Monday, May 18, 2015

ජාතියේ විනාශයට බිහි වු අලුත් පරපුර

"අලුත් පරපුර" නමින් හදුන්වාගන්නා
ටෙලි පඩංගුවක දෙකක මූණත් තහඩුව ඔබාගෙන
මහලොකු නළු බට්බටන්, නළු බට්ටියන් කියා ගන්නා
සමලිංගික, දුරාචාරී ගංජා හැතිකරය තරම් නින්දිත
නීච තුප්පහි හැතිකරයක් තවත් නැත.

උතුරේ අපේ සහෝදර පිරිසක් මැරූ මිනීමරුවන්
රණවිරුවන් නොවේ යැයි උන් කියයි.

උතුරේත් දකුනෙත් අහිංසක සිංහල,දෙමළ, මුස්ලිම් සහෝදරයන්
අමු අමුවේ කීතු කීතු කර මැරූ, සිංහල මව්වරුන්ගේ කුසේ උන් දරුවන් එළියට ඇද
පොලොවේ ගස මැරූ ප්‍රභාකරන් නම් වූ ලේ පිපාසිත යක්ෂයා ගැන උන් වචනයක් නොකියති. ඒ මෘගයා වනසා ජාති ආගම් බේධයකින් ‍තොරව සියලු රට වැසියන්ට අභය දානය දුන් වීරෝධාර විරුවන්ට උන් මිනීමරුවන් කියති.

බෝම්බයකට අසු වී මහ මග බල්ලන් බලලුන් මෙන් මිය නොයා
අද කොළඹට වී ගංජා අදින්නට උන්ට පුලුවන් වී තියෙන්නේ
මේ කියන මිනීමරුවන් නිසා බව උන්ට මතක නැත.

එන් ජී ඕ පාහරයින් සමග යහන්ගතවී
ඩොලර් පොදි ගහන්නට උන්ට හැකිවී තියෙන්නේ
ඔය කියන මිනීමරුවන් මේ රටේ මරණ බිය තුරන් කළ නිසා බව උන්ට මතක නැත.

කොටින්ම ටෙලි පඩංගුවක දෙකක මූන පෙන්නා
වීරයින් යැයි ලේබල් ගහ ගන්නට මුන්ට හැකිවී තිබෙන්නේත්
ඔය කියන මිනීමරුවන් අපට ‍සංගීතයක් රස විදින්නට රටක් ඉතිරි කර දුන් නිසා බව මුන්ට මතක නැත.

තොපි අලුත් වෙස් මූණු දමාගෙන ආවට අප නෑ ‍රැවටෙන්නේ.
කොටියා දුර්වල වනවිට ඌට ශක්තිමත් වන්නට ඉඩ දෙනු වස් සටන් විරාමවලට රට තල්ලු කළ,
'සාමය' 'සාමය' 'සාමය' කියා
අපේ පාර්ශවයේ ශක්තිය දුර්වල කර කොටියාට සපා කන්නට ඉඩ සැලසූ,
අපේ රටේ සැබෑ සාමය නො ඉවසන විදේශීය කැනහිළුන්ගේ ඩොලර් වසුරු,
කොටියාගේ වසුරු සමග අහරට ගත්
පාදඩයින් සහ ඔවුන්ට අවජාතක පරපුර තොපි බව තොපේ ප්‍රකාශවලින් ඔප්පු කර හමාරය.
සහෝදරත්වය ගොඩ නැගීමේ මග වැටී ඇත්තේ තොපිට සහ
තොපේ සේවාදායකයින්ට නිදහසේ ගමන් බිමන් යාමට ත්‍රස්තවාදයෙන් තොර රටක් නිර්මාණය කරදුන්
රණ ශූරයින්ට අපහාස කිරීමෙන් ද?

Thursday, May 7, 2015

මර ගැටුමකින් කොටි පරදා දිනා ගත් සාම්පූර් යහපාලනයෙන් නොමිලේම කොටින්ට...!

එය ඉකුත් යුද සමය විය. එල්ටීටීඊ ත්‍රස්‌තවාදයට එරෙහි නැගෙනහිරින් ආරම්භ වූ සටන ඒ වන විට පැවතියේ දිනෙන් දින ඉතා දරුණු තත්ත්වයට පත් වෙමිනි. මේ අතරේ මේ බිම යක්‍ෂයාගෙන් මුදා ගත් අපේ රණවිරුවෝ හරියටම පසුගිය 2006 වසරේ අගොස්‌තු මස 28 වැනිදා අලුයම 4.00 පසුවී මිනිත්තු කිහිපයක්‌ ගෙවී යමින් තිබියදී සතුරාට එරෙහි තවත් එක්‌ සුවිශේෂී මෙහෙයුමක්‌ ආරම්භ කරනු ලැබූහ.

ත්‍රිකුණාමලය මුතූර්, කට්‌ටපරිච්චාන් සීමාව එකී මෙහෙයුමේ ආරම්භක ස්‌ථානය විය . ඒ වන විට එල්ටීටීඊ ත්‍රස්‌තවාදීන්ගේ ත්‍රිකුණාමලය සන්නද්ධ හා දේශපාලන මූලස්‌ථානය වශයෙන් පැවති සාම්පූර් කොටි කඳවුරට පහරදීම එකී මෙහෙයුමේදී රණවිරුවන්ගේ ඉලක්‌කය වී තිබිණ.

එදා එල්ටීටීඊයට එරෙහි නැගෙනහිර සටනේදී ත්‍රස්‌තවාදීන්ගෙන් සාම්පූර් මුදා ගැනීම සඳහා ත්‍රිවිධ හමුදා රණවිරුවන්ට මෙසේ විශේෂ වූ මෙහෙයුමක්‌ කරන්නට සිදු වූයේ කුමක්‌ නිසාද?

වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා දෙවැනිවරට රටේ අගමැති වූයේ ඉකුත් 2002 වසරේ එක්‌සත් ජාතික පෙරමුණු රජය බලයට පත්වීමත් සමගය. රනිල් වික්‍රමසිංහ මහතා වර්තමානයේ යළිත් රටේ අගමැතිවරයා වී සිටින්නේ තෙවැනි වරට බවද මෙහිදී සටහන් කළ යුත්තකි. හෙතෙම පළමුවර රටේ අගමැති වූයේ හිටපු ජනාධිපති ප්‍රේමදාස මහතා එල්ටීටීය විසින් ඝාතනය කිරීමත් සමඟ එවකට