Monday, December 19, 2016

ල‍ොවම මවිත කරමින් පිරිත් පැන් වල බලය සොයා ගනී

පිරිත් දේශනාවකින් පසු සියලු සැදැහැවතුන් වෙත පිරින් පැන් බෙදා දීම අනිවාර්යයෙන් ම සිදුවන්නකි. ථෙරවාදී, මහායාන හෝ වජ්‍රයාන භේදයකින් තොරව සෑම බෞද්ධ රටකම සෑම බෞද්ධ ප්‍රජාවක් තුළ ම මේ චාරිත්‍රය පවතියි. පිරිත් පැන් තුළ රෝග සමනය කරන ශක්තියක් ඇතැයි ද එමගින් අපේ ගත මෙන් ම සිත ද සුවපත් වෙතැයි ද බෞද්ධයෝ විශ්වාස කරති.

එහෙයින් ආශීර්වාදාත්මක ගාථාවක් සජ්ක්‍ධායනය කරමින් දෑතට යොමු කෙරෙන පිරිත් පැනින් උගුරක් පානය කොට ඉතිරිය මුහුණේත් හිසෙහිත් තවරා ගන්නේ ඉමහත් බැති සිතිනි.අලුත් නිවසක පදිංචි වන විට පිරිත් පැන් ඉස ආසිරි සලසා ගන්නා අතර අලුත් දිවියක් පවුලට එක් වන සුබ නිමිති ආ දා පටන් පිරිත්පැන් නිතර නිතර ගැබිණි ලඳුනට ලැබේ.

බිළිඳා උපදින්නට ලං වත් ම අංගුලිමාල පිරිත කියවා පිරිත් පැන් ලබා දෙන්නේ එමගින් ඇය ට පහසුවක් මෙන් ම රැකවරණයක් ද සැලසෙතියි විශ්වාස කරමිනි. මේ පොදු විශ්වාසය හුදෙක් සාම්ප්‍රදායික වූත් විද්‍යාත්මක සත්‍යයකින් තොර වූත් අභිචාර විධියකට වැඩි යමක් නොවන බවත් සිතන්නෝ එමගින් ලැබෙන්නේ මානසික දිරිමත් කිරීමක් පමණක් බවත් සිතන්නෝ බොහෝ වෙති.

ජල බඳුනක් ඉදිරියේ තබා ගෙන පිරිත් සජ්ක්‍ධායනය කළ පමණින් ජලයට මෙවන් ආශීර්වාදාත්මක ශක්තියක් කැවෙන්නට හැකි ද?
ෆූජිවරා වේල්ලේ ජලය


පිරිත් දේශනයට පෙර    පිරිත් දේශනයට පසු

අජීව වස්තුවක් වන ජලයට පිරිත්දේශනාවේ ආශීර්වාද ශක්තිය ශරීරය පුරා ගෙන යන්නට ඇති හැකියාව

Tuesday, December 13, 2016

ඉතිහාසය වෙනස් වෙයි...රට කළඔන සොයා ගැනීමක්.....

ලංකාවේ ඉතිහාසය ආරම්භ වන්නේ උතුරු ඉන්දීය සංක්‍රමණයක ප්‍රතිඵලයක් ලෙසය යන සාම්ප්‍රදායික මතය අලුත්ම පර්යේෂණයක් නිසා බිඳවැටෙන තත්ත්වයක් උදා වී ඇති බව මහාචාර්ය රාජ් සෝමදේව පවසනවා.
මීට අදාළව සිදු කෙරුණු පර්යේෂණයන්හි විද්‍යාත්මක සොයා ගැනීම්වලින් ඉහත මතයට අභියෝග කළ හැකි අන්දමේ ඓතිහාසික සාක්ෂි අනාවරණය කරගෙන ඇති බවයි ඔහු පවසන්නේ.
ඒ අනුව මීට අවුරුදු 6,000කට පමණ ඉහත කාලවකවානුවකදී කඳුකර ප්‍රදේශවලට වඩාත් බලපා තිබෙන දේශගුණික වෙනස්කම් කිහිපයකට ප්‍රතිචාර දැක්වීම සඳහා මෙතෙක් මෙරට ජීවත් වූ ගල් යුගයේ මිනිසුන් සිය තාක්ෂණික සංස්කෘතික පරිවර්තනයක් දෙසට යොමු වූ ආකාරයද ගවේෂණය කිරීමට මේ පර්යේෂණවලින් හැකිවූ බවත් ඒ මහතා ප්‍රකාශ කරයි.
බළන්ගොඩ, රාස්සගල, ඉලුක්කුඹුර, ලුණුගල්ගේ, පරගහමඩිත්ත ගල්ගේ, අලුගල්ගේ, මැද්දකන්ද යන ස්ථානවල සිදුකළ කැණීම්වලින් මේ ගැන තහවුරු විය හැකි සාක්ෂි ලැබී තිබේ.
මේ පිළිබඳ විශාල අදහසක් ඇමෙරිකාවට කාල නිර්ණය කර ගැනීම සඳහා යවා ඇති සොයාගත් පුරාවිද්‍යාත්මක සාක්ෂිවලින් ඉදිරියේදී තවදුරටත් සහතික කරගත හැකිවනු ඇතැයි ඒ මහතා පැවැසීය.
මේ අනුව උතුරු ඉන්දියාවෙන් පැමිණි අයගෙන් මෙහි ජනාවාස ඇතිවීම නිසා මෙරට ඉතිහාසය පටන් ගන්නේ ඉන්දියානු සංක්‍රමණිකයන් නිසා බවට ඇති මතය නිවැරැදි නොවන බවත් පැවැසීය.

Friday, December 9, 2016

මොහොතක් සිතන්න......

Image may contain: 1 personඅලුත් අවුරුද්දට පාටි දාන්න,රේ‍ඩ් ලේබල් බෝතල් ගහන්න වියදම් කරන දහස් ගණන් සල්ලි වලින් පොඩි ගාණක් වියදම් කරල ස්කෝලෙ යන්න බඩු ගන්න සල්ලි නැති දුප්පත් පොඩි එකෙකුට අලුත් අවුරුද්දෙ ස්කෝලෙ යන්න සපත්තු දෙකක්,බෑග් එකක් පොත් ටිකක් අරන් දුන්න නම් ඒ පොඩි එකෙක්ගෙ මූණක තියෙන හිනාවක් දැකල උඹල ඔය බීල වෙරි‍ වෙලා ගන්න ආතල් එකට වඩා සංතෝසයක් ඒකෙන් ගන්න පුඵවන් බන්.....