Saturday, May 10, 2014

ජාතියේ පිනට පහළ වූ සේක.....


ගලගොඩඅත්තේ ඥාණසාර ස්වාමීන් වහන්සේ, ලක්දිව සිංහල බෞද්ධයන්ව මනා සංවිධාන ශක්තියකින් යුතුව නිසි මඟ පෙළ ගස්වන සංඝ පීතෲවරයෙකි. සැබෑ ජීවිතයේදී බෙහෙවින් ශාන්ත භික්ෂූන් වහන්සේ නමක් වුවද, ටිකක් තදින් කතා කරන්නේ, වර්තමාන නිවට දීන සමාජයේ පිළිල සේ ඔඩු දුවා සිටින කෛරාටිකයින්ගේ පර වාද මර්දනය කිරීමට එසේ නොකර බැරි නිසාවෙනි.

උන්වහන්සේ කෙළින්ම තිත්ත ඇත්ත හුරතල් කිරීම් වලින් තොරව සමාජයට දෙන නිසාත්, විවේචනය කළ යුතු අයව මූණටම විවේචනය කරන නිසාත්, ඒ නිසාම ශාසන භක්ෂකයින්ගේ අරමුණු දියවී යන නිසාත්, උන්වහන්සේට එරෙහිව බිහිසුණු සයිබර් ප්‍රහාරයක් දියත් වෙමින් පවතී. මේ සෝම හිමියන්ට දුන් ප්‍රහාරයේම දෙවැනි ඉණිමයි. මෙහි අවසානයට ඝාතන ප්‍රයත්නයක් වුවද එක්විය හැක.

විවිධ වෙස් ගත් නිගණ්ඨයන් සහ චිංචි මානවිකාවන් උන්වහන්සේගේ වාග් විලාශයද අලලා කරන නිගරුවන්ගේ කෙළවරක් නැත. උන්වහන්සේට පහර දෙන්නටම කැපවූ බ්ලොග් අඩවි පවා බිහිව ඇත. 



සිංහල බෞද්ධයෙනි! එකක් ඇත! නුඹලාගේ වාසනාවට

පහළ වූවන් මරා ගනිතොත්, ඒ නුඹලාගේම නොසැලකිල්ල සහ නුවුමනාව නිසාවෙනි. උන්වහන්සේ සත්‍යය ප්‍රකාශ කරයිනම් කළ යුත්තේ මී හරකුන් සේ උන්වහන්සේ කතා කරන හැටි විචාරණය කරමින් සිටීම නොව, සිංහල ජාතිය රැක ගැනීම වෙනුවෙන් එකාවන්ව පෙළගැසීමයි.

තවත් සෝම හිමි සිද්ධියක් බිහිවන තෙක් අතබාගෙන හිඳ, එය වූවාට පසුව “රහසෙම නික්මී තිබුණා..අපේ ළඟ අද නෑ..අපේ හාමුදුරුවනේ” කියමින් ඇඬෝ, ඇඬියා කරමින් සුළඟේ පාවී යන “කමිෂන්” සබා පත් කිරීම නොකරන්න. උන්වහන්සේ ධර්මය රකින්නා සේම, උන්වහන්සේව ධර්මයෙන් රැකෙන තුරු නොහිඳ, අපහාස, උපහාස කරන්නන්ට එරෙහි පියවරක් ගන්න…


No comments:

Post a Comment