර දිව්‍ය පුත්‍රයාටය.

          මේ පිළිබඳව මා ශාස්‌ත්‍රීය පර්යේෂණ ග්‍රන්ථ 49 ක්‌ ලියා පළකර ඇත.

ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර


http://www.divaina.com/2010/10/27/badada03.html
උපුටා ගැනීම ravana blogspot ඇසුරිනි

Wednesday, October 2, 2013

මහා රාවණා රජුගේ පිළිමය ලංකාවෙන් මතු වෙයි -රාවණා 5වන කොටස

තවමත් මන:කල්පිතයක් සහ පුරාවෘත්තයක් සේ සලකන කීර්ති ශ්‍රී රාවණා රජුගේ සිහිමූර්ඡා වූ ශරීරය සහ පොළොව යට සැඟ වී ඇතැයි කියනු ලබන රාවණා රාජධානිය පිළිබඳ තවත් තොරතුරු අනාවරණව කරමින් වසර 500 කටත් වඩා පැරැණි, ලංකාවේ දැනට සොයාගෙන ඇති පැරැණිම සහ එකම රාවණා රජුගේ පිළිමය අනාවරණය කර ගෙන තිබේ. වටිනා ඖෂධිය ශාකයක් වූ කොහොඹ ගසේ ලීයෙන් නෙළන ලද මේ පිළිමය හිස් දහයකින් සහ අත් විස්සකින් සමන්විතයග මේ හිස් දහයේ මුහුණ විවිධ ඉරියව්වලින් සමන්විත වන අතරල එම ඉරියව් එකිනෙකට වෙනස් ආකාරයේ හැඟීම් ප්‍රකාශ කෙරේ. හොඳින් වැඩුණු මිනිසකුගේ උස මහත ඉක්මවා යන පාංශු දේහධාරී ශරීරයකින් හෙබි රාවණා පිළිමය වර්ණ ගන්වා ඇති අතර, පිළිමයේ වම් පාදයේ දණහිසෙන් පහළ කොටස සහ අත්වල රඳවා තිබූ සමහර ආයුධ කැඩී බිඳී විනාශ වී ඇත. එසේම පිළිමයේ ගල්වා ඇති වර්ණ කොටස සමහර ස්ථානවලදී දුර්වර්ණ වී තිබේ. 
                                                                            සොයාගනු ලැබූ මේ පිළිමයට පුද පූජා, ගරු සත්කාර පවත්වා රාවණා වරම් යදිමින් පිළිමයට බලය සහ තේජස ලබාදීමේ පූජා කටයුතු මේ දිනවල ඉතා අප්‍රසිද්ධියේ සිදු කෙරෙමින් පවතී. මේ සඳහා රාවණා අඳුන සහ රාවණා මන්ත්‍රය භාවිත කෙරේ. එසේම, රාවණා පිළිමය තැන්පත් කිරීම සඳහා රාවණා, දේවාලය නමින් දෙවොලක්ද මේ වන විට ඉදිවෙමින් පවතින අතර, එහි වැඩකටයුතු දැන් බොහෝදුරට අවසන් වෙමින් තිබේ. ඉතා නුදුරේදීම එම රාවණා දේවාලය වැඳුම් පිදුම් කටයුතු සඳහා ජනතාවට විවෘත කෙරෙනු ඇත. එවිට එය ලංකාවේ ප්‍රථම රාවණා පිළිමය රැගත් තෙද බලැති ‘කීර්ති ශ්‍රී රාවණා රජු දේවාලය’ වන බව රාවණා පිළිම දේවාල භාරකාරිත්වය පවසා සිටී. ඉතිහාසය දක්වන අන්දමට රාවණා රජු ඉන්දියාවේ විසූ රාම කුමරුගේ බිරිය වූ සීතා දේවිය දඬු මොනරයෙන් පැහැරගෙන ආ බවත්, එයින් උරණ වූ රාම කුමරු ‘රාම සරය’ නම් විස හීය මුදාහළ බවත්, එම හී පහර වැදී රාවණා රජු සිහිමූර්ඡා වූ බවත් කියැවේ.
                                                 සිහිමූර්ඡා වූ රාවණා රජුගේ ශරීරය බඹ හැටක් පොළොව යටින් තැන්පත් කර ඒ මත පස් සහ ගල් දමා වසා දැමූ බවත් එම ඉතිහාසයෙන් හෙළිවෙයි. ඉතිහාසය කරුණු දක්වන පරිදි රාවණා රජු යම් කාලයක එම සිහිමූර්ඡා වූ තත්ත්වයෙන් මිදී යළි නැඟිටින අතර, එවිට ලංකා රාජධානිය කේන්ද්‍ර කරගනිමින් සමස්ත ලෝකයම පාලනය කරනු ඇත. එසේම මේ උදාවී ඇත්තේ රාවණා රජු යළි අවදිවීමට පෙර ගතවන පූර්ව රාවණා උප්පත්ති කාලය බවද එහි වැඩිදුරටත් සඳහන් වේ. මේ අනුව රාවණා පුවත පසුගිය කාලය පුරා යළි මතු වූ අතර, ඒ පිළිබඳ නිල සහ නොනිල ගවේෂණයක් සිදු කෙරිණි.
- Mawbima 
 lanka c news ඇසුරිනි

Tuesday, October 1, 2013

රාවණා රජුගේ දඩුමොණරය-රාවණා 4වන කොටස


                                                                    ඔබෙන් කවුරුන් හෝ ගුවන් යානය නිපදවූයේ කවුද? යි ඇසුවහොත් ඔබේ පිළිතුර වන්නේ රයිට් සහෝදරයෝ යන්නයි. සමහරවිට ඔබ නිවැරදිය. එයට හේතුව මුළු ලෝකයම පිළිගන්නේ එම පිළිතුර නිසයි. නමුත් මෙහි නියම උරුමකරුවා වන්නේ සිංහල‍ෙයකු බව ඔබ දන්නේ නැත. පරගැති බවෙන් වැසී ඇති හෙළයාගේ චින්තනය මේ නියම උරුමකරු අමතක කොට එහි පේටන්ට් අයිතිය සුද්දාට පවරා බලාසිටී. එසේ වුවද ඔබ අමතක නොකළ යුත්තක් තිබේ. එනම්, සුද්දා කොල අතු අඳින යුගයේ හෙළයා රෙදි වියාගෙන ඇන්ඳ බව. එයට අපේ ඉතිහාසයේ කුවේණියගේ කථා පුවතින් සාක්ෂි සපයයි. ගුවන් යානය සම්බන්ධ කාරණාව ද ඒ ආකාරයේම වේ. මෙයින් පෙනෙන්නේ බටහිර ජාතින්ට පෙර, ශිෂ්ඨාචාර වූ ජාතියක් ලෙස සියවස් ගණනාවක් සිංහලයා ජීවත් වූ බවයි. ගුවන් යානය සම්බන්ධ කාරණාව ද ඒ ආකාරයේම වේ.




ඉන්දියාවේ පුරා වෘතයක් වූ රාමායණය කථා පුවතේ සඳහන් වන්නේ රාමාගේ බිරිඳ වන සිතාවන් හෙළයෙකු වූ රාවණා නිරිඳුන් (ක්‍රි.පූ. 2554 2517) විසින් ඉන්දියාවෙන් හෙළ දීපයට