Wednesday, September 30, 2015

මහා රාවණා රජුගේ අවදිවීම

රාවනා චරිතය පිළිබදව විවිධ කථිකාවන් සිදුවන වර්තමානයේ අපි ඔබේ අවධානය ලෝකය වෙතට යොමු කරවන්න හිතුවා. එහි දී දැනගන්නට ලැබුණ කරුණු අනුව රාවනා චරිතය පිළිබදව ලෝකයේ ඇති උනන්දුව සහ ඔවුන් ඒ හරහා ගොඩනගන යම් යම් කාරනයන් පුදුම සහගතයි. ඒ අතරින්, ප්‍ර‍ධාන කොට ඉන්දියාවත්, ජපානය සහ ඇමරිකාව සිටිනවා.
රාවනා ඉතිහාසය ගැන සිංහලයන් වන අපට වඩා උනන්දුවක් කැපවීමක් ඉන්දියානුවන් තුල වීම පුදුම සහගතයි. පුරාවෘතය කුමක් වුවත් රාවනා නම් චරිතය යථාර්තයක් කරන්නට කළහැකි සෑම උත්සාහයක්ම ඉන්දියානුවන් දරනවා. ඔවුන්ගේ අවාසනාවට සාධක සියල්ල ලංකාව තුල වීම නිසා රාවනාගේ රාජධානිය බවට ඔවුන් පවා පිළිගන්නේ ලංකාපුරයයි. කරුණු එකින් එක ගෙනහැර දක්වමින් ඔවුන් එය ඔප්පු කරවනවා. ඉන්දීය ඉතිහාසය රාවනා හරහා ගොඩනගන්නට ඉන්දියානුවන් විසින් මෙතරම් වෙහෙසක් දරන්නේ ඊට වඩා බලගතු මෙන්ම ප්‍ර‍භල සාධකයක් ඔවුන් අහලකවත් නොමැති නිසයි. නමුත් ඒ හරහා නිරායාසයෙන්ම ලංකා රාජ්‍යයේ රාවනා අභිමානය මතුවෙනවා.
මේ අතර ඉතාමත් දියුණු ජාතියක්, රටක් වන ජපානය පවා රාවනා ඔවුන්ගේ දරුවන්ගේ මනසට ක්‍ර‍මාණුකූලව ඇතුලු කරවනවා. ඒ වෙනුවෙන් නිර්මාණය වූ පරිගණක ක්‍රීඩා ඊට උදාහරන දෙනවා. රාවනාගේ බල පරාක්‍ර‍මය එතුමාගේ විවිධ හැකියාවන් එහිදී ඔවුන්ට හදුනාගත හැකියි. රාවනා උද්‍යානයේ උමංමාර්ග, කදු හෙල් මිටියාවත් දිගේ යමින් සතුරන් පරාජය කරන
රාවනා නම් වූ යක්ෂ සේනාධිපතියාගේ වික්‍ර‍මයන් ඒ හරහා දැකගත හැකියි.
මේ අතර ඇමරිකානුවන්ටත් රාවනා ඉල්ලමක් වන ලකුණු පහළ වී ඇත. මේ වන විටත් රාවනා පුරාවෘතය සම්බන්ධ කථාමාලාවන් සහ තිරපිටපත් සැකසෙමින් පවතිනවා. ඒ හරහා රාවනා පරපුරේ බල පරාක්‍ර‍යන් විවිධ කෘතීන් හරහා ලෝක සිනමාවේත්, වෘතාන්ත චිත්‍ර‍පට වලත් නුදුරේදීම අපටත් දැකගත හැකිවෙයි.
ශ්‍රී ලාංකිකයන්ට නොදැනුනත් රාවනා මේ වන විටත් ලෝකයම වෙනස් කරමින් සිටී. එයයි සිංහලයාගේ චිත්තවේගී අභිමානය. සත්‍ය සගවාලිය නොහැක. අපේම උන් එය යටගැහුවත්, එය තාවකාලික විරාමයක් පමණි. ලොව කොතැනකින් හෝ රාවනා නැවත කරලියට පැමිනෙනු ඇත.
මෙහිදී ඔබට කරන්න කිසිම දෙයක් නොමැතිනම්, බලා සිටින්න.... රාවනා නැවත මතුවනු ඇත.
තෙරුවන් සරණයි...!!!
උපුටා ගැනීමකි...

No comments:

Post a Comment