අගෝස්තු
06 වැනිදා 18-25 පැයට අප රැගත් ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ.එල්. 225
යානය ඩුබායි අන්තර්ජාතික ගුවන්තොට කරා ගමන් ඇරැඹුවේය.ශ්‍රී ලංකාවේ මාධ්‍ය
කණ්ඩායමකට ඩුබායි රටට පැමිණෙන ලෙස ආරාධනාව ලැබුණේ ඔරුවල වානේ සංස්ථාව
මඟිනි. ඒ ඇරයුම තුළ මහා අසිරිසිරියක්, ගැඹුරක්, චමත්කාරයක් තිබුණේය.
විදේශයක පිහිටි තරු පහේ සුපිරි හෝටලයක් හිමිකරගත් ප්‍රථම ශ්‍රී ලාංකික සිංහල බෞද්ධයාගේ ඇරයුමෙන් අපි ඩුබායි දේශයට රාත්‍රි 10.15ට පමණ පා තැබුවෙමු. ආගමන විගමන කටයුතුවලින් බැහැරව ඉතා කෙටි කාලයක ගමනකින් පසු අප සිටියේ ඩුබායි නගරයේ මැරියට් අල් ජඩාෆ් සුවිසල් තරු පහේ හෝටලය අබියස. නිරතුරු ළගන්නා සිනාවකින් මුව සරසාගෙන සිටිනා ආගන්තුක සත්කාර ප්‍රධානී බ්‍රයන් ඩිසූසා අපව පිළිගත්තේ ගෞරව පෙරදැරිවය.
ඔහුගේ ආගන්තුක සත්කාරයෙන් අපගේ විඩා සරතැස දාහය නිවී ගියේය. එසේ 'විඩා දාහය' යනුවෙන් වචන භාවිතයට හේතුවක් තිබිණි. අපි ඩුබායි රටට පා තබනා එදවස එරට උෂ්ණත්වය සෙන්ටිගේර්ඩ් අංශකය 42කි. ආර්ද්‍රතාව සෙන්ටිගේර්ඩ් 92කි. විඩා දාහයේ තරම කෙසේ විණිදැයි ඔබට සිතාගත හැකිවනු ඇත.
මැරියට් (Marriott) තරු පන්ති හෝටල සමූහ ව්‍යාපාරයට රටවල් 60ක හෝටල 500ක් අයත්ය. ඒ ඒ රටවල (Marriott) වෙළෙඳ නාමය ඔස්සේ පවත්වාගෙන යයි. ඒ අතරින් ඩුබායි හි මැරියට් අල් ජඩාෆ් තරු පහේ හෝටලය ශ්‍රී ලාංකිකයන්ට සුවිශේෂය.
ශ්‍රී ලාංකික ධජය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගුවනේ ලෙළදෙන ස්ථාන දෙකකි. එක් ස්ථානයක් වනුයේ එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයයි. අනෙක් ස්ථානය ඩුබායි මැරියට් අල්ජඩාෆ් තරු පහේ හෝටලයයි.
මැරියට් හෝටලය පිහිටා ඇත්තේ ෂෙයික් මොහොමඩ් බින් රෂිඩ් අල් මක්කුම් නම් වූ රජතුමාගේ මාලිගය සමීපයේය. ඩුබායි මෝල් (Bubai Mall) ඩුබායි ගෝල්ඩ් සුක් (Dubai Gold Souaq) බර්ජ් කලීෆා ලෝකයේ උසම ගොඩනැඟිල්ල