රාවනා ඉතිහාසය ගැන සිංහලයන් වන අපට වඩා උනන්දුවක් කැපවීමක් ඉන්දියානුවන් තුල වීම පුදුම සහගතයි. පුරාවෘතය කුමක් වුවත් රාවනා නම් චරිතය යථාර්තයක් කරන්නට කළහැකි සෑම උත්සාහයක්ම ඉන්දියානුවන් දරනවා. ඔවුන්ගේ අවාසනාවට සාධක සියල්ල ලංකාව තුල වීම නිසා රාවනාගේ රාජධානිය බවට ඔවුන් පවා පිළිගන්නේ ලංකාපුරයයි. කරුණු එකින් එක ගෙනහැර දක්වමින් ඔවුන් එය ඔප්පු කරවනවා. ඉන්දීය ඉතිහාසය රාවනා හරහා ගොඩනගන්නට ඉන්දියානුවන් විසින් මෙතරම් වෙහෙසක් දරන්නේ ඊට වඩා බලගතු මෙන්ම ප්‍රභල සාධකයක් ඔවුන් අහලකවත් නොමැති නිසයි. නමුත් ඒ හරහා නිරායාසයෙන්ම ලංකා රාජ්‍යයේ රාවනා අභිමානය මතුවෙනවා.
මේ අතර ඉතාමත්
දියුණු ජාතියක්, රටක් වන ජපානය පවා රාවනා ඔවුන්ගේ දරුවන්ගේ මනසට
ක්‍රමාණුකූලව ඇතුලු කරවනවා. ඒ වෙනුවෙන් නිර්මාණය වූ පරිගණක ක්‍රීඩා ඊට
උදාහරන දෙනවා. රාවනාගේ බල පරාක්‍රමය එතුමාගේ විවිධ හැකියාවන් එහිදී ඔවුන්ට
හදුනාගත හැකියි. රාවනා උද්‍යානයේ උමංමාර්ග, කදු හෙල් මිටියාවත් දිගේ යමින්
සතුරන් පරාජය කරන