Thursday, February 13, 2014

මේ හෙළ සූර්යය වාංශිකයින්ගේ පිබිදීමේ යුගයයි


රාවණා පිළිබදව මීට වසරකට පමණ පෙර සමාජය තුල හටගත් කතිකාවත දැන් පෙනෙන්නට නැත.අප හෙළ ඉතිහාසයේ ලොව අතිබලවත්ම ‍‍‍ශේෂ්ඨ අධිරාජයෙක් සිටි බවත් ඔහු හෙළයෙකු බවත් නිසා හටගත් ඒ පිබිදීම නැති වී ගොස් ඇත.සමාජය නැවතත් මේ පිලිබද කතා කරනා යුගයක් නැවත උදා කලයුතු බවට අප සාමාජිකයෝ සියලු දෙනාම තරයේ විශ්වාස කරයි.අප රාවණා පිළිබද කතා කරන විට ඇතැමුන් සිනා සුනි, මඩ ප්‍රහාර දියත් කලේය , තවත් සමහරු බ්ලොග් අඩවියට සයිබර් ප්‍රහාර එල්ල කරන බවට තර්ජනය පවා කලේය.ඇතැම් ලේඛකයින් පසුගිය දිනවල පුවත් පත් වල වාර්තා කල ඇතැම් ලිපි දුටු විට ඒවා ලිවූයේ කාගේ වුවමනාවට දැයි සැකයක් පවා ඇති වේ.ඇතැම් වාර්තා වලින් කියවුනේ රාවණා යනු ස්ත්‍රී සැපයට ලොල් වු කාමචාරියෙකු බවටයි.‍මෙවන් කතා කියමින් පසු පසට අදින්නේ තමන්ගේම ජාතිය බව ඔවුනට නොවැටහිම ජාතියේම අවාසනාවකි.
වර්තමානයේ පවා ඉන්දියාවේ රාවණා රජු පිළිබද උත්සව පවත්වයි.තායිලන්තය කාම්බෝජය වැනි රට වල පවා රාවණා රජු පිළිබද බෝහෝ පුරාවෘත්ත දක්නට ලැබේ.නමුත් ශ්‍රී ලාංකික අප තවමත් ඒ යථාර්තය පිලිගැනීමට සූදානම් නැත.මේ අයුරිනි ජනප්‍රවාදයේ එන කරුණු මිත්‍යාවක්
යැයි පවසා ඒවා කිසිවිටකත් බැහැර කළ නොහැක.
සියල්ල මේ ආකාරයෙන් සිදු වීමය ඉඩ හැර තවදුරටත් නිහඩව සිටීමට අප හට නොහැක.මේ වන විට අප සංවිධානය වටා සමාජය පිළිගත් උගත් විශාල පිරිසක් ගොඩ නැගී ඇත.මේ පැමිණ ඇත්තේ සියල්ල වෙනස් කිරිමට කාලයයි.මේ වසර රාවණා වාංශිකයින්ගේ පිබිදීමේ වසර බවට අප අනිවාර්යයෙන්ම පත් කල යුතුය.එයට ඔබ සැමගේ දායකත්වය අතිශයින්ම වැදගත්ය.
 
මා දින කිහිපයකට පෙර පුවත් පතක පළ වු ලිපියක අපූරු කතාවක් ලියවි තිබුනි.ඉන් කියවුනේ වයස අවුරුදු 10 පටන්ම රාවණා රජු පිළිබද උනන්දුව දැක්වූ කොලු ගැටයෙකු ගැනයි.ඔහු කුඩා කල සිටම රාවණා රජු පිළිබදව දක්වා ඇත්තේ ඉමහත් උනන්දුවකි.ඔහු හැකි සෑම අයුරකින්ම සිදුකර ඇත්තේ රාවණා ඉතිහාසය සහ රාවණා රජුගේ ගුවන් තාක්ෂණය පිළිබද සියළු විස්තර සොයා යෑමයි.ඔහු ඒ තරමටම රාවණා රජුගේ ගුවන් තාක්ෂණයට ඇලුම් කලේය.දැනට වසර 18 කට පෙර ඔහු දැක් වූ ඒ ආසාව උනන්දුව අද වන විට ඔහුව ‍ලොව විශිෂ්ඨතම ගුවන් යානා ඉනිජිනේරුවෙකු බවට පත් කර අවසන්ය.නමුත් අවාසනාව වන්නේ ඔහු ශ්‍රී ‍ලාංකිකයෙකු නොවී ඉන්දියානුවෙකු විම ය.මේ පිලිබද අප තවත් සිතා බැලිය යුතුය.ඇතැම් විට රාවණා මිත්‍යාවක් විය හැක.නමුත් අප අතීත හෙළ තාක්ෂණය පිළිබද කියවා ඉන් උත්තේජනයක් ලබා ගන්නා අයෙකු අනාගතයේදි ලොව මවිත කරන ඉන්ජිනේරුවෙකු , තාක්ෂණවේදියෙකු වීම කිසිවෙකුටත් වලකාලිය නොහැක.නමුත් රාවණා යනු මිත්‍යාවක් නොව යම් පිරිසකගේ බලපෑමක් මත වසන් කළ ලෝක ශිෂ්ඨාචාරයේ ‍‍ශේෂ්ඨතම අවධිය යි

No comments:

Post a Comment