Sunday, November 10, 2013

සක්වල ජිවීන් පෘතුවි වාසින් ඇසුරු කලේ ඇයි ?

වර්තමානයේ හදුනා නොගත් පියාසර වස්තු එනම් අපේ භාෂාවෙන් පියාබන පීරිසි පිළිබද සමාජය තුළ මහත් කතිකාවක් ඇත් වී ඇත.සැබවින්ම අප මේ මහා විශ්වයේ තනි සිටී ද?යම් කාලවලදී පියාබන පීරිසි දර්ශනය වූ අවස්ථා අප හට අසන්නට ලැබී ඇත.ඉන් ඇතැම් ඒවා කිසිසේත්ම බැහැර කළ නොහැක.අප වර්තමානයේ දී තාක්ෂණය අතින් ඉහළටම පැමිණ ඇති බවට උදම් ඇනුවත් අප තවමත් සිටින්නේ සෞරග්‍රහ මණ්ඩලය පිළිබද ‍ගවේෂණය කරමිනි.
                        වර්තමාණයේ අප සතු දියුණුම තාක්ෂණය භාවිත කරත් සෙනසුරු වැනි ඇතින් සිටින ග්‍රහලොවක් වෙත ළගා වීමට වසර 10 ක් වත් ගතවේ.එසේ නම් ආලෝක වර්ෂ බිලියන ගණනකටත් එහා සිටින ජීවින් හට අප වෙත ළගා වෙන්නට නම් අපට වඩා දස දහස් ගුණයක් ප්‍රභල තාක්ෂණයක් ඔවුන් සතුව තිබිය යුතු ය.
                    
                        
ලෝකයේ ඇතැම් ප්‍රදේශ වල තියෙන සමහර නිර්මාණ කෙලෙස නිම වුනි දැයි අදටත් විද්‍යාඥයන් හට වටහා ගත නොහැක.ඉන් සමහර ඒවායේ ගල් කුට්ටි කපා ඇත‍්තේ ලේසර් කිරණ වැනි අති ප්‍රභල කිරණ වර්ග උපයෝගී කරගෙන බවට හෙළි වී ඇත.ඊජිපිතුව වැනි ප්‍රදේශ වලින් හමු වී ඇති ඔවුන් දෙව්වරු යැයි හැදින්වූ කිසිසේත්ම මනුෂ්‍ය රූප වලට සමාන නොවන පිළිම , ඔවුන්ගේ රුප සටහන් වල ඇති දියුණු යානා හා අහස දෙස බලා සිටින පුද්ගලයන් මෙන් ඉදි කර ඇති පිළිම පිටසක්වලක් පිළිබද විශ්වාසයන් තවත් ඉහළ නංවයි.ඔවුන් අහසින් පැමිණි දෙව්වරු මේවාට උදව් කල බව යම් ස්ථාන වලදි සදහන් කර තිබේ.
මේ ආකාරයට උපකාර කළ අමුත්තන් ඒ දියුණු තාක්ෂණය අප මුතුන්මිත්තන්ට ලබා නොදුන්නේ ඇයි?සමහර විට ඒවා පිළිබදව අව‍බෝධයක් නොතිබුණ මිනිසුන් ඒවා වැරදි ආකාරයට භාවිතා කර විනාශ වේ යැයි බියෙන් විය හැකිය.

             
                          ඇත්ලාන්ටිස් ලෙස හැදින් වූ අති දියුණු ශිෂ්ඨාචාරයක් පිළිබද පුරාවෘත්ත වල ලිය වී ඇත.ඒ මහා ශිෂ්ඨාචාරය එක් දිනකින් අතුරුදහන් වූ බවට ඉතිහාසයේ පැවසේ.පුරාවෘත්ත වල පැවසෙන ආකාරයට එය පැහැදිලි කර ඇත්තේ මහා දුමාරයක් හා ගිණි ජාලාවක් මැදින් ඒ දියුණු නගරය අතුරුදහන් වූ බවයි.එයින් කියැවෙන්නේ විශාල දියුණු සක්වල යානාවක් පිළිබදව ද?ඒ දුමාරය හා ගිනි ජාලාව යානාවක් ගුවන් ගත වීමේ දී ඇති වන්නක් විය නොහැකිද?

                       අතීත වානරයා එනම් වර්තමානයේ අප වානරයාගේ සිට මේ දක්වා පරිණාමය විමට ගත වී ඇත්තේ වසර ලක්ෂයක් වැනි කාලයකි.ඩයිනසෝර යුගයේ දී මහා විනාසයේන් ඇතැන් ජිවින් විනාශ නොවී බේරුනු බවට විද්‍යාඥයන් මත පළකරයි.අප පැවත ගෙන එන වානරයාට සමාන බුද්ධිමත් ජිවියෙක් ඩයිනසෝර යුග‍යේ දී සිටි බවට පොසිල සාක්ෂි සමුව ඇත.එම ජිවීන් සුඵ පිරිසක් හෝ ඒ ව්‍යසනයෙන් ගැලවුණි යැයි සිතුවහොත් ඔවුන්ට පරිණාමය සදහා වසර කෝටි 10 ක පමණ කාලයක් ලැබේ.වානරයාගෙන් පැවත එන නූතන මිනිසා වසර ලක්ෂ 2කදි මෙතරම් දියූනු වුවා නම් වසර කෝටි 10ක් පරිනාමය වූ ජිවියෙක් කෙබදු විය හැකිද?එසේ වුවා නම් ඔවුන්ට කුමක් සිදු වුවා දැයි ඔබ නිසැකයෙන්ම ප්‍රශ්න නගනු ඇත.ඒ වසර කෝටි ගණනක් පරිණාමය වූ ජිවින් යළිත් පෙර වැනිම ව්‍යසනයක් ඇති වේ යැයි බියෙන් යානා සාදා ගෙන පෘතුවිය හැර ගියා විය නොහැකිද?එසේ අප ලොව හැර ගිය අපේ මුතුන් මිත්තන් කාලයෙන් කාලය‍ට තම අතීත මව් භූමිය බලා ගෙන යාමට එනවා විය නොහැකි ද?

සංජය



No comments:

Post a Comment