Monday, May 18, 2015

ජාතියේ විනාශයට බිහි වු අලුත් පරපුර

"අලුත් පරපුර" නමින් හදුන්වාගන්නා
ටෙලි පඩංගුවක දෙකක මූණත් තහඩුව ඔබාගෙන
මහලොකු නළු බට්බටන්, නළු බට්ටියන් කියා ගන්නා
සමලිංගික, දුරාචාරී ගංජා හැතිකරය තරම් නින්දිත
නීච තුප්පහි හැතිකරයක් තවත් නැත.

උතුරේ අපේ සහෝදර පිරිසක් මැරූ මිනීමරුවන්
රණවිරුවන් නොවේ යැයි උන් කියයි.

උතුරේත් දකුනෙත් අහිංසක සිංහල,දෙමළ, මුස්ලිම් සහෝදරයන්
අමු අමුවේ කීතු කීතු කර මැරූ, සිංහල මව්වරුන්ගේ කුසේ උන් දරුවන් එළියට ඇද
පොලොවේ ගස මැරූ ප්‍රභාකරන් නම් වූ ලේ පිපාසිත යක්ෂයා ගැන උන් වචනයක් නොකියති. ඒ මෘගයා වනසා ජාති ආගම් බේධයකින් ‍තොරව සියලු රට වැසියන්ට අභය දානය දුන් වීරෝධාර විරුවන්ට උන් මිනීමරුවන් කියති.

බෝම්බයකට අසු වී මහ මග බල්ලන් බලලුන් මෙන් මිය නොයා
අද කොළඹට වී ගංජා අදින්නට උන්ට පුලුවන් වී තියෙන්නේ
මේ කියන මිනීමරුවන් නිසා බව උන්ට මතක නැත.

එන් ජී ඕ පාහරයින් සමග යහන්ගතවී
ඩොලර් පොදි ගහන්නට උන්ට හැකිවී තියෙන්නේ
ඔය කියන මිනීමරුවන් මේ රටේ මරණ බිය තුරන් කළ නිසා බව උන්ට මතක නැත.

කොටින්ම ටෙලි පඩංගුවක දෙකක මූන පෙන්නා
වීරයින් යැයි ලේබල් ගහ ගන්නට මුන්ට හැකිවී තිබෙන්නේත්
ඔය කියන මිනීමරුවන් අපට ‍සංගීතයක් රස විදින්නට රටක් ඉතිරි කර දුන් නිසා බව මුන්ට මතක නැත.

තොපි අලුත් වෙස් මූණු දමාගෙන ආවට අප නෑ ‍රැවටෙන්නේ.
කොටියා දුර්වල වනවිට ඌට ශක්තිමත් වන්නට ඉඩ දෙනු වස් සටන් විරාමවලට රට තල්ලු කළ,
'සාමය' 'සාමය' 'සාමය' කියා
අපේ පාර්ශවයේ ශක්තිය දුර්වල කර කොටියාට සපා කන්නට ඉඩ සැලසූ,
අපේ රටේ සැබෑ සාමය නො ඉවසන විදේශීය කැනහිළුන්ගේ ඩොලර් වසුරු,
කොටියාගේ වසුරු සමග අහරට ගත්
පාදඩයින් සහ ඔවුන්ට අවජාතක පරපුර තොපි බව තොපේ ප්‍රකාශවලින් ඔප්පු කර හමාරය.
සහෝදරත්වය ගොඩ නැගීමේ මග වැටී ඇත්තේ තොපිට සහ
තොපේ සේවාදායකයින්ට නිදහසේ ගමන් බිමන් යාමට ත්‍රස්තවාදයෙන් තොර රටක් නිර්මාණය කරදුන්
රණ ශූරයින්ට අපහාස කිරීමෙන් ද?

No comments:

Post a Comment