Thursday, December 25, 2014

ඡන්දයට පෙර අනිවාර්යයෙන් කියවන්න

ජනාධිපතිවරණ කඩඉම හා රටේ අනාගතය
විචාර බුද්ධියේ ජාතික තීන්දුවට පෙර වදනක්


ප‍්‍රවේශය එළඹෙන 2015 වසරේදී පැවැත්වීමට නියමිත මෙරට හත්වැනි ජනාධිපතිවරණයත් සමග අද වනවිට රට අතිශයින් සංකීර්ණ හා උද්වේගකර දේශපාලන අවස්ථාවකට මුහුණ දී තිබේ. පසුගිය කාලය පුරාම දේශපාලන කරළිය උනුසුම් වූයේ මේ ජනාධිපතිවරණය හමුවේ විවිධ පාර්ශවයන් විසින් ගනු ලබන තීන්දු තීරණ පිළිබද පුවත් හා වහ වහා වෙනස් වන සුළු සිද්ධි මාලාවන් ඔස්සේය. ඇත්තෙන්ම මෙවර ජනාධිපතිවරණය මීට පෙර පැවති ජනාධිපතිවරණවලට වඩා සංකීර්ණ එකක් වීමට බලපෑ හේතු ප‍්‍රමාණයක් තිබේ. මෙවර ජනාධිපතිවරණයට අදාල පිල් බෙදීම හරයෙන් වෙනසක් වී නැතත් එහි මතුපිට ඇතිවී තිබෙන වෙනස්කම්ද මේ සංකීර්ණත්වයට එක් හේතුවකි. එසේම වත්මන් ආණ්ඩුවේ වැරදි අඩුපාඩු හේතුවෙන් ඒ පිළිබඳ රටේ ජනතාව තුළ කිසියම් අතෘප්තිකර හැගීමක් ඇතිවී තිබීම මෙන්ම, විරුද්ධ පක්ෂ ව්‍යාපාරය පිළිබඳ විශාල මහජන විශ්වාසයක් නොතිබීමද මේ සංකීර්ණත්වයට තවත් හේතුවකි. ඒ තත්ත්වය තුළ මේ දෙකෙන් කුමන පාර්ශවය තෝරාගත යුතුද යන ගැටළුව විචාරශීලීව කල්පනා කරන ඕනෑම ඡන්දදායකයකු තුළ ඇතිවිය හැකිය. එසේ වුවද ජනාධිපතිවරණයක් යනු කැමැත්තෙන් හෝ අකමැත්තෙන් එක පැත්තක් ගැනීමට සිදුවන තීරණාත්මක දේශපාලන අවස්ථාවකි. එහිදී පාර්ශවීය තීරණයක් මිස සංකීර්ණ තෝරාගැනීම් රැසක් ගැන සිතීමට කිසිවකුට ඉඩහසරක් නැත. එහෙත් මේ පාර්ශවීය තීරණය ගැනීමේදී රටේ පවතින දේශපාලන චිත‍්‍රය සමස්ථයක් ලෙස හා මැදහත්ව විමසා බැලීම විචාරශීලී ජන්දදායකයා සතු වගකීමක් බව නොකිව මනාය. මේ ලියවිල්ල සැලකිය හැක්කේ හුදු පුද්ගලයකු දිනවීමේ වුවමනාව මත සකස් වන්නකට වඩා, මෙවර ජනාධිපතිවරණය රටේ ඉදිරි අනාගතය කෙරේ බලපෑ හැකි ආකාරයත්, ඒ අභියෝගාත්මක පරීක්ෂණය හමුවේ ජාතියක් ලෙස

Saturday, December 6, 2014

ලොකු බඩ අඩු කරගන්න හැටි...

අද අපි කතා කරන්න යන්නේ අපේ බ්ලොග් එකට අදාල දෙයක් නම් නෙවෙයි.අපි බොහෝදෙනෙකුට බලපාල තියෙන එහෙම නැතිනම් අනාගතයේදී බලපාන්න පුළුවන් සමාජයේ විවිධ මිනිසුන් දිහා බලන විට හොඳින් පෙනෙන, ඇසට පුරුදු රෝග තත්ත්වයක් ගැනයි. ලොකු “බඩක්” ඒ කියන්නේ මහත උදර ප්‍රදේශයක් තියෙන සමහරවිට පරීක්ෂා කර තියෙනවා නම් ලේවල සීනි “ටිකක් විතර” කොලෙස්ටරෝල් “ටිකක් විතර”, අධික රුධිර පීඩනය ටිකක් විතර තියෙන පුද්ගලයන් අපිට බොහෝවිට මුණ ගැසෙනවා. නමුත් මේක රෝග තත්ත්වයක් විදියට සලකන්නේ ටික දෙනෙක් විතරයි.

අවාසනාවට මේ තත්ත්වය තමන්ගේ රැකියාවේ, පෞරුෂයේ එහෙම නැතිනම් පරම්පරාව හෙවත් ආරයේ හැටි ලෙස සලකා සම්පූර්ණයෙන්ම නොසලකා හැරෙනවා. මේක ඇත්තටම රෝග තත්ත්වයක්. මෙය Metabolic Syndrome ලෙස නම් කෙරෙනවා.

Metabolic Syndrome කියන නමේ තේරුම නම් “ජීව රසායනික ක්‍රියාවන්ගේ ගැටලු නිසා ඇතිවන රෝග තත්ත්වය” යන්නයි. මේ වචන ඔබට ටිකක් අපහසුතාවක් ඇති කළත්, එම රෝගයේ අන්තර්ගතය තේරුම් ගන්න නම් එතරම් අපහසු නැහැ.

ඇත්තටම සමාජයේ මේ රෝග තත්ත්වය කෙතරම් බහුල ද කියනවා නම්, එය “රෝග තත්ත්වයක්” ලෙස අපට පෙනෙන්නේ නැහැ. ඒ කියන්නේ සාමාන්‍ය තත්ත්වයක් ලෙසට එය භාර ගැනීමට තරම් අපි හැඩගැහිලා කිව්වොත් නිවැරදියි.

ඒ නිසාම මෙම රෝගයට ප්‍රතිකාර කිරීම හෝ පිළියම් යෙදීම දිනෙන් දිනම අතපසු කරනවා විතරක් නොවෙයි, රෝගයේ සංකූලතා ලෙස අංශභාගය, හෘදයාබාධ හෝ දියවැඩියාව සෑදුණු විට ප්‍රතිකාර ඉතා සංකීර්ණ හා කාලය, ධනය වැයවන ඒවා වනවා. ඒ විතරක් නොවෙයි “මරණය” හෝ ජීවිතයේ ගුණාත්මක බව නැති කිරීම ද සිදුවෙනවා.

මෙම රෝග තත්ත්වය හඳුනා ගන්නා ආකාරය ගැන විමසා බලමු. පළමුවෙන් කියන්න ඕන මේ රෝග තත්ත්වය තීරණය කරන ආකාරය ගැන විවිධ වෛද්‍යවරුන් හා ලෝක සෞඛ්‍ය සංවිධානය වැනි සෞඛ්‍ය ආයතන විවිධ අර්ථකථන ලබා දෙනවා. නමුත් පාඨක ඔබගේ පහසුව