Saturday, November 26, 2016

ලෝකයේ කෙලවර හමු වෙයි.......

ලෝකය… ලෝකය… මොකක්ද මේ?
මිනිස්සුන්ගේ කුතුහලය දිනා ගත්ත යම් තාක් දේවල් තිබෙනවා නම් එ් සියල්ල අතරින් ‘ලෝකය’ බොහොම ජනප‍්‍රිය මාතෘකාවක්. ලෝකයේ සම්භවය ගැන, ලෝකයේ ස්වභාවය ගැන, ලෝකයේ පැවැත්ම ගැන, ලෝකයේ විනාශය ගැන තරම් මතවාද, සංකල්ප, කථන්දර, ජනප‍්‍රවාද අන් කිසිවක් ගැන බිහි වී නැහැ. අහස, පොළව, මුහුද, සක්වළ සෑම කල්හි ම ලෝකවාසීන්ගේ අවධානයට බඳුන් වුණා. කලින් කලට මේ එක් එක් දෙය කෙරෙහි එකිනෙකා දැරූ මතයන් වෙනස් වූවත්, සෑම කල්හි ම මේ දේවල් පිළිබඳ කවර හෝ මතයක තමයි හැමෝම සිටියේ සහ ඉන්නේ…
අති මහත් ලෝකවාසීන්ට අදටත් ලෝකය අබිරහසක්. ඔවුන්ගේ කාලය, ශ‍්‍රමය, දැනුම, කුසලතා අඛණ්ඩ ව වැය කරමින් එ් අය ලෝකය තේරුම් ගන්නට උත්සාහ ගන්නවා. එහෙත්… සැබැවින් ම ඔවුන්ට ලෝකය තේරුම් ගන්නට ඉඩකඩක් එ් උත්සාහයන් තුළ විවෘත වනවා ද? අද ‘මහාමේඝ පුවත්’ වෙන් කෙරෙන්නේ ලෝකය සොයා යන ලෝ තතු මැනැවින් වටහා ගැනීම උදෙසා වන මාර්ගය සිහි කර ගන්නටයි…
ජුපිටර් වෙත ගිය ජූනෝ
පසුගිය ජූලි මාසයේ මුල් සතියේ ලෝ ප‍්‍රකට ගූගල් සමාගම තම අන්තර්ජාල වෙබ් පිටුව ‘‘ජූනෝ ජුපිටර් වෙත ළඟා වූවා” ලෙසින් දක්වා තිබුණා. ඇමෙරිකාවේ නාසා ආයතනයේ අභ්‍යවකාශ ගවේෂණ යානයක් බ‍්‍රහස්පති ග‍්‍රහලෝකයේ කක්ෂයට ඇතුල් වීමේ ජයග‍්‍රහණය යි ඔවුන් එසේ සමරනු ලැබුවේ…
ග‍්‍රහලෝක අටකින් සමන්විත සෞරග‍්‍රහ මණ්ඩලයක තුන්වන ග‍්‍රහලෝකය ලෙස පෘථිවිය පිහිටා තිබෙන බවත්, එ් සියලූ ග‍්‍රහලෝක අතරින් ජීවත් වීමට හිතකර – ජීවය පවතින එක ම ග‍්‍රහලෝකය පෘථිවිය බවත් අප කුඩා කාලයේ දී ඉගෙන ගත්තා. එ් සෞරග‍්‍රහ මණ්ඩලයේ පස්වන ග‍්‍රහලෝකය වන්නේ ග‍්‍රහලොව දැවැන්තයා වන බ‍්‍රහස්පති. අභ්‍යවකාශ ගවේෂකයන්ගේ ඉමහත්