Sunday, November 24, 2013

හෙළවංශවය ඇරඹුනේ පිටසක්වලින් ද?සූර්ය වාංශිකයන්ගේ සැගවුණු අභිරහස 1

හෙළ ජාතිය පිටසක්වලින් පැමිණි ජාතියක් විය හැකි යැයි සිතූ ඇමරිකාවේ නාසා ආයතනය පිටසක්වල ජීවින්ට යැවූ සාම පණිවිඩයේ දෙවැන්නට සිංහල බස ඇතුළු කළේය. හෙළයා පිළිබඳ එලෙස සිතන්නට හේතු වූ කාරණාද නැතුවා නොවෙයි. එයට බලපෑ ප්‍රධානතම කාරණය වූයේ ලාංකිකයන් ලෙස අප පිළිනොගත් රාවණ තාක්‍ෂණය ඇමරිකානු 51 වැනි ජනපදය පර්යේෂණ තුළින් සනාථ කර ගැනීමයි. අපට රාවණ යුගය මිත්‍යාවක් වුවත් එය දිනෙන් දින නව තාක්‍ෂණය සොයා යන පංච මහා බලවතුන්ට නම් මිත්‍යාවක් වූයේ නැත. විශ්වය පුරා දියුණු ජීව වර්ග හය දහසකටත් අධික සංඛ්‍යාවක් ජීවත් වන බව මේ වනවිට සොයාගෙන හමාරය. රාවණ පරපුර නැතහොත් සූර්යයාගේ සිට පැමිණි පරපුර පෘථිවියට පැමිණියේ ඇල්නිලම් යන තාරකාවේ සිට බවට විශ්වාසයක් පවතී. 

                                         ඇල්නිලම් තාරකාව යනු ක්‍ෂිතිජය පුරා විසිර ඇති තරු රටා අතර පිහිටි දඩයක්කාරයා නැතහොත් ඔරායන්ගේ බඳ පටියේ මධ්‍යයේ ඇති තාරකාවයි. අදින් වසර දසදහස් ගණනකට පෙරදී මෙම බඳ පටියේ පිහිටි තරු නැතහොත් ග්‍රහලෝක තුන ත්‍රිකෝණයක අයුරින් පිහිටා තිබුණි. අද වනවිට ඇල්නිලම් ග්‍රහලොව දෙපසින් පිහිටි ග්‍රහලෝක දෙකේ චුම්භක බලය මත එක පෙළකට පිහිටා ඇති බව විද්‍යාඥයන් සොයාගෙන ඇත. මෙම ත්‍රිත්ව ග්‍රහලෝක තුළ එකම ජීවී විශේෂයක ජනපද පිහිටි අතර එක්වරම ප්‍රබල පිටසක්වළ ආක්‍රමණයකට ඔවුනට මුහුණ දීමට සිදුවිය. දිගින් දිගට පැවති මෙම ආක්‍රමණකාරී

Wednesday, November 20, 2013

සීගිරියෙන් මතුවන රාවණා යුගය

මුලු මහත් ලෝකයා වශී කළ "සීගිරිය" යන නාමය ඇසූ පමණින්ම අපට සිහි වන්නේ "මහා කාශ්‍යප " රජතුමා ය.එහෙත් අනුරාධපුර යුගයටම සීමා නොවන "සීගිරි පර්වතය" සතු ඉතිහාසය ඈත අතීතය තෙක් දිව යනවා. කලෙක එය බලකොටුවක් ලෙසත්, කලෙක එය භික්ෂූන් වහන්සේලාගේ ආරන්‍යක් ලෙසත්,කලෙක එය ලෝක වෙළද මධ්‍යස්ථානය ලෙසත් පැවති බවට සාධක ලැබී තිබෙනවා. ප්‍රාග් ඓතිහාසික මානවයන් පවා එහි විසූ බවට සාක්ෂි ලැබී තිබෙනවා. නමුත් ඈත අතීතයේ (වසර 6000 - 8000 පෙර ) එය "මහා රාවනා රජු"ගේ රාජධානිය ලෙස තිබී ඇති බවට සාධක ලැබී තිබෙනවා.
Picture
ලෝකයේ පැවති පැරණි ශිෂ්ටාචාර අතරින් "බැබිලෝනියන් ශිෂ්ටාචාරය" වැදගත් ශිෂ්ටාචාරයකි.පැරණි පුදුම හතට

Friday, November 15, 2013

ලොවෙන් වසන් වූ පිටසක්වල අභිරහස - පිටසක්වල ජිවය ගැන සොයනා ගමනේ 2 වන කොටස


පිටසක්වල ජීවීන් හා යානා පිලිබඳ අමෙරිකානු රජයේ මෙහෙයුම් විස්තර කෙරෙන MAJESTIC (MAJIC-12) ලිපිගොනු!





1984 වසරේ දෙසැම්බර් මස දිනෙක රූපවාහිනී වැඩසටහන් නිශ්පාදකයෙකු වුනු ජේමී ශැන්ඩෙරා නැමැත්තාගේ කැලිෆෝනියානු නිවෙසට කුඩා නිර්නාමික පැකට්ටුවක් තැපෑලෙන් ලැබුනා. එය තුල මි.මි 35 ඡායාරූප නෙගටිව් පටියක් තිබුණු අතර එය විකාස කල (develop) ශැන්ඩෙරා හට එහි සටහන්ව තිබූ අතිශය රහසිගත යයි සටහන් කොට තිබුණු පිටු 8ක ලිපියක ඡායාරූප මතුකරගත හැකිවුනා. 1952 නොවැම්බර් 18 දාතම සහිතවුනු එම නිල ලිපිය ලියා තිබුනේ එවක C.I.A රහස් තොරතුරු ඒජන්සියේ අධ්‍යක්ෂක වරයා වුනු, නාවික හමුදා රියර් අද්මිරාල් රොස්කෝ හිලෙන්කොටර් විසිනි. 

මෙම ලිපිය ඒවනවිට අලුතින් අමෙරිකානු ජනාධිපති ධූරයට පත්ව සිටි ඩ්වයිට් අයිසන්හවර් ජනාධිපතිවරයාව නිළවශයෙන් දැනුවත් කිරීමේ ලිපියක් (official briefing document) ලෙස ලියාතිබුණු බව පෙනෙන්නට තිබුණා.

1947වසරේ ව්‍යාපාරික කෙනත් ආර්නල්ඩ් විසින් වාර්තාකරන ලද හඳුනානොගත් පියාසර වස්තු දර්ශණයේ සිට එම වසරේම රොස්වෙල් ප්‍රදේශයට කඩාවැටුනා යයි පැවසෙන පියාසර වස්තුව ඇතුලු හඳුනානොගත් පියාසර වස්තූන් පිලිබඳව වාර්තා හා ඒ පිලිබඳව අමෙරිකානු රජයේ හමුදා හා ඔත්තුසේවා විසින් සිදුකරමින් තිබෙන පර්යේශණ වල තොරතුරු සංශිප්තව එම ලිපියේ සටහන් කොට තිබුණා. 

ලිපියේ විස්තර කොට තිබුණු ආකාරයට 1947වසරේ රොස්වෙල් පියාසර වස්තුව කඩාවැටුනු ස්ථානයට ඈතින් මානවරූපි (humanoid) පිටසක්වලයින් 5දෙනෙකුගේ සිරුරු හමුවී තිබුණා. පිටසක්වලයින්ගේ සිරුරු හමුවීමත් සමග 1947 වකවානුවේ අමෙරිකානු ජනාධිපතිධූරය දැරූ හැරී ටෲමන් මහතා මේ පිලිබඳව සියලු පර්යේශණ කටයුතු සඳහා පූර්ණ අවසර ඇති, ජනාධිපතිට පමණක් වගකියන ඉතා රහසිගත පාලන කණ්ඩායමක් නිර්මාණය කල බව පැවසෙනවා. අමෙරිකාවේ ඉහලම හමුදා

Thursday, November 14, 2013

අප හට අඛන්ඩව සහය දෙන ඔබ සැමට ස්තූතියි.....

ඔබ සිටින්නේ ලෝකයේ කුමන ස්ථානයේ ද කියා අප නොදනිමි.කුමන පිරිසක් සමග ද , කොයි ආකාරයේ බාධා මැදද යැයි අප නොදනී.නමුත් සියළු අභියෝගයන් පසෙකලා අප වෙත සහයෝගය ලබා දෙන මුලු හදවතින්ම ශ්‍රී ලාංකික ඔබ සැමට ස්තූතියි...

Tuesday, November 12, 2013

රාවණා රජු අදටත් රට දෙස බලා ඉන්නවා - රාවණා 17 වන කොටස

සූර්ය වංශයේ දේශය නොහොත් රෝහණ දේශය පිළිබඳ ව විමසන විට පළමුවෙන් ම මතකයට නැ‍ඟෙන්නේ ස්කන්ධ කුමාරයා නොහොත් කතරගම දිව්‍ය රාජයාය. කතරගම දෙවියන් ගැන අප අතර ඇති විවිධ ජන කතා, වංශ කථා, ඉතිහාස සාධක, පරීක්ෂා කර බලන කල ඒවා බොහෝ දීර්ඝ කාලයක සිට පැවැත එන බව පෙනෙයි.
කතරගම දෙවියන්ගේ උපත පිළිබඳ විවිධ කථන්දර හා මතිමතාන්තර රැසක් තිබේ. මේ හා සම්බන්ධ ජන කතා, වංශ කථා, ඉතිහාස කතා විශ්ලේෂණය කරන කල, ඉතා ඈත අතීතයේ සිට ම කතරගම දෙවියන් ඇදහීමෙ පවතින්නට ඇති බවත්, විවිධ වකවානුවලදී අප රටට එල්ල වූ නොයෙක් බලපෑම් හා මතිමතාන්තර නිසා කඳ සුරිදු ඇදහිල්ල විවිධාංගීකරණය වූ බවත් පෙනෙයි. එමෙන් ම සමහර අවස්ථාවලදී පරස්පර අදහස් ද, මේ කථා ප්‍රවෘත්තිය තුළ නිර්මාණය වී තිබේ.
කතරගම දෙවියන්ගේ ප්‍රභවය පිළිබඳ කතා රැසක් නිර්මාණය වී ඇත. එක් ජන කතාවකට අනුව කතරගම දෙවියන් යනු ඉන්ද්‍ර හා දේවසේනගේ පුත්‍රයෙකි. තවත් කථාවකට අනුව ප්‍රජාපති හා ඌෂස් යන දෙදෙනාගේ පුත්‍රයෙකි. එසේ ම කතරගම දෙවිඳු ශීව හා පාර්වතීගේ පුත්‍රයකු යැයි කියන ප්‍රබන්ධයක් ද තිබේ. ආර්ය දෙවිවරුන් හා අනාර්ය දෙවිවරුන් යන දෙවර්ගයාටම සම්බන්ධයක් ඇති එකම දෙවියා කතරගම දෙවිඳුන් වන අතර, ආර්ය හා අනාර්ය යන දෙකොටස වෙතින් ම පුද ලබන දෙවි කෙනකු වීම ද විශේෂත්වයකි.
දෙවි කෙනකු වීම
ශ්‍රී ලංකාවේ උතුරු දෙසින් රාවණා අඩවියට අයත් ඌව ප්‍රදේශයේ සිට, දකුණෙන් කතරගම දෙවිඳු අඩවියෙත් අවසන් වන ප්‍රදේශය හඳුන්වන්නේ රෝහණය නොහොත් රුහුණ යන නාමයෙනි. රෝහණ - රුහුණ යන්නේ අර්ථය හිරු නැ‍ඟෙන දේශය යන්න ය. මෙරට වාසය කරන ජාතීන් දෙකක් එක් කරන ප්‍රධාන බැම්ම වනුයේ ද කතරගම දෙවිඳුන් නොහොත් ස්කන්ධ කුමාර දෙවිඳුන් ය.
විවිධ වකවානුවලදී මෙරටට එල්ල වී ඇති ආක්‍රමණ හේතුවෙන් ද, විවිධ ජාතින්ගේ බලපෑම හේතුවෙන් ද කතරගම දෙවිඳුන්ගේ ප්‍රභවය අමතක වූ යුගයක කතරගම දෙවිඳුගේ ප්‍රභවය සම්බන්ධයෙන් ජනප්‍රවාද රැසක් ගොඩනැඟි ඇති බව පෙනෙයි.
කතරගම දෙවිඳුන් නොහොත් ස්කන්ධ කුමාර තෙමේ ශ්‍රී ලංකාවට ආවේණික දෙවි කෙනෙකි, ඉන්දියාවේ හිමාලය ඇතුළු දඹදිව මුළුල්ලේ තෙද බල පතන එක ම දෙවියෝ කතරගම දෙවියෝය. දෙවිවරුන් අතරදි කතරගම දෙවියෝ මහේශාක්‍ය ගණයට අයත් වෙති.
කතරගම දෙවියන්ගේ ප්‍රභවය පිළිබඳ නොයෙක් මතිමතාන්තර තිබුණ ද, මහාචාර්ය කඹුරුපිටියේ වනරතන හිමියෝ වැදගත් මතයක් ඉදිරිපත් කළහ. උන්වහන්සේට අනුව

Sunday, November 10, 2013

සක්වල ජිවීන් පෘතුවි වාසින් ඇසුරු කලේ ඇයි ?

වර්තමානයේ හදුනා නොගත් පියාසර වස්තු එනම් අපේ භාෂාවෙන් පියාබන පීරිසි පිළිබද සමාජය තුළ මහත් කතිකාවක් ඇත් වී ඇත.සැබවින්ම අප මේ මහා විශ්වයේ තනි සිටී ද?යම් කාලවලදී පියාබන පීරිසි දර්ශනය වූ අවස්ථා අප හට අසන්නට ලැබී ඇත.ඉන් ඇතැම් ඒවා කිසිසේත්ම බැහැර කළ නොහැක.අප වර්තමානයේ දී තාක්ෂණය අතින් ඉහළටම පැමිණ ඇති බවට උදම් ඇනුවත් අප තවමත් සිටින්නේ සෞරග්‍රහ මණ්ඩලය පිළිබද ‍ගවේෂණය කරමිනි.
                        වර්තමාණයේ අප සතු දියුණුම තාක්ෂණය භාවිත කරත් සෙනසුරු වැනි ඇතින් සිටින ග්‍රහලොවක් වෙත ළගා වීමට වසර 10 ක් වත් ගතවේ.එසේ නම් ආලෝක වර්ෂ බිලියන ගණනකටත් එහා සිටින ජීවින් හට අප වෙත ළගා වෙන්නට නම් අපට වඩා දස දහස් ගුණයක් ප්‍රභල තාක්ෂණයක් ඔවුන් සතුව තිබිය යුතු ය.
                    
                        
ලෝකයේ ඇතැම් ප්‍රදේශ වල තියෙන සමහර නිර්මාණ කෙලෙස නිම වුනි දැයි අදටත් විද්‍යාඥයන් හට වටහා ගත නොහැක.ඉන් සමහර ඒවායේ ගල් කුට්ටි කපා ඇත‍්තේ ලේසර් කිරණ වැනි අති ප්‍රභල කිරණ වර්ග උපයෝගී කරගෙන බවට

Thursday, November 7, 2013

විනාශ කළ නොහැකි ශ්‍රී රාවණා වංශය - මහා රාවණා 15 වන කොටස

මහාවංශයට වඩා ඉපැරැණි ලියෑවිල්ලක්‌ වන වරිග පූර්ණිකා නම් යක්‌ෂ ජන සමූහයාට අයත් පුස්‌කොළ පොතෙහි ශ්‍රී රාවණ අධිරාජයාගේ නාමය යගු කෞරාණ මන්ඨක ලෙස සඳහන් වේ. මන්ඨක යනු යකුය. එබැවින් එම නාමයෙහි සිංහල තේරුම “සියල්ල සම්පූර්ණ කළ යකා” වේ.

රාවණා යුගයෙන් පසුව එතුමාගේ රවිශෛලාශ හෙවත් ඉරුගල් බණ්‌ඩාර යක්‌ෂ පරපුර ඉන්ද්‍රජිත් (මේඝනාද) ලෙස ප්‍රචලිත ශ්‍රී රාවණ රජු හා මදෝරා (මන්දෝතාරා) දේවියගේ දෙටු පුත්‍රයාගෙන් පැවත එමින් අද දක්‌වා ලංකා පොළොව මත ජීවත් වෙයි. රාවණා සම්බන්ධ පුවත වළලා දමා හෙළ ජනසම්භවය මැකීමේ මහා කුමන්ත්‍රණයට බ්‍රිතානීන් ද සම්මාදම් වෙමින් ලංකා ඉතිහාසයෙන් රාවණා යුගය ඉවත් කර ඇත. ඉන්දියාවේ කාලිංග වංශික විජය මෙරට ආදිතම රජු ලෙස දක්‌වන අලුත් ඉතිහාසයක්‌ ඔවුන්ගේ අධ්‍යාපන ක්‍රමය ඔස්‌සේ ලංකාවේ අපට බලෙන් ඒත්තු ගන්වා තිබේ. නමුත් බෞද්ධයකු නොවන විජය හෙළ ජන සමාජය සමූල ඝාතනයට උත්සාහ කළ ප්‍රබල ආක්‍රමණිකයකු බව අපට නොවැටහීම අභාග්‍යයකි. රාම, විජය, එළාර, කාලිංග මාඝ, බ්‍රව්නින් මෙන්ම ප්‍රභාකරන් ද මෙරට ජන සම්භවය විනාශ කිරීමට උත්සාහ කළ ආක්‍රමණිකයන් ලෙස සැලකීම වටී. ඊට එරෙහිව නැගී සිටි ලොව පැරැණිතම ඉතිහාසයක්‌ ඇති රාවණා පරපුර කිසි කලෙකත් නොනැසිය හැකි බලවේගයක්‌ බව වර්තමානයේදී පවා පැහැදිලි වේ.

මහා රාවණ ඉතිහාසයේ එන පුලතිසිපුරය හෙවත් දෙමළ බසින් පුලත්නරු නම් වන පුලතිසි සෘෂිවරයාගේ

Sunday, November 3, 2013

ලොව විශිෂ්ටතම පිරමිඩය සිරිපා පහස ලද සමනළ කන්දයි

හෙළ ජාතිය පිටසක්වලින් පැමිණි ජාතිකයින් විය හැකි යැයි සිතූ ඇමරිකාවේ නාසා ආයතනය පිටසක්වළ ජීවීන්ට යැවූ සාම පණිවුඩය දෙවැන්නට සිංහළ බස ඇතුළු කළේය. හෙළයා පිළිබඳ එලෙස සිතන්නට හේතු වූ කරුණු කාරණාද නැතුවා නෙවෙයි. එයට බලපෑ ප‍්‍රධානම කාරණය වූයේ ලාංකිකයන් ලෙස අප පිළිනොගත් රාවණ තාක්‍ෂණය ඇමරිකානු පනස්එක් වැනි ජනපදයේ (Area-51) පර්යේෂණ තුළින් සනාථ කරගැනීමයි.
අපට රාවණා යුගය මිත්‍යාවක් වුවත් එය දිනෙන් දින නව තාක්‍ෂණය සොයායන පංච මහා බලවතුන්ට නම් මිත්‍යාවක් වූයේ නැත. විශ්වය පුරා දියුණු ජීවී වර්ග හයදහසකටත් අධික සංඛ්‍යාවක් ජීවත්වන බව මේ වන විට සොයාගෙන හමාරය. රාවණා පරපුර නැතහොත් සුර්යයාගේ සිට පැමිණි පරපුර පෘථිවියට පැමිණියේ “ඇල්නිලම්” යන තාරකාවේ සිට බවට විශ්වාසයක් පවතී.
“ඇල්නිලම්” තාරකාව යනු ක්‍ෂිතිජය පුරා විසිර ඇති තරු රටා අතර පිහිටි දඩයක්කාරයා නැතහොත් ඔරායන්ගේ බඳ පටියේ මධ්‍යයේ ඇති තාරකාවයි. අදින් වසර දස දහස් ගණනකට පෙරදී මෙම බඳ පටියේ පිහිට තරු නැතහොත් ග‍්‍රහලෝක තුන ත‍්‍රිකෝණයක ආකාරයෙන් පිහිටා තිබුණි. අද වන විට ඇල්නිලම් ග‍්‍රහලොව දෙපසින් පිහිටි ග‍්‍රහලෝක දෙකේ චුම්බක බලය මත එක පෙළකට පිහිටා ඇති බව විද්‍යාඥයන් සොයාගෙන ඇත.

මෙම ති‍්‍රත්ව ග‍්‍රහලෝක තුළ එකම ජීවි විශේෂයක ජනපද පිහිටි අතර, එක්වරම ප‍්‍රබල පිටසක්වළ ආක‍්‍රමණයකට ඔවුනට මුහුණදීමට සිදුවිය. දිගින් දිගට පැවති මෙම ආක‍්‍රමණකාරී තත්ත්වයන් මත එම ග‍්‍රහලෝකවල පරිසර පද්ධතිය බොහෝසෙයින් බිඳවැටුණි. “ඇල්නිලම්” ග‍්‍රහලොවේ පරිසර පද්ධතිය පෘථිවි පරිසරයට වඩා වසර හැටකින් පමණ ඉදිරියෙන් පවතී. එසේම එය මියෙදෙමින් පවතින ග‍්‍රහලෝකයක් බවට පත්ව ඇත. “ඇල්නිලම්” ග‍්‍රහලෝක වැසියෝ (බුදු බණට අනුව ආහස්වර දෙව්ලොව) තම බිඳ වැටෙන