Sunday, September 29, 2013

ලංකාව ලෝකයේ බලවත්ම ස්ථානය බවට NASA ආයතනය පිළිගනී

ඇමෙරිකාවේ NASA  ආයතනය හා ජර්මානු අභ්‍යවකාශ මධ්‍යස්ථානය එක්ව වසර 2002 මාර්තු මස යුගල චන්ද්‍රිකාවක් නිපදවා කක්ෂගත කෙරුණි එහි අරමුණ වුයේ පොලව මතුපිට තිබෙන ගුර්ත්වාකර්ශනයබලය වඩාත් නිවැරදි ලෙස මැන බලමින්  කාලගුණය හා පොළවේ අභ්‍යන්තරව සිදුවෙන වෙනස්කම් අද්‍යනය කිරීමය. මෙම මෙහෙයුම GRACE (Gravity Recovery And Climate Experiment ) ලෙස හැදින්වූ අතර මේ වනතුරු සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතී.GRACEපොලවට කිලෝමීටර 500 ක් ඉහලින් ගමන්කරන මේ චන්ද්‍රිකා යුගල එකම පථයක සමාන්තරව ගමන්කරයි. චන්ද්‍රිකා යුගල අතර දුර කිලෝමීටර 200 ක් වන අතර එහි ඇති සුක්ෂම විද්‍යුත් උපකරණවලින් චන්ද්‍රිකා අතර දුර කෙස් ගසක පමණ (10 microns) වෙනසක් වුවද මැනීමට සමත්ය. එලෙසම එම තොරතුරු පොළවට වාර්තා කිරීමට තාක්ෂණික පහසුකම් වලින් ද සමන්විතය.
පොලව මතුපිට ස්ථරය හා අභ්‍යන්තරය ඒකාකාරී නොවේ. විද්ධ මූලද්‍රව්‍ය විවිධ ඝනත්වයන් ගෙන් යුතුව විවිද අනුපාතයන් වලින් පවතී . එලෙසම පොලවේ මතුපිට හා අභ්‍යන්තර ජාල හා ද්‍රව පැතිරීමට එකාකාරි නොවේ. එබැවින් පොලවේ ගුරුත්වාකර්ෂණ බලය සුළු වශයෙන් අඩු හා වැඩි වශයෙන් වෙනස් වේ. මෙය සාමාන්‍ය මිනිසාට බලපාන මුත් එය අපට දැකගැනීමට හෝ මැන ගැනීමට නොහැක . කිලෝමීටර 500 ක් පොළවෙන් ඈත අභ්‍යවකාශයේ ඇති මෙම චන්ද්‍රිකා යුගල ටද මෙය බලපායි . එබැවින් පහල ගුරුත්වය අනුව චද්රිකාවේ වේගය අඩුවැඩි වේ. ඒ අනුව චන්ද්‍රිකා යුගල අතර දුර සියුම් ලෙස වෙනස් වේ. එම වෙනස්කම් ගුරුත්වයට අනුලෝමව සමානුපාතික වන අතර සංකීර්ණ ගනයක කිරීම් තුලින් පොලවේ “ගුරුත්ව” සිතියමක්  ලබා ගැනීමට හැකිවී තිබේ.gravityමෙය අප දන්නා සමෝච්ච රේඛා සිතියමට සමානය. මෙහි සම ගුරුත්ව ඇති ස්ථාන සම පාටින් දක්වන අතර අඩුම ගුරුත්වය නිල් පැහැයේ සිට වැඩිම ගුරුත්වය රතු පැහැය ලෙස ගෙන වර්ණ ගන්වා ඇත. මෙම සිතියමේ අඩුම ගුරුත්වය ඇති ස්ථානය තුල ලංකාව පිහිටීම අරුමයක් නොවේද? මෙහි පරාසය  දක්වා ඇත්තේ මීටර වලිනි. අඩුම හා වැඩිම තැන අතර දුර මීටර 200ක් පමණ වෙනු ඇත. මෙය මීටර වලින් දැක්වීම ඔබට ගැටළුවක් වෙනු ඇත. අඩු ගුරුත්වය ඇති ලංකාවේ සිට වැඩි ගුරුත්වය ඇති මැලේසියාව ආශ්‍රිත පෙදෙසට නැවක් ගමන් ගනී නම් . එයට මීටර 200 පමණ ඉහලට යාමක් සිදුවේ. සරලව දක්වතොත් අද ලංකාව තිබුනේ තද රතුපාටින් නම්, ඊට අදාල මුහුදු මට්ටම අද තිබෙන ප්‍රමාණයට මීටර 200 ක් පමණ උසකින් වැඩි විය යුතුය. එනම් පහත රට යටවී උඩරට පමණක් ඉතිරි වෙනු ඇත. මෙම ගුරුත්ව වෙනසට අනුව ලෝකයේ උපරිම හා අවම අගයන් ගතහොත් යම් වස්තුවක බර  0.6% කින් පමණ වෙනස්වීමට ඉඩ තිබේ . ලංකාවේ මෙම විශේෂ පිහිටුම මීට වසර තිහ හතළිහකට කලින් ම සිට හදුනාගෙන තිබුණි. ලාංකියන් මේ ගැන වැඩිවශයෙන් දැනුවත් නොසිටි මුත්, අද වනවිට අපට වඩා තාක්ෂණයෙන් දියුණු රටවල් මේ පිලිබදව වැඩි උනන්දුවක් දක්වා ඇත. වසර 1956 දී Arthur C. Clarke මහතා ලංකාවට

Friday, September 27, 2013

හෙළවංශයේ සැබෑ අයිතිය හිමි කාහට ද?

            ''ලෝකයාට ශිෂ්ඨාචාරය බෙදා හැරියේ හෙලයන් විසිනි''
                                            දැනට කලකට ඉහතදි අරිසෙන් අහබුදු ශුරින් කල ප්‍රකාශයකින් මම මේ ලිපිය ඇරඹුවේ මෙම බ්ලොග් අඩවියේ ප්‍රධාන අරමුණ වන්නේ එම ප්‍රකාශයේ ගැඹුරු අරුත සොයා යෑම නිසාවෙනි.මා විසින් දැනට සති කිහිපයකට පෙර බ්ලොගිය ඇරඹුවේ අත්හදා බැලීමකට මෙනි.නමුත් පසුව මා විසින් පළ කල රාවණා කථා මාලාව නිසා විශාල ප්‍රතිචාරයක් බ්ලොග් අඩවිය වෙත ලැබුනි.අද බොහෝ දෙනා සිංහල බ්ලොග් එකක් දෙස බලන්නේ 2.50 පේමන්ට් භාණ්ඩයක් දෙස බලන්නාක් මෙනි.කියවාගන්නට බැරිවූවත් ඔවුන් ඒ තරමටම ඉංග්‍රීසි භාෂාවට ආදරය කරයි.ඒ අපේ හැටිය.ලෝකය පුරා අන්තර්ජාලය ඔස්සේ විහිදුනු බ්ලොග් අඩවි සංඛ්‍යාව මිලියන ගණනකි.එහි ඇති සිංහල බ්ලොග් අඩවි ගණන 1000කට ආසන්න ගණනකි.ඒවායිනුත් නිතර අලුත්වන බ්ලොග් ගණන 500කට ආසන්න ගණනකි.රාවණා පිළිබද බොහෝ බ්ලොග් වල ලිපි පළ වේ.නමුත් සැලකිය යුතු තොරතුරු ප්‍රමාණයක් ඉන් එක් ස්ථානයකින් ලබා ගැනීම කළ නොහැක්කකි.මා වෙත පසුගිය දින කිහිපයේදි ලැබුනු ඉල්ලීම් ප්‍රමාණයම ඒ බව තවත් තහවුරු කරන සාක්ෂියකි.
                                     ‍මේ උදාව ඇත්තේ රාවණා වංශයේ පිබිදෙන යුගය බව සූරිය ගුණසේකර මහතා පසුගිය දිනකදී ප්‍රකාශයක් කලේය.එය සත්‍යයක් බව දැන් මා හටම වැටහේ.බොහොමයක් දෙනා ඉල්ලන්නේ රාවණා වංශයේ යටගිය තොරතුරුය.තවත් තොරතුරු විශාල ප්‍රමාණයක් මා සතුව ඇත.ඒවා මේ වන විටත් සකස් කරමින් පවති.
   මා විසින් පළ කරනු ලබන ඇතැම් ලිපිවල සම්පූර්ණ අයිතිය මුල් රචකයාට හිමි අතර සියළුම ගෞරව ඔවුනට හිමිය.එසේ උපුටා ගන්නා ලිපි වල මුල් කර්තෘගේ නම ලිපි සමග පළ කර ඇත.
බ්ලොගියේ පළ වු ඇතැම් රූප,චිත්‍ර උපුටා ගනු ලැබූයේ අන්තර්ජාලය ඔස්සේය.එවන් ඒවායේ සෑබෑ නිර්මාණකරුවා සොය ගැනීම අපහසු කරුණකි.නමුත් මෙහි පළ වූ රාවණා රජුගේ ඇතැම් විශිෂ්ඨ රූ සටහන් කිහිපයක සැබෑ හිමිකරු සොයා ගැනීමට මා හට හැකියාව ලැබුනි.ඔහු නමින් ධම්මික රවින්ද‍ ය.මාගේ දර්ශනයට අනුව ඔහු විශිෂ්ඨයෙකි.ඔහුගේ චිත්‍ර තුලින් රාවණා දෙස බලන්නෙකුට රාවණා රජුගේ ඇති ප්‍රතාපවත් බව දැක ගැනීම අපහසු කරුණක් නොවේ.ඔහු පිළිබද තොරතුරු මා හට ලබා දුන් ප්‍රශාන්ති සොහොයුරියට විශේෂයෙන්ම ස්තූතිවන්ත විය යුතුය.
          හෙළවංශය සංවිධානයේ අප ඉදිරියේදී වැඩසටහන් රාශියක් සිදු කිරීමට සැලසුම් කරමින් පවතී.ඒ අතරට අප සංවිධානයේ සාමාජිකත්වය ඔබ හට ලබාදිමට ද අප කටයුතු කරමින් පවතී.
ලෝකයේ බොහෝ සැගව ගිය ශිෂ්ඨාචාර නැවත මතු වූයේ ගවේෂකයන් ඇතුළු පිරිස් ඒවා සොයා ගිය නිසාවෙනි.අපගේ වසර 5000කට එහා ගිය අතීතය සිදු වූ යම් වැරද්දක් නිසා යට ගොස් ඇත.නැතිනම් කිසියම් බලවේගයක් විසින් වුවමනාවෙන්ම සගවා ඇත.නමුත් සත්‍යා යම් දිනක යළිත් මතුවනු නියත ය.
- සංජය
                             

Wednesday, September 25, 2013

සීගිරියේ සගවා දැමූ අභිරහස්

සිගිරිය කියල කියන්නේ අභිරහස්වලින් අඩුවක් නැති බොහෝම අපූරු විශ්මිත නිර්මාණයක්. මේ කියන්න යන කතාව එහි අපි වැඩිය අහපු නැති පැත්තක් ගැන. සූරිය ගුණසේකර කියන්නේ සිගිරිය, රාවණ රජු ඇතුළුව ලංකාවේ සැඟවුණු ඉතිහාසය ගැන පරීක්ෂණ කරන කෙනෙක්. ඒ සම්බන්ධව පොත් ගණනාවකුත් රචනා කරල තියෙනවා. ඒ මහත්මය තරුණ කාලේ, ඒ කියන්නේ එකදාස් නවසිය හැට ගණන්වල සීගිරියට ගිහිල්ලා තියෙනවා තව තරුණ කණ්ඩායමක් එක්ක විශේෂ ගවේෂණයකට. එහිදී එයාලා දවල්ට කන්න ගිහිල්ලා තියෙනවා සිගිරිය පේන මානේ තියෙන පුංචි කටු මැටි ගෙදරකට. ඔය ගෙදර මිදුලේ හිටියලු වයසක සීයා කෙනෙක්.


කෑම කාලා කට්ටිය එලියට ආපු වෙලේ මෙයාලා ඔය සීයා එක්ක කතාවට වැටිලා. එයා දැනගත්තම මේ කට්ටිය ඇවිල්ලා තියෙන්නේ සිගිරිය ගැන හොයන්න කියලා. ඒ පාර තමයි මේ කතාව කියල තියෙන්නේ.


''මහත්තයල දන්නවද, මම ඉස්සර අන්ධ කෙනෙක් නෙවේ. මට මෙහෙම උනේ මට මහ විශාල පවකට සම්මාදන් වෙන්න උනු නිසා''


මෙහෙම කිව්වම කට්ටිය අන්දුන්කුන්දුන්...


"මොකද්ද සීයේ උනේ...?"


මහත්තයලට කියන්න, මම H.C.P. Bell මහත්තයගෙ කාලේ මෙතන සීගිරියේ එයා යටතේ කැණීම වලට අත් උදව් දීපු සේවකයෙක්. ඒ කාලේ හිටපු අයගෙන් දැන් මම විතරයි ඉතුරු.
(H.C.P. Bell කියන්නේ ලංකාවේ මුල්ම පුරාවිද්‍යා කොමසාරිස්වරයා. ඔහු බ්‍රිතාන්‍ය ජාතිකයෙක්. ලංකාවේ පුරාවස්තු බොහොමයක් හොර රහසේම බ්‍රිතාන්‍ය කෞතුකාගාරය වෙත ගෙනගිය බවට මොහුට චෝදනා එල්ල වෙනවා)


ඉතින් ඒ කතාව සීයා ඒ පාර කිව්වලු.


අපි සීගිරියේ කැණීම කර කර ගල මුදුනටම ගියා. ගල මුදුනේ නොයෙක් පුදුම හිතෙන නිර්මාණ අපිට හම්බුනා. එතන කට්ටිය කැණීම කරනකොට අපිට හොයාගන්න පුළුවන් වුණා පඩිපෙලක්. මේ පඩිපෙළ සිගිරිය ගල මුදුනේ ඉඳං ගල පාමුල වෙනකන්ම යනවා ගල ඇතුලෙන්. ඒ ගැන හාන්කවිසියක් පිටට පේන්නේ නෑ. පඩිපෙලේ තැනින් තැන ගිමන් නිවන්න කාමර තියනවා. ඒ කාමර වල තිබිල අපිට බොහොම වටිනා පුරාවස්තු හුගක් හම්බුනා. බෙල් මහත්තයා ඒ ඔක්කොම එකතු කරගෙන එලියට ගෙනාවා. පස්සෙ අපිට කිව්වා ඒ පඩිපෙලේ ගල මුදුනේ දොරකඩ කොන්ක්‍රීට් දාලා සම්පුර්ණයෙන් වහන්න කියල.. අපිට පුදුම හිතුනා, ඒත් අපි කිව් විදියට කරා.


එදායින් පස්සෙ ඒ වැඩේට ගිය අපි කාටවත් හොඳක් උනේ නෑ. සමහරු ලෙඩ උනා. සතා සීපාවා ගහල මැරුණා. ගහක් ගලක් වගේ හිටපු මම දවසක් උදේ නැගිට්ටේ මෙහෙම අන්ධ වෙලා.


මෙහෙම කියපු ඒ සීයා අඬන්න ගත්තලු.



මේ කතාවේ ඇත්ත නැත්ත ඔයාලම තීරණය කරන්න.


හැබැයි ඇත්තටම කියනවනම්

Tuesday, September 24, 2013

අති පූජ්‍ය ගංගොඩවිල සෝම හිමිගේ හදිසි අපවත් වීම හා බැදුනු අතිශය දුර්ලභ ජායාරූප එකතුව

2003 දෙසැම්බර් 12 කැලැන්ඩරේ විදියට නම් එදා තවත් අලුත් දවසක් විතරයි.ඒත් ඒ දවස ලංකාවේ මිනිස්සුන්ගේ හිත් වලට නම් සාමාන්‍ය දවසක් වුනේ නෑ.ඒ එදා රුසියාවට වැඩම කර සිටි ‍‍අප සෝම ස්වාමින් වහන්ස හදිස්සියේම අපවත් වූ නිසාය.එතකොට මට වයස 11ක් විතරයි.ඒ හින්දම උන්වහන්සේගේ දේශනා ගැන ලොකු අවබෝධයක් ඒ කාලේ තිබුන් නෑ.සමහර විට ඒ දවස් වල අත්පුඩි ගහගහා සෝම හාමුදුරුවන්ගේ බණ අහන්න ඇති.ඒත් දැන් තේරෙනවා ඇයි අපේ මිනිස්සු සෝම හාමුදුරුවන්ට මේ තරම් ගරු කරන්නේ කියලා.සෝම හාමුදුරුවෝ ඒ මිනිස්සුන්ගේ ඔලු වල තිබුණ මිත්‍යාව අයින් කලා විතරක් නෙවෙයි  ඒ මිනිස්සුන්ට අලුතින් හිතන්න මොළ හයි කලා කියලයි මට නම් හිතෙන්නෙ.සෝම හාමුදුරුවෝ ගැන හුගක් විස්තර කරන්න තරම් උගත් පණ්ඩිතයෙක් නෙවෙයි මම.ඒත් මට හිතෙන දේ ‍මාගේ විදියට මා විසින් ලියමි.මට හිතෙන්නේ බ්ලොගින්ග් කියන්නේත් ඒකටම කියලයි..

                                               ඒ අභිරහස් ඡායාරූප එකතුව
*මේ ඡායාරූප පෙළින් කිසියම් වූ පාර්ශවයක් අපහසුතාවයකට ලක් කිරිමට මම අදහස් නොකරන අතර මේ ඡායාරූප සම්බන්ධ කිසිදු වගකිමක් මා විසින් නොදරයි



Sunday, September 22, 2013

රාවණා රජු වේරම්බ වාතයේ සැගවූයේ මොනවාද? රාවණා 3වන කොටස

එක් කලක මහාභාරතය සහ භගවත් ගීතාව ඉන්දියාවේ පූජනීයත්වයට පත් වීර කාව්‍යයන් දෙකක් ලෙස සලකනු ලැබිණි. එහෙත් අද වනවිට එම ග‍්‍රන්ථ වීර කාව්‍යයක් නොව ඉන්දියාවේ සැබෑ ඉතිහාසය වන බවට ඔප්පු වී හමාරය. ඊට පදනම වැටණේ වසර ගණනක් තිස්සේ සිදු කළ පුරාවෘත්ත අධ්‍යයනයයි. මහාභාරතය භගවත් ගීතාව මිත්‍යාවක් ලෙසින් බැහැර කිරීම පසෙකලා එහි සඳහන් කෙරෙන ස්ථාන සැබෑ ලෙසම කොහේ හෝ ස්ථාන ගතවී ඇත්දැයි යන්න එකින් එක ගෙන අධ්‍යයනය කළේය.
බොම්බායෙන් සැතපුම් 200ක් පමණ උතුරින් කුම්බේ බොක්කේ මුහුදු යට සැඟවී තිබූ ජනස්ථාන් නගරය සොයාගැනීමට සාගර දුෂණ කොමිසමට හැකිවූයේ එලෙසය. එය වැඩිදුරටත් ගවේෂණය හරහා එය රාමායණයේ සඳහන් වන රාවණ රජුගේ සොහොයුරන් වූ ඛර හා දුෂණ විසින් පාලනය කළ දණ්ඩ කාරණය බව සොයා ගත්තේය. එහි උපරැජිනය වූයේ කුම්භාණිය. මෙහි ප‍්‍රධාන නගරය ජනස්ථානය ලෙසත් හඳුනාගන්නට ලැබිණි. මේ සොයාගැනීමත් සමගම ඉන්දියානු වීර කාව්‍ය අධ්‍යයනය ඇරඹුණු අතර මහාභාරතයේ මෙන්ම රාමායණයේ සඳහන් බොහෝ නගර මේ ඔස්සේ මතු කරගත හැකි විය. ජනස්ථාන් නගරය කාල නිර්ණය කිරීමේදී එය වසර 10000කට වඩා පැරැණි බව සොයාගැනීමත් සමගම ඉන්දීය ඉතිහාසය වසර අටදහසකින් පමණ ඈතට දිව ගියේය. දණ්ඩ කාරණය රාවණ රජුගේ සොහොයුරා පාලනය කළ නගරය බව ඉන්දියානුවන් පිළිගනිද්දී තවමත් අප සමාජය රාවණ පිළිනොගන්නේ මන්දැයි ගැටලූවක්, ඉතිහාසය දිගුකර ගැනීමක් හෝ වෙනස් කරගැනීමක් අපට අවශ්‍ය නැත. එහෙත් විද්‍යාවෙන් හෝ පුරාවිද්‍යාවෙන් සනාත නොවූ පලියට ඒවා මිත්‍යාවන් හෝ අසත්‍ය ලෙස බැහැර කළ නොහැකිය. යටත් විජිත සමයේ ලංකා පොළොව තුළ සැඟවී තිබූ අතිවිශාල ප‍්‍රමාණයක් පුරාවස්තු නැව් පිටින් හිරු නොබසින අධිරාජ්‍යය වෙත ඇදී ගිය බවට  ඕනෑ තරම් සාධක ඇත. පුරාාවිද්‍යා දෙපාර්තමේන්තුව පිහිටි වූයේ කුමක් අරබයාද යන්න ඉංගී‍්‍රසි ජාතික බෙල් පිළිබඳ අධ්‍යයනය කළවිට කරුණු අවබෝධ කරගත හැකිය. බොහෝ දෙනෙක් රාවණ පිළිබඳ කරුණු බැහැර කරනා පදනමේ සිට බැලූ කල එසේනම් යන්ත‍්‍ර මන්ත‍්‍ර ක‍්‍රම මෙන්ම බලි යාග ක‍්‍රම සියල්ල ඉවත දැමීමටත් සිදු වේ. මක්නිසාද යත් ඒ කිසිවක් විද්‍යාවට හසුනොවන නිසාය.
පසුගිය කාලයේදී ලංකාව තුළ හෙළ ඉතිහාසයට සම්බන්ධ බොහෝ තොරතුරු අනාවරණය කරගැනීමට හැකි විය. මීට පෙරදී අප පෙන්වාදුන් ස්ථානවලින්ම ඒ කියූ පරිදිම උමං මතුවිය. අප රාවණ යුගයේ ජල තාක්‍ෂණය යන ලිපිය තුළ සිතියම් ගතකර දැක්වූ අයුරින් ම උමා ඔය ව්‍යාපෘතිය තුළ උමං මාර්ග සොයාගැනීමට හැකිවිය. සාදින්නාගල උම`ග තවත් එලෙස හමුවූ උමං මාර්ගයකි. ඉදිරි කාලයේදී සොයා ගනු ඇතැයි කී හෙළයන්ගේ පළිඟු පිරමීඩය ගී‍්‍රන්ලන්තයෙන් සොයාගෙන අවසන්ය. එසේම සකි‍්‍රය මට්ටමේ සක්වළ දොරටුවක් සහිත පිරමීඩයක් රාවණ ශක්තිය හරහා මතුවන බව අපි පැවසුවෙමු. 2012 අග භාගයේදී මෙක්සිකෝවෙන් සොයාගත් දෙවැනි මායා පිරමීඩයෙන් මතු වූ සක්වළ දොරටුව ලොව මෙතෙක් සොයාගත් අද්විතියම සක්වළ දොරටුව බව මේ වනවිට පර්යේෂකයෝ ප‍්‍රකාශ කර හමාරය. එසේනම් මේවා මතුවනුයේ අහම්බයකින් නොවන බව අප තේරුම්ගත යුතුය.
පසුගියදා චීනය තොරතුරු චන්ද්‍රිකාවක් කක්‍ෂගත කළේය. එහි අයිතියක් අපටද ඇති බවට මතයක් ඇත. එහි අයිතිය කෙසේ වෙතත් දැන් අපට නමට හෝ චන්ද්‍රිකාවක් ඇත. චන්ද්‍රිකා තුනක් ති‍්‍රකෝණාකාරව පෘථිවිය වටා කක්‍ෂගත කිරීම හරහා පෘථිවිය තුළ සන්නිවේදන කටයුතු සිදු කළ හැකි බව මුලින්ම ප‍්‍රකාශ කළේ ආතර් සී. ක්ලාක් මහතාය. වර්තමානය වනවිට එය කි‍්‍රයාවට නැගී ඇත. යම් චන්ද්‍රිකාවක් කක්‍ෂගත කළ විට එය ඒකාකාරීව පෘථිවිය වටා භ‍්‍රමණය වීම සිදුවෙයි.
මීට වසර ගණනකට ඈත අතීතයේ ලියැවුණු රාමායණයේ මෙයට සමාන සිදුවීමක් දැකගත හැකිවෙයි. එහි සඳහන් වන ආකාරයට රාවණ රජුගේ බලගතුම අවි තුනක් වේරම්බ වාතයේ සඟවා පැවති අතර අවශ්‍ය අවස්ථාවන් වලදී පමණක් හිමාලයේ මුදුනට ගොස් එම අවි ලබාගත් බව එහි සඳහන් වෙයි. රාමායණය කෙමෙන් කෙමෙන් සත්‍යයක් වන තැනට

Thursday, September 19, 2013

රාවණා රජු මිය ගියේ නැත. රාවණා 2වන කොටස

අප රටේ විසූ රාවණ රජතුමා, රාම – රාවණ යුද්ධයෙන් මිය ගිය බව “රාමායනය” පැවසුවත්, රාමගේ හී පහරින් සිහි මුසපත් වූ රාවණා රජුගේ දේහය නුවර එළිය දිස්ත්‍රික්කයේ “මහ කුඩුගල” කදු මුදුනේ සුරක්ෂිතව තැන්පත් කර ඇත.එම සිරුර ගංගා නම් ගගේ දිය බිදකින් යම් දිනෙක තෙමෙන අතර ඊට පසු රාවණා රජුට නැවත සිහිය එන බවත්,සිහි ලැබූ රාවණා භාවනා කිරීමට හිමාල වනයේ “මහා දඹගස් අරණ”ට යන බවත් ඉපැරණි පුස්කොළ ග්‍රන්ථයක දැක්වේ.දැනට සියවස් පහකට පෙර ලියා ඇති මෙම පුස්කොළ සටහන ඊට පෙර ලියා තිබුණ රන් පත් ඉරුවලින් උපුටා ගත් බැව් එම පුස්කොළ සටහනේ සදහන් කර ඇත.රාවණා රජුගේ රාජකීය රන් මිරිවැඩිසගල නුවර එළියේ හක්ගල කදු බැවුමේ පතොක් උයන මැද ඉතා ගෞරවනීය ලෙස තැන්පත් කර ඇති බවත්,එය නයි පෙණ හතකින් ආරක්ෂිත ලෙස තැන්පත් කළේ විභීෂන රජු විසින් බවත් එහි සදහන් වේ.රාවණා දේහය සොයා ගැනීමට ප්‍රථම රන් මිරිවැඩිසගල සොයා ගත යුතු අතර,මෙම රන් මිරිවැඩිසගල අවුරුදු 95ක මහල්ලෙක් විසින් සිය හිස මුදුනත තබා ගෙන ශ්‍රී දේහය අසල තැබිය යුතු බවත් එම පත් ඉරුවල ඇත.
“නග්ගල” තිබෙන මෙම රන් මිරිවැඩිසගල නිධානය ලබා ගැනීමට කිසිදු බලි බිලි පිදීමක් අවශ්‍ය නැති බවත්,එයට සහභාගි වන තැනැත්තා මස් මාOශ අනුභව නොකරන ,අවුරුදු 50ක් ඉක්මවූ පුද්ගලයෙක් විය යුතු බව සදහන් වේ.
මේ සියල්ලටම පෙර ලග්ගල කදු මුදුනේ තුන් මන් හන්දියේ ගල් කුලක සගවා ඇති “පසිOගල් මාණික්‍යය” ගත යුතු ය.ඒ රාවණ ආකර්ශන මන්ත්‍රයෙන් 1108 වරක් ජප කර සුවද දුම් අල්ලා,රතු මල් දමක් එම ගිරි කුළ අසල තබා පූජා කිරීමෙනි.එවිට ශෙලමය මOජුසාවක් විවෘත වේ.අනතුරුව රක්ත වර්ණ පට පිළියෙන් දෑස් වසා එම ගෝලාකාර පසිOගල් මැණික අතට ගෙන මල් යහනාවක් මත තබා නැවත රාවණ ආකර්ශන මන්ත්‍රය ජප කළ යුතුයි.මෙම කටයුතු වලට බිලී පූජා සපුරා තහනම් ය.
මෙම ක්‍රියාවන් කිසිම නිධන් හොරෙකුට කළ නොහැක. ඒ අටසිල් සමාදන් වූ පිරිමි පුද්ගලයන් 108දෙනෙක් සුදු මල් වට්ටි එක බැගින් ගෙන “කරණීය මෙත්ත සූත්‍රය” කියමින් ලග්ගල කදු තරනය කළ යුතු නිසා ය. එය සදහාද පිටත් විය යුත්තේ ඇසළ පසළොස්වක දිනකදී ය.
රාවණා රජුගේ රන්,රිදී,මුතු,මැණික් සතර මහා නිධානයද රාවණ ගල (වත්මන් රාගල) කන්දේ සෙල් මOජුසාවක තැන්පත් කර ඇත.එම නිධානයේ වස්තුව පුද්ගලයෙකුගේ පර්භෝජනයට පත් නොකළ යුතු බවත්,එම වස්තුව රෝහණ ප්‍රදේශයේ , සබරගමුවේ සහ මධ්‍යම කදුකරයේ සOවර්ධනයට යෙදිය යුතු බවත් පැවසේ.මෙම පුස්කොළ පොතේ සදහන් බොහෝ කරුණු මිනිසෙකුට කළ නොහැකි නමුත්, මෙම කරුණු වල සත්‍යක් ඇත.
නමුත් මෙම කරුණු යම් දවසක සිදු වන බව “සිද්ධ රාජ” පත් ඉරුවල ඇත.වසර දහස් ගණනකට පෙර යුද්ධයෙන් රාවණා මිය ගියේ නැත.විෂ හී සැරයෙන් සිහි මුර්ජා වූවා පමණි.රාවණා රජු කිසි දිනෙක මිය නොවන බවත්,මහා බ්‍රහ්මයාගෙන් වරලත් එකම මනුෂ්‍යා බවත්,ඔහු දේවත්වයට සමීප වූවෙක් බවත් අප අමතක නොකළ යුතුය.රාවණා නැවත පණ ලබන්නේ මහා බඹුගේ ආශිර්වාදයෙනි. එමෙන්ම ” රාවණා පුස්කොළ පොතේ” ඇත්තේද මෙම කරුණුම වේ.

Sunday, September 15, 2013

සිතා මම ආවා චිත්‍රපටය තුළින් වැනසෙන අපේ උරුමය..

ශ්‍රේෂ්ඨ ඉතිහාසයක් හිමි රටක කලාකරුවාගේ වගකීම වනුයේ එම රටේ ඒ ඉතිහාසයට වටිනාකමක් එක් කිරිමයි.ලෝකයේ එවන් ශ්‍රේෂ්ඨ ඉතිහාසයක් ඇති අප මවුබිමට හිමි වෙන්නේ අද්විතීය ස්ථානයකි.වසර 10000කටත් පෙර අතිතයේ සිරි ලක්දිව විසු රාවණා රජු පිළිබද කතා පුවත මේ වන විට ලෝකයේම අවධානයක් ලබාගෙන ඇත.රයිට් සහෝදරයන් තබා මහා ඉහළින් තාක්ෂණය පිළිබද දොඩවන සුද්දන් කැලයෙන් එළියට පිමිණිමටත් පෙර අප මහ ර‍ජෙකු ගුවනින් යාමේ තාක්ෂණය ප්‍රගුණ කරයැයි කීම කෙතරම් ආඩම්බරයක්ද.නමුත් මෑතකදී ජයසෙන් අපොන්සු කලාකරුවා විසින් නිර්මාණය කරන ලද සීතා ‍මන් ආවා යන චිත්‍රපටියෙන් රාවණා චරිතය අමු අමුවේ වනසා දමා ඇත.මෙම වරද සිදු වී ඇත්තේ ලාංකීය කලා ක්ෂේත්‍රයේ විශිෂ්ඨයෙකු අතින් විම බලවත් කණගාටුවට කරුණක් වන්නේය.
                                 වාල්මිකී නම් රාමායනය රචකයා පවා රාවණා රජු මහා බලසම්පන්න,ශේෂ්ඨ අයෙකු ලෙස නිර්වචන ගෙන එද්දීත් ශ්‍රී ලාංකිකයෙකු රාවණා චරිතය විකට චරිතයක් ලෙස තම නිර්මාණ උදෙසා යොදා ගෙන ඇත්තේ ජාතියේම අවාසනාවටය.ක්ෂේත්‍ර 10ක් ප්‍රගුණ කල මහා සක්විති රජෙකු වූ රාවණා චරිතයම මෙම චිත්‍රපටියට යොදා ගැනීම කණගාටුවට කරුණකි.
              රාවණා චරිතය පිළිබද සමාජය තුළ කතාබහක් ඇරඹී ඇති මෙම කාලයේ රාවණා සමයේ ලංකාපුරය පිළිබද චිත්‍රපටියක් නිපදවූවා නම් එය රටට සිදු කරන මහත් මෙහෙවරක් වීමට ඉඩ තිබුනි.තම අතිත උරුමය පිළිබද පැහැදීමෙන් එම රටේ පුද්ගලයන්තුළ උත්තේජනයක් ඇතිවන්නේ නිරායාසයෙනි.ඉන්දියාව වැනි රටවල් තම හමුදාවන් යුධ වැද ජයගන්නා චිත්‍රපට එකපිට එක සාදා ගොඩනගා ඇත්තේ ඒ උත්තේජනයයි.අප විසින් මේ රටේ මිනිස්සු තනිකර කෙළින්නේ පිස්සු කියා ගීත ගායනා කරද්දී ඔවුන් පැවසුවේ වන්දේ මාදරම්(මව් බිමට නමස්කාර වේවා)කියාය.අද මහා මාර්ගයක් අතුගානා ඉන්දියානුවා තුලද ඇත්තේ තම දේශය පිළිබද මහත් ආදරයකි.චිත්‍රපට කලාව ඒ තරම් ප්‍රබලය.නමුත් කලින් පැවසුවා සේ අප රටේ මිනිස්සු කෙළින්නෙම පිස්සුය.සිතා මන් ආව යන නිර්මානයත් එවැනිම පිස්සුවකි.
  අබා,සිරි පැරකුම්,මහින්දාගමනය වැනි නිර්මාණ පසුගිය සමයේදී සමාජය තුළ ඉමහත් කීර්තියට පත් වු චිත්‍රපටය.එවන් ප්‍රසිද්දියක් ඒවාට අත් වුනේ මා කලින් කී උත්තේජනය ඒවායේ අන්තර්ගත වු නිසා ය.අද පාසල් පෙළ පොත් වල පවා සදහන් වී ඇත්තේ රාවණා යනු කාමතුරයෙකු බවයි.නමුත් රාමායනයෙන් පවා හෙළිනොවන සත්‍ය කතාව මේ වන විට හෙළිවෙමින් පවතී.කිසිවෙකුටත් වුවමනා ආකාරයට මෙවන් චරිත තම සිතැගි පරිදි වෙනස් කිරිමට ඉඩ දිය නොහැක.මීට විරුද්ධ නොවන නුඹට දිනක බුද්ධ චරිතයට මේ ආකාරයේ අපහාසයක් සිදු වුවහොත් ඊට එරෙහි වීමට සදාචාරාත්මක අයිතියක් ‍නැත.
 ජයසේකර අපොන්සු යනු විශිෂ්ඨ කලාකරුවෙකි.ඒ පිළිබද කිසිදු සැකයක් නොමැත.නමුත් මේ සිදුව ඇත්තේ අප හෙළ ඉතිහාසයට මහත් අපහාසයකි.රාවණා යනු පෙරුම් පුරනා බෝධිසත්වයෙකු ලෙසද මතයක් පවතී.එසේ නම් මෙය බුදුවරයෙකුට කළ අපහාසයක් වැනිය.
                            අප රටට මහා විනාසයක් සිදු කල වෙලුපිල්ලේ ප්‍රභාකරන් නම් ඝාතකයා පදනම් කරගෙන මෙවන් නිර්මාණයක් සිදු කලානම් අපටද බඩ අල්ලා සිනා සී මෙය නැරඹීමට හැකියාව තිබුනි.නමුත් මහතානෙනි අප උරුමය විකෘති කර ඇති අවස්ථාවක ඊට සිනා සීමට අප සූදානම් නැත...

 නමුත් මා කලින් පැවසුවා මෙන් අභාගයකට මේ රටේ මිනිස්සු තනිකර කෙළින්නෙම පිස්සුය.
සංජය

Saturday, September 14, 2013

නොමියෙන වෙඩික්කරුවා NIRO

එදා හෙළ රජ සමයේ සිටි අපගේ උත්තරීතර මාතෘ භූමියට එල්ල වූ සතුරු ප්‍රහාරවලින් අප රට මුදවා ගැනීමට දිවි හිමියෙන් සටන් කල රණශුරයන්
කොටි ත්‍රස්තයන් 400 කට වැඩි ප්‍රමාණයක් තනිවම මරු තුරුලට යැවූ අසහාය අසමසම සැගවුණු වෙඩික්කරු(Sniper) කෝප්‍රල් රන්ජිත් ප්‍රේමසිරි (corpral Ranjith premasiri )හෙවත් නීරෝ(Nero) ,.......

එදා හෙළ රජ සමයේ සිටි අපගේ උත්තරීතර මාතෘ භූමියට එල්ල වූ සත
ුරු ප්‍රහාරවලින් අප රට මුදවා ගැනීමට දිවි හිමියෙන් සටන් කල රණශුරයන් මේ රට සිටියහ,..

එදා රජ සමයේ අප රට සතුරු ආක්‍රමණවලින් මෙරට මුදවා ගත් ශ්‍රේෂ්ට නරපතියෙකි දුටුගැමුණු රජතුමා ,එතුමාගේ හමුදාවේ සිටියේ ශ්‍රේෂ්ටතම දුනු වයා වුයේ සුර නිමලය,.
.වැලි මිරිකා වතුර ගත් සිංහලයට කල නොහැක්කක් නොමැති බවට පෙන්නු අද කාලේ නීරෝ,සුර නිමල කෙනෙක් විය ,.

ශ්‍රී ලංකා මාතාවට උත්තරීතර නිදහස ලබා දුන් මානුෂීය මෙහෙයුමේදී සැගවුණු වෙඩික්කරුවන් කල මෙහෙය අති විශිෂ්ටය,.

සැගවුණු වෙඩික්කරුවෙකු(Sniper) යනු සැගව සිට තම සහයක බට පිරිස් වෙත ඉදිරි පෙළ සතුරු ඉලක්ක විනාශ කරමින් අනගි සහයක් ලබා දෙන අති දක්ෂ වෙඩික්කරුවෙකි,..

කැපවීම,අදිෂ්ඨානය,.ඉවසීම,හැකියාව සැගවුණු වෙඩික්කරුවෙකු සතු ගුණාංග කිහිපයකි, ,..

කෝප්‍රල් රන්ජිත් ප්‍රේමසිරි යනු තම රාජකාරිය විශිෂ්ට ලෙස අකුරටම ඉටු කල අති දක්ෂ (sniper )සෙබළෙකි..නීරෝ(Nero) යනු ඔහුට ලබා දී තිබු අනුවර්ත නාමයයි..නීරෝ ශ්‍රී ලංකා යුධ හමුදාවේ වීශිෂ්ට සම්පතක් විය..ඒ ඔහු කොටි ත්‍රස්තවාදීන් සිය ගානක් විනාශ කර ඇති නිසාවෙනි.නීරෝට තම ඉලක්කය කිසිදාක වැරදුනේ නැත,ඒ ඔහුට ඔහු ගැන දැඩි විශ්වාසයක් තිබු නිසාවෙනි.,

තමන් උපන් මත්තෘ බුමියේ රැකීමට ඔහු තුල තිබු අසාව නිසාම ඔහු තම 1991 පෙබරවාරි 12,එනම් ඔහුගේ 22 වෙනි වියේදී ශ්‍රී ලංකා යුධ හමුදාවට එක් විය ,.අනතුරුව යුධ හමුදා පුහුණුවෙන් පසුව ඔහු යුධ හමුදා ගජබා රෙජිමේන්තුවේ 5 වැනි බල ඇණියට අනියුක්ත වුනෙය,මානුෂිය මෙහෙයම මුල සිටම කොප්‍රල් රංජිත් ඇතුළු සැගවුණු වෙඩික්කරුවන්ගෙන්(snipers ) ලැබුනේ අති විශිෂ්ට සහයකි,.

අලිමංකඩ මුදා ගැනීමේදී,වන්නේයික්කුලම් දැවැන්ත පස්ස බැම්ම මුදා ගැනීමේදී,පරන්තන් මුදා ගැනීමේදී,ඔහු අතිශය දක්ෂ ලෙසේ තම සැගවුණු වෙඩි බලය උපරමියෙන් ලබා දී බුමියේ අනෙකුත් බටපිරිස්වලට අනගි සහයක් ලබා දුන් මෙහෙයුම් කිහිපයකි,.


අනතුර පෙනෙන මානයේ සිටියද රංජිත්ට තමන් ගැන දැඩි විශ්වාසයක් තිබුණි.වන්නි මානුෂිය මෙහෙයුමේ අවසන් දිනවල LTTE බාරයේ සිටි ප්‍රාණ ඇපකරුවන් විශාල ලෙස වැල නොකැඩි ශ්‍රී ලංකා හමුදාවන් වෙත පිහිට පතාගන එන්නට විය,.හමුදාව වෙත එන ප්‍රාණ ඇපකරුවන් අතරේ සැගවිගන පරාජයෙන් වියරු වැටීගන සිටි LTTE ත්‍රස්තයන් විරෝදාර ශ්‍රී ලංකා හමුදාව වෙත ප්‍රහාර එල්ල කිරීමේ නිවට නින්දිත උතසහයක යෙදෙන්නට විය.එබැවින් පුදුමාතලන් ප්‍රදේශයේ ප්‍රාණ ඇපකරුවන් අතරේ සැගවිගන එන ත්‍රස්තවාදීන් ඉලක්ක කරගන ප්‍රහාර එල්ල කරීමේ බාර දුර කාර්යය කෝප්‍රල් රන්ජිත් ප්‍රේමසිරිට පැවරිනි...

හමුදාව වෙත එන ප්‍රාණ ඇපකරුවන් අතරේ සැගවිගන එන ත්‍රස්තයන් එලක්ක කර ගැනීම සැබවින්ම ඉතාමත් අසීරුය. එත් රන්ජිත් ප්‍රේමසිරිනම් අසහාය අසම සම වෙඩික්කරුවා සතු හැකීයාව නිසා ඔහුට එම කාර්ය කිරීම හැකියාව තිබුණි.

එත් අවාසනාවන්ත ලෙස නොසිතු මොහොතක LTTE සැගවුණු වෙඩික්කරුවෙකුගේ ඉලක්කයකට රන්ජිත් ප්‍රේමසිරි හෙවත් නීරෝ (nero) හසුවීම නිසා මෙමෙ අසම සම අති විශිෂ්ට රණශුරයට තම මත්තෘ බුමිය උදෙසා 2009 අප්‍රියල් 28 උදැසන එනම් ජීවිතේ 41 වන වියේදී ජීවිතේ පුද කරන්නට සිදු විය,..
ඔහු තම හමුදා දිවියේදී ඔහු මිය යන මොහොත දක්කවා ලංකා මාතාව වෙනුවෙන් කලේ උත්තරීතර මෙහෙයකි,.

දරුවන් තුන් දෙනෙකුගේ සෙනෙහෙබර පියෙක් වූ,බිරිදකගේ සෙනෙහෙබර සැමියෙක් වූ කෝප්‍රල් රන්ජිත් ප්‍රේමසිරි තම මත්තෘ භූමිය උදෙසා එලෙස තම ජීවිතය පුජා කලේය.
දරුවන් තම පවුල පිලිබදව කොතරම් සොදුරු බලාපොරොත්තු තිබුනත් තම රට ජාතිය නිදහස සැමදේටම වඩා උතුම් බව සලකු මෙම උත්තම පුරුෂය රට වෙනුවෙන් තම උපරිම කැපවීම සිදු කලේය.

කෝප්‍රල් රන්ජිත් මිය යන විට රණබිමේ දැක්වූ වීර වික්‍රමාන්විතයන් වෙනුවෙන් වීර වික්‍රම විභූෂණ,රණවික්‍රම ,,රණශුර උපහාර පදක්කම් පිරි නැමීමට නිර්දේශ කර තිබුණි.
එසේම උපන් රටට ශ්‍රී ලංකා හමුදාවට ඔහු සිදු කල මෙහෙය උදෙසා පුර්ණ බුමි,උතුරු නැගෙන හිර සංග්‍රාමික ,50 වන නිදහස් සංවත්සර,50 වන යුධ හමුදා ස්වර්ණ ජයන්ති ,රිවිරැස හා දේශ පුත්‍ර සම්මානයෙන්ද මෙම රණවිරුවා පිදුම් ලබා සිටියේය..
සැමදෙටම වඩා තමන් උපන් රට ජාතිය උතුම්ව සලකු මෙවැනි රණවිරුවන් අද ශ්‍රී ලංකික සමාජයෙන් ගරු බුහුමන් ලැබිය යුතුය,එත් අද ශ්‍රී ලංකික බොහෝ දෙනාට රණවිරුවන් කල කැපවීම අමතක වී තිබීම සැබවින්ම සෝචනීයයි,........

Thursday, September 12, 2013

බුදුන් උපන් ජන්බුද්දිපය අප ලංකාවද?

                                                       අප්‍රේල් 01 වන ඉරුදින සිළුමිණ පත්‍රයේ හේමසිරි කුමාරතුංග විසින් ඉදිරිපත් කරන ලද බුදුන් උපන්නේ ලංකාවේද? යන ලිපිය කියවීමෙන් ඔහුත් අපත් උපන් වාසනාවන්ත ‘හෙළ දිව‘ නම් බුදුන් උපන් රටේ උපන් අවාසනාවන්ත මිනිසුන් දෝ යන්න සිතට දැනුණු පහන් සංවේගයෙන් ම පිළිතුරක් ලියන්නට තීරණය කළෙමි.ගෞතම බුදු රදුන් ගේ ඉපදීම, බුදුවීම, පිරිනිවීම ඇතුළු වසර 46 ක් පුරා උන්වහන්සේ දහම් බෙරය හැඩ වූයේ හෙළ දිව නම් මේ පින් බිමේ ම බව මින් පෙර ද අරිසෙන් අහුබුදු ශූරීන් හා සෙනරත් පරණවිතානයන් විසින් ප්‍රකාශ කරන ලදුව ඒ සෑම අවස්ථාවක ම ඊට විරුද්ධවීම ගිහි පැවිදි සිංහලයන්ගේ ම සිරිත වීම නිසාවෙන් ඒ හැම අවස්ථාවකදීම සුවහසක් වූ බෞද්ධයන්ට ඒ ගැන සත්‍ය තොරතුරු දැන ගැනීම මග හැරී යාම ජාතියේ මහා පාප කර්මයක් විය. පළමු කොටම හේමසිරි මහතා හට ස්තුතිවන්ත විය යුත්තේ පූජ්‍ය මීවන පලානේ සිරි ධර්මාලංකාර හිමි විසින් නිර්මිත ‘ජන්බුද්වීපය’ ග්‍රන්ථය සම්බන්ධවත් එහි ඇති වටිනා අර්ථ දැක්වීම් කිහිපයක් හා රූප සටහන් පළ කිරීමෙන් ඒ මා හැඟි පුස්තකයට වටිනාකමක් සමඟින් ප්‍රසිද්ධියක් ලබාදීම සම්බන්ධවයි.අප උපන් රට හෙළදිව බව එතුමන් පිළිගෙන ඇත. අප දන්නා තරමින් ලොව හැම රටකටම තම රටේ නම එම රටේ ප්‍රධාන ජනවර්ගයාගේ නමින් වූ බව සනාථ වේ. උදා. ලෙස මැලේ ජාතිකයන්ගේ රට ‘මැලේසියාව ද’ ජපන් ජාතිකයන්ගේ රට ‘ජපානය’ ද ඉංග්‍රීසි ජාතිකයන්ගේ රට ‘ඉන්ග්ලන්ඩ් ද’ දෙමළ හෙවත් ටැමිල් ජාතිකයන්ගේ රට ‘ටැමිල්නාඩු’ හෙවත් දෙමළ රට ලෙස ද අර්ථ දැක්විය හැකි ය. ඉතින් අපගේ ජාතිය ‘හෙළ’ හෙවත් හෙළජාතිය වූ අතර රට ‘හෙළදිව‘ විය.බුදුන්ගේ පරි නිර්වාණය වූ වෙසක් මස මෙරටට ගොඩබට විජය නම් වූ ඉන්දියාවෙන් පිටුවහල් කරන ලද කල්ලතෝනි සෙල්ලක්කාරයකු වූ සිං ජාතික විජයගෙන් අප හෙළයන් පැවැත්නේනේ යැයි විදේශිකයන් විසින් අපට අටවා දුන් ඉතිහාසයක් කරපින්නාගෙන සිටිමින් එදා ‘කුවේණිය’ දුටුවන් රෑ මවිත කරවන සළුපිළියෙන් අගතැන්පත්ව කපු කටිමින් ශ්‍රේෂ්ඨ කර්මාන්තයක නියැළී සිටි කාන්තාවක් බවත් (යක්ෂ ගෝත්‍රික) එවන් වූ ශ්‍රේෂ්ඨ තාක්ෂණයකට උරුමකම් කී ජාතියකගේ ආරම්භය අදින් වසර දහස් ගණනකට පෙර සිදුවූ බවත් සිතනට මොලේ කළඳක් හෝ නොමැති වීම අප ජාතියේ තවත් අභාග්‍ය සම්පන්න තත්ත්වයකි.අපගේ හෙළ ජාතියට විජයගේ සිං එකතු වී සිං + හෙළ සිංහල වූ බව දැන් අපට පැහැදිලි ය. අප අතිපූජ්‍ය පුරාවිද්‍යා චක්‍රවර්තී එල්ලාවල මේධානන්ද හිමියන් විසින් මාගම වරායත් විල්පත්තු කැලේ පිහිටි කුවේණී මාලිගයත් දැන් සොයාගෙන ඇත. අප අතීත උත්කෘෂ්ට එම නටබුන් දකින ඕනෑම කෙනකුට විජයගේ පැමිණීමට වසර සිය ගණනාවකට පෙර අති පුදුම සහගත හෙළදිව කර්මාන්තයන් හා සමාජ පැවැත්ම හා එහි තිබුණු ශ්‍රී විභූතිය ඉතිහාසඥයකුටවත් සිතා ගැනීමට පවා නොහැකිය.නාග, දේව, යක්ෂ, කුම්භාණ්ඩ නම් සිව් හෙළයකින් සමන්විත වූ හෙළ දිව නාග වංශික මුචලින්ද රජු විසින් අව් වැසි වලින් බේරීමට තනවා දුන් කුටියට විශාල නාගයකු බුදුරදුන් රැක්කයි කියමින් අදටත් අප ඉතිහාසය තුළ වල්මත් වී ඇත. නාග ගෝත්‍රිකයන් කැලණියේ ද විසූ අතර නාග රජවරුන්ගේ හබය බේරීමට බුදුරදුන් කැලණියට වැඩම කළ බව සඳහන් ය. මෙවන් වූ ගෝත්‍ර ඉන්දියාව තුළ නම් කිසිදා අසන්නට හෝ දක්නට නොලැබුණි. මිථ්‍යා මත පසුපස යමින් හෙළුවැලි සහිත නිගණ්ඨයන් නම් ඕනෑ තරම් ඉන්දියාව තුළ සිටි බව කවුරුත් දන්නා කරුණකි.තවද ලංකාවේ ප්‍රථම පුරාවිද්‍යා කොමසාරිස් වූ H.C.B බෙල් යන සුදු නිලධාරීන්ට ලංකාවේ ඉතිහාසය සෙවීමට භාර කර තිබූ නමුත් ඒ කෙසේ වෙතත් මිල කළ නොහැකි පුරාවස්තු පිටරටට පැටවීම සම්බන්ධයෙන් නම් ඔහු චෝදනා ලැබ සිටියහ. තව ද ඔහු විසින් අදටත් හෙළ ජාතියේ විශ්වකර්ම නිමැවුමක් වූ සීගිරියේ මුල් යුගයේ කැණීම්වලින් හමුවූ ගලමුදුනේ සිට පහළට බැසීමට තිබූ අබිරහස් පඩිපෙළ සහිත උමං මාර්ගය තුළ තිබූ වටිනා පුරාවස්තු සොයා ගැනීමෙන් පසු ගල මුදුනේ වූ මාර්ග ද්වාරය කොන්ක්‍රීට් දමා වසා දැමීමට නියෝග දුන් බව දන්නේ කීයෙන් කීදෙනා ද?H.C.B බෙල් කොන්රින්ග්ටන් වැනි සුදු නිලධාරීන් අපගේ ම ඉතිහාස ග්‍රන්ථ කියවා ‘ගෝතමෝ ශමන’ (ගෞතම ශ්‍රමණයන්) වැනි වචන වැරදියට අර්ථ කථනය කරමින් ඔවුනට සිතුණ දේ ලියා දුන් ඉතිහාසයට වඩා වටිනා ප්‍රෞඪ ඉතිහාසයකට අප උරුම කම් කියන බව දැන් හෙළිදරව් වී ඇත.ඉතින් මෙවන් වූ සාක්ෂි මත අප මනඞකල්පිත අර්ධ ඉතිහාසයක වල්මත් වී ඇති බව සාමාන්‍ය බුද්ධිය සහිත ඕනෑම කෙනෙක්ට පෙනී යන අතර ඉතිහාසය නැවත ලිවීම නොව වැළලී ගිය නිවැරදි ඉතිහාසය ජීවමාන සාක්ෂ සමඟින් අර්ථ දැක්වීමට හෙළයන් වන අපට ඉමහත් වූ ආඩම්බරයක් හා වගකීමක් ද

Sunday, September 8, 2013

අප රාවණා රජු සොයා යන්නේ ඇයි?

                                         ශ්‍රී ලංකාව නම් කොදෙව්වක ජීවත් වන අපට මෑතකාලීන ඉතිහාසයේ ආඩම්බර විය හැකි අවස්‌ථා උදා වූයේ ඉතා ම කලාතුරකිනි. එක්‌ කලෙක අප අභිමානය තෘප්ත කර ගැනීමෙහි ලා කෙතරම් දිළිsඳු තත්ත්වයක පසු වී ද යත් සේපාල ඒකනායක නම් ශ්‍රී ලාංකිකයකු අලිතාලියා ගුවන් යානයක්‌ පැහැර ගත් විට ශ්‍රී ලාංකිකයන් අභිමානයට පත් වූ ආකාරය සිහිපත් කළ යුතු ය. ශ්‍රී ලංකා කොදෙව් වැසියන්ට අභිමානය තෘප්ත කර ගැනීම පිණිස එකල උදා වූයේ එවන් අහඹු සිදුවීම් පමණි. එකී ශෝචනීය කාල පරිච්ඡේදයට හැරවුම් ලක්‌ෂ්‍යයක්‌ වූයේ 1996 දී අපේ ක්‍රිකට්‌ කණ්‌ඩායම ලෝක කුසලානය දිනා ගැනීමයි. අපේ රණවිරුවන් ප්‍රභාකරන් නන්දිකඩාල්හි ගිල්වීමත් සමග ම මෑත කාල පරිච්ඡේදය අපේ අභිමානය සොයා යන වකවානුවක්‌ බවට පරිවර්තනය විය. දැන් ජාතියට අභිමානයක්‌ ලබාගත හැකි තත්ත්වයකින් සිතීමට අපට හැකි ය. 

අප ජාතියට අභිමානයක්‌ සෙවූයේ මෑතක පටන් නො වේ. සුද්දා ගෙන් නිදහස ඉල්ලීම ආරම්භ වීමත් සමග ම ජාතියේ අභිමානය සෙවීමේ වර්තමාන කථාව ද ආරම්භ විය. පෙර කී පරිද්දෙන් ම අභිමානය පිළිබඳ කාරණාවන් අරභයා තත්කාලීන සමාජය ශෝකාන්විත තලයක වූ හෙයින් අපේ පිහිටට පැමිණියේ ඉතිහාසයයි. ජාතියේ අභිමානය සොයා යන්නන් ගේ පහසු විකල්පය බවට පත් වූයේ අපේ අභිමානවත් අතීතයයි. සැබැවින් ම අපට අභිමානවත් ඉතිහාසයක්‌ පැවැති හෙයින් එහි කිසිදු ගැටලුවක්‌ නො වී ය. එහෙත් අභිමානවත් ඉතිහාසය සොයා යැමේ ක්‍රමවේදය අරභයා බරපතල ගැටලුකාරී තත්ත්වයන් උද්ගත වූ බව සාධාරණව පිළිගත යුතු ය. මෙකී පරස්‌පරය ඇති වීමේ හේතුව ද පැහැදිලි ය. ජාතියට අභිමානය සොයා ඉතිහාසය දෙසට යොමු වූ පිරිසක්‌ ඒ පිළිබඳ විද්‍යාත්මක ක්‍රමවේදය අතහැර දැමූ හ. මීට ප්‍රතිලෝමව විද්‍යාත්මක ක්‍රමවේදයක්‌ අනුගමනය කරමින් ඉතිහාසය දෙසට යොමු වූ පිරිස ජාතියට අභිමානයක්‌ සොයා දීමේ අරමුණින් බැහැර වූ හ. 

ජාතියට අභිමානයක්‌ ලබා දිය හැකි ඇතැම් ඉතිහාස තොරතුරු අතර පුරාකථාවන් හා ජනප්‍රවාද ද වෙයි. වසර ගණනක්‌ පැවැති ඕනෑ ම ශිෂ්ටාචාරයක එවැනි පුරාකථාවන් හා ප්‍රවාද දැකිය හැකි ය. එකී ප්‍රවාදවල ඉතා ඈත කාලීන වීරයකු, පාලකයකු පිළිබඳ හෝ ඉතා ම සමෘද්ධිමත් යුගයක්‌ පිළිබඳව සඳහන් වීම එවන් ඕනෑ ම ශිෂ්ටාචාරයකට පොදු ය. එකී ප්‍රවාද ඔස්‌සේ ඒවායේ මූලය සොයා යැම වර්තමාන පුරාවිද්‍යාවට පටහැනි ක්‍රියාවක්‌ නො වේ. 

බයිබලයේ පැරැණි තෙස්‌තමේන්තුව පුරාවිද්‍යානුකූලව හැදෑරීමේ උත්සාහයන් පවතී. බ්‍රිතාන්‍යයේ ආතර් රජු පිළිබඳ පුරාකථා ඇතැම් පුරාවිද්‍යාත්මක කටයුතු සඳහා පාදක වෙයි. ට්‍රොaයි පුරවරය සොයා පුරාවිද්‍යාත්මක හැදෑරීමක්‌ කරනු ලැබුවේ ඉලියඩ් හා ඔඩිසි වීර කාව්‍ය පදනම් කරගනිමිනි. එබැවින් ශ්‍රී ලාංකිකයන් රාවණ පිළිබඳ පුරාකථාවන් පුරාවිද්‍යාත්මකව සොයා බැලීම හාස්‍යයට තුඩු දිය යුතු කරුණක්‌ නො වේ. එමෙන් ම ඉතිහාසය සොයා යැම වර්තමාන පුරාවිද්‍යාත්මක රාමුව තුළ සිදු විය යුතු යෑයි නියමයක්‌ ද නැත. 

ශ්‍රී ලාංකිකයන් ගේ අභිමානය පිළිබඳ කාරණාවේ දී රාවණා පිළිබඳව පුරාකථාව අතිශය වැදගත් ය. අප ගේ මුතුන් මිත්තකු රයිට්‌ සහෝදරයන්ට ප්‍රථම ගුවනින් ගිය බව පිළිගැනීම අපේ අභිමානයට වැදගත් ය. හෙතෙම ඉන්දියාව පාලනය කළ බව සිහිපත් කිරීම ම අප සිටිනා තැනින් ඉහළ මට්‌ටමකින් සිතීමට පොලඹවයි. එහෙයින් රාවණා පිළිබඳව තොරතුරු හැදෑරීම කිසි ලෙසකිනිදු හාස්‍යයක්‌ නො වේ. 

එහෙත් රාවණා පිළිබඳව සොයා යන්නන් ඒ සඳහා අනුගමනය කරන ක්‍රමවේදයන් නම් හාස්‍යයට වැඩි හැඟීමක්‌ ජනිත නො කරයි. මෑත කාලීන ජනමාධ්‍යවල රාවණා සොයා යන්නන් ගේ ලිපි මගින් ප්‍රකාශිත තොරතුරු කිහිපයක්‌ කෙරෙහි අවධානය යොමු කිරීම ඒ හාස්‍ය රසය සඳහා ප්‍රමාණවත් ය. 

Thursday, September 5, 2013

මහා රාවණා - පළමු කොටස

                                                                              රාවණා යන නම ලාංකික අපිට නුහුරු නමක් නොවෙයි. නමුත් කුමක් හෝ කාරුනක් නිසා රාවණා රජුගැන අපි දැන සිටින කරුණු කාරනා අල්පයැයි මට සිතේ. පාසලේදි ඉතිහාසය ඉගනගැනිමේදි පවා අප රාවණා කෙනෙකු ගැන සදහනක්වත් අසන්නේ නැත. අපිට ඉගැන්නු හා ඉගන්වන ඉතිහාසය අනුප අප පැවත එනුයේ විජය රජුගෙන් යැයි අපි උගනෙමි. එහෙත් මෙය සත්‍යක්ද? මා අසා හා කියවා ඇති කරුණු අනුව විජය යනු මුහුදු මංකොල්ලකරුවෙකි.(ඒ පිලිබදව ඉදිරියේදි සටහන් තබන්නේමි.) එහෙත් කුමන හේතුවක් නිසා අපි රාවණ ඉතිහාසය වසන්කරගෙන සිටිනවාදැයි මා හට වැටහිමක් නැත. මේ පිලිබද ව මා සොයාගත් හා එකතුකරගත් කරුනු අනුසාරයෙන් රාවණා පිලිබදව ලිපි මාලාවක් ලිවිමට අදහස් කලෙමි. ඉතින් අද පටන් අපේ ප්‍රෞඩ රාවණා ඉතිහාසය ගැන විස්තර කෙරෙන ලිපිමාලාවේ පලමු ලිපිය මෙයයි. ඔබලගත් මෙවැනි කරුනු අලලා ඇති ලිපි තිබේ නම් අපත් සමග බෙදාහදා ගන්නා ලෙස ද ඉල්ලා සිටිමි.....මනු රාජවංශය අවසාන වූවායින් පසුව, තවත් රාජ වංශ තුනක් ගැන ඉතිහාසයේ සඳහන් වෙනවා, ඒ පිළිවෙලින් තාරක [වසර 10,000 කට පෙර] මහාබාලි [වසර 7,500කට පෙර] රාවණා [වසර 5,000- කට පෙර] ආදී වශයෙනුයි. මහාවංශයට වඩා ඉපැරැණි ලියෑවිල්ලක්‌ වන වරිග පූර්ණිකා නම් යක්‌ෂ ජන සමූහයාට අයත් පුස්‌කොළ පොතෙහි ශ්‍රී රාවණ අධිරාජයාගේ නාමය යගු කෞරාණ මන්ඨක ලෙස සඳහන් වේ. මන්ඨක යනු යකුය. එබැවින් එම නාමයෙහි සිංහල තේරුම “සියල්ල සම්පූර්ණ කළ යකා” වේ.මහා සෘෂි වෛශ්‍රවන (වෙසමුණි ) රාවණ රජුගේ පියා වන අතර මව කකේසී නම් ධෛත්‍ය මහේෂිකාවයි.විභීෂණ, කුම්භකර්ණ හා අහිරාවණ ලෙස රාවණාට එක කුස උපන් සොයුරන් තිදෙනෙකි.තවද කෛකේසිය ‘මීනාක්ෂි’ නම් දියණියකට ද උපත දුන්නාය. සුපනඛා ලෙස කුප්‍රකට වුයේ රාවණාගේ සොහොයුරියයි.රාවණා විස්තර වන්නේ ශිවගේ භක්තිවන්ත ශ්‍රාවකයෙක්, මහා ප්‍රාඥයෙක්, දක්ෂ පාලකයෙක් හා සුප්‍රසිද්ධ වීණා වාදකයෙක් වශයෙනි. හිස් දහයක් ඇත්තෙක් (දසිස් , දශ ශීර්ෂ) ලෙස සමහර ස්ථාන වලදී රාවණා රජ වර්ණනා කර ඇත්තේ සිව් වේදය හා ෂඩ් උපනිෂද් ධර්මයන්ට අදාළ විශිෂ්ඨ දැනුමක් සහිතව මහා ප්‍රාඥයන් දස දෙනෙකු තරම් බලවත් ඥාන සම්භාරයක් අත් කරගෙන සිටි නිසා යැයි පැවසේ.රාවණා යනු විශිෂ්ඨ ග්‍රන්ථ සම්පාදකවරයෙකි. නක්ෂත්‍රය හා ජ්‍යෝතිෂයට අදාල බලගතු ග්‍රන්ථයක් වන ‘රාවණ සංහිතා’ නම් කෘතිය රාවණ රජු විසින් සම්පාදනය කරන ලද්දකි.
                                                                           

Monday, September 2, 2013

alone life එකේ සුන්දරත්වය...

 අපි තනි වෙන්න ඕනෑ. ඒ කියන්නේ මේ හැම දෙයකින්ම මිදිලා තනිව හිතන්න ඕනෑ අපි ගැනම. ඒ කියන්නේ අවබෝධයෙන්. ඒ වගේම මේ සොබාදහමත් අපිත් පැවැත්වෙන අකාරය ගැන හිතන්න ඕනැ. එතකොට මේ ලෝක ස්වාභාවය අපිටම තෙරේනවා. කොහොම වුනත් අපි තනි වුනාම අපේ ජිවිතයේ තියෙන සුන්දර අසුන්දර කැමැති අකමැති දේවල් වගේ නෙයෙකුත් දේවල් හිතට ඒනවා. ඒවා අවබෝධයෙන් බැලිය යුතුය. මොකද අපි හිතන පතන අකාරයට තමයි අපේ අනාගතය සැකසෙන්නේ. වෙලාවකට අපි සත්‍ය දැක දැක බොරැවම කරනවා. ඒ දේ කරන්න ඕනැ නිසා බොරැවම කරනවා. නමුත් සිහිබුද්දියෙන් තමාගේ ජිවිතය ගැන හිතන කෙනෙක් අනිවර්යෙන්ම තමාගේ මෙන්ම අනික් අයගේ ජිවිතයටද යහපත් වෙන අකාරයේ තිරණයක් ගන්නවා ඕනෑම ප්‍රශ්ණයකදි. 

 අපේ වටේ ඉන්න අය, පවතින දේවල් නිසා තමයි අපි ජිවත් වෙන්නේ. එහෙමනම් අපි වටේ ඉන්න පවතින දේවල් අපිට අවශ්‍ය නිවැරදි අකාරයට වෙනස් කරගත යුතුයි. අපි හැම වෙලෙම නිවැරදි වෙන්න බලනවා නම් අනිවාර්යෙන්ම සත්‍ය ජය ගන්න බලනවා නම් පළමුව තනි වි තමා ගැන පළමුව සිතිය යුතුය.

                                                      සුන්දර ලෝකයක අපි ඉන්නේ එත් අපිම මේ ලොකේ අසුන්දර දුක් ගොඩාක් සහිත තැනක් කරගෙන. කෙනෙකුන් කවියක් චිත්‍රයක් සින්දුවක් වැනි සුන්දර දේවල් පවා ලියවෙන්නේ කියවෙන්නේ තනිව සිටින අයට නේද. ඔවුන් මේ ලෝකේ එච්චර සුන්දරව දකින්නේ තනිව දකින විට මේ ලෝකේ ඇත්ත තත්වය දකින නිසාය. අපි ඇත්තටම ජිවත් වෙන්න ඕනෑ නම් තනිව සිතන්න ඕනී අපේ ජිවිතය ගැනම.තම හිසට තම අතමය සෙවනැල්ල යැයි අපේ සම්මාසම්බුදු බුදුරජාණන් වහන්සේ පවා එදා දේශනා කලේ ඒ නිසා වෙන්න ඇති

අලුතෙන් දෙයක් කරන්න,අලුත් කෑමක් අත්හදා බලන්න,ජිවිතයට හොදපුරුදු ටිකක් එකතු කරගන්න,ඒ ලැබිච්ච ජිවිතයේ ලස්සන තැන් හොය ගෙන යන්න.ඔබ ඔබම වන්න

තනියම ඉද්දි හිතුනා තනිකම ගැන පොඩි post එකක් දාන්න.‍මම නම් ඉතින් මහා දාර්ශිනකයෙක් නෙවෙයි.ඒත් පුඑවන් විදියට,මට හිතෙන විධියට ලිව්වා..කැමතියි නම් පොඩියට හරි ‍commentuවකුත් දා‍ගෙනම යන්න.එතකොට තමයි මේ කොල්ලට පුංච් ජොලියක් දැනෙන්නෙ..

-සංජය

Sunday, September 1, 2013

බ්ලොගින්ග් ගැන මාගේ දර්ශනය...

බ්ලොග් ලියන්නේ ආසාවටය, විනෝදාංශයකටය, ඒකාකාරී බවින් මිදෙන්නටය, ස්වයං ආත්ම තෘප්තියක් ලබා ගන්නටය.. නමුත් කෙටි කළකින්ම බොහෝ දෙනෙකු ඊට ඇබ්බැහි වේ. ඒ එහි ඇති විවිධත්වයත්, රසයත් නිසාය.. කවුරුන් කෙසේ කීවත් බ්ලොගිය තුළින් පිළිබිඹු වන්නේ එහි රචකයාගේ චින්තයට අදාල කරුණු වේ.. නමුත් 100% ම එය එසේමැයි කිව නොහැක්කේය..නමුත් බොහෝ විට එමඟින් රචකයා පිළිබඳ දළ අදහසක් ලබා ගැනීම සිදු කල හැකිය. ඇතැමුන් බ්ලොග් ලියන්නේ දැනුම බෙදා හරින්නටය, තවත් සමහරු කතිකාවත් ගොඩ නඟති, තවත් ඇතැමුන් තමන්ගේ දර්ශණයක් ව්‍යාප්ත කිරීමට මෙන්ම අන්‍යයන් හෙලා දැකීමට බ්ලොග් කරණය භාවිතා කරති. එය එසේ සිදුවිය යුතුය, වැළැක්වීමද කළ නොහැක්කේය, මන්ද යත් බ්ලොග් කරණය යනු සැබෑ රියැලටි සමාජයේ ජීවත්වන්නා වූ පුද්ගලයින්ම භාවිතා කරනා අතත්‍ය (Virtual) අවකාශයකි. එහෙයින් විවිධ වූ පුද්ගලයින්ගේ විවිධ වූ අදහස් එළිදැක්වීම වාරණය කළ නොහැක්කේය.. ඇතැමෙකුගේ නිර්වචනයට අනුව පෞද්ගලික බ්ලොග් මගින් සිදු කෙරෙන්නේ අදාල රචකයා පුම්බා දැමීමකි.. සොක්කෙක් ලොක්කෙක් කිරීමකි. හිපාටුවෙකු පොරක් කිරීමකි... ලෝකයේ ජීවත්වෙන සෑම කෙලෙස් ප්‍රහීන නොකළ පුද්ගලයෙකුම කැපී පෙනීමට කැමතිය. සමාජයේ තැලී පොඩිවන හිඟන්නාද , කුඩුකාරයාද මොහොතකට හෝ රජෙකු යන හැඟීමට කැමතිය. එය ආත්ම තෘප්තිය හෝ ස්වයං මානසික වින්දයකි. මනසින් ලැබෙන්නා වූ එය සැබෑවටම ලබා ගැනීමටද ඔවුන් කැමතිය. එසේ නොවන්නෝ නොවෙති.. කොටින්ම සෑම වැඩ බැරි දාස කෙනෙකුම තමන් සුපර් මෑන් කෙනෙකු ලෙස හඳුන්වනවාට කැමතිය.. ඒ සඳහා හොඳම තැන රියැලටි ලෝකය නොව අතත්‍ය (Virtual) අවකාශයයි.. එයින්ද අතත්‍ය සමාජය වන social media network මඟින් එය පහසුවෙන් සිදු කරගත හැකිය.. යම් ආරූඬ නාමයකට මුවා වී "පොර ටෝක්" දීමෙන් ඉතා ඉක්මනින් ජනප්‍රියත්වයට පත්වීමටත්, තමන්ගේම virtual gang එකක් සාදා ගැනීමට හැකිය. එය එසේම විය යුතුය.. 

                    සැබෑ ලෝකයේ එළිපිට දැක්වීමට නොහැකි අදහස් අතත්‍ය (Virtual) අවකාශයේ නොබියව ප්‍රකාශ කිරීමට හැකිය.. වාරණ හෝ සීමා පැනවෙන්නේ තමන්ගේ අභිමතය පරිදිය. 2011 පෙබරවාරි මස වන විට ලෝකය පුරා බ්ලොග් අඩවි මිලියන 156 ඉක්මවා තිබිණ.. ඉන් වසර දෙකකට පසුව, මේ වනවිට එය මිලියන 200 ට ළඟා වනු නියතයි.. නමුත් මේ අතරින් සිංහල සම්මත අන්තර්ජාල සටහන් කේතන ක්‍රමය වන සිංහල යුනිකේත මගින් ලියැවුනු බ්ලොග් ප්‍රමාණය 5000 නොයික්මවනු ඇත. එයින්ද යාවත්කාලීන වන අඩවි ප්‍රමාණය 500කට අඩුය. ඇතැමුන් අන්තර්ජාලය තුල සිංහල භාවිතය ලැජ්ජාවක් සේ සළකති. සිංහල භාෂාව "පොෂ් භාෂාවක්" නොවේ යැයි ඔවුන් සළකනවා විය හැකිය.සිංහලෙන් බ්ලොග් ලියන්නේ තුන්වැනි පන්තියේ ඉංග්‍රීසි නොදත් ගොඩයන් යැයි ඔවුන් සිතනවා විය හැක. නමුත් මා හඳුනන ඇතැම් සිංහල බ්ලොග් කරුවන් සැබෑ ජීවිතයේදී දරන තනතුරු ගැන ඔවුන් දැන ගතහොත් ඔවුන්ගේ මානසික මට්ටම පිළිබඳ තමන්ටම නිගමනයකට එළඹිය හැකිය... මේ ලිපිය ලියන්නට පාදක උනේ මා මිත්‍ර එක්තරා පුද්ගලයෙකු විසින් අද කරන ප්‍රකාශයකි.. "මට බ්ලොග් ලියන උන් පේන්න බෑ.. ඔයින් එකක් හදන්න ඕන බූරුවෙකුට පුළුවන්.. සයිට් එකේම ටෙම්ප්ලේට් එකක් තේරුවා ප්ලගින් දැම්මා.." කතාව ඇත්තකි.. බ්ලොග් අඩවියක් ඇරඹීම ඔහු කියන පරිදි ඕනෑම 'බූරුවෙකුට' උනත් ඉතා පහසුවෙන් කළ හැක්කකි.. එසේ නොවිණි නම් බ්ලොග් කලාව මෙතරම් ජනප්‍රිය නොවනු ඇත.. Blogger, WordPress, Tumblr වැනි blogging services ඒවා හැසිරවීම හැකි තරම් සරල කර ඇත්තේ බ්ලොග් යනු සියල්ල දත් තාක්ෂණික පණ්ඩිතයන්ට පමණක් භාවිතා කිරීමෙන් වලක්වා, කලාකාමී සිතුවිලි රැගත් අතත්‍ය (Virtual) සමාජ අවකාශයක් ගොඩ නැගීමට විය යුතුය.. 

ලංකාවේ වසරකට මෘදුකාංග ඉංජිනේරුවන් දහස් ගණනක් බිහි වෙනවා ඇති. නමුත් සිංහල භාෂාව, තම මව් භාෂාව වෙනුවෙන් සුළු කාලයක් හෝ වැය කරපු පුද්ගලයන් ඉතා කිහිප දෙනයි ඉන්නෙ.. ඔවුන් නිවැරදි වෙන්නත් පුළුවන්, මොකද කවදාවත් ක්ලයන්ට් කෙනෙක් සිංහල මෘදුකාංගයක් හෝ වෙබ් අඩවියක් මිලදී නොගන්නා නිසා.. තව ටික කාලෙකින්ම සිංහල භාෂාවත් අතුගෑවිලම යාවි. ඒ නිසාමදෝ කොහෙද ලංකාවෙ සිංහල අපේ විකිපීඩියාව 2005 වසරේ සිට මේ වෙනකම්ම ලිපි 8,301 ක් තියාගෙන වේලෙන්නෙ...t