Tuesday, December 13, 2016

ඉතිහාසය වෙනස් වෙයි...රට කළඔන සොයා ගැනීමක්.....

ලංකාවේ ඉතිහාසය ආරම්භ වන්නේ උතුරු ඉන්දීය සංක්‍රමණයක ප්‍රතිඵලයක් ලෙසය යන සාම්ප්‍රදායික මතය අලුත්ම පර්යේෂණයක් නිසා බිඳවැටෙන තත්ත්වයක් උදා වී ඇති බව මහාචාර්ය රාජ් සෝමදේව පවසනවා.
මීට අදාළව සිදු කෙරුණු පර්යේෂණයන්හි විද්‍යාත්මක සොයා ගැනීම්වලින් ඉහත මතයට අභියෝග කළ හැකි අන්දමේ ඓතිහාසික සාක්ෂි අනාවරණය කරගෙන ඇති බවයි ඔහු පවසන්නේ.
ඒ අනුව මීට අවුරුදු 6,000කට පමණ ඉහත කාලවකවානුවකදී කඳුකර ප්‍රදේශවලට වඩාත් බලපා තිබෙන දේශගුණික වෙනස්කම් කිහිපයකට ප්‍රතිචාර දැක්වීම සඳහා මෙතෙක් මෙරට ජීවත් වූ ගල් යුගයේ මිනිසුන් සිය තාක්ෂණික සංස්කෘතික පරිවර්තනයක් දෙසට යොමු වූ ආකාරයද ගවේෂණය කිරීමට මේ පර්යේෂණවලින් හැකිවූ බවත් ඒ මහතා ප්‍රකාශ කරයි.
බළන්ගොඩ, රාස්සගල, ඉලුක්කුඹුර, ලුණුගල්ගේ, පරගහමඩිත්ත ගල්ගේ, අලුගල්ගේ, මැද්දකන්ද යන ස්ථානවල සිදුකළ කැණීම්වලින් මේ ගැන තහවුරු විය හැකි සාක්ෂි ලැබී තිබේ.
මේ පිළිබඳ විශාල අදහසක් ඇමෙරිකාවට කාල නිර්ණය කර ගැනීම සඳහා යවා ඇති සොයාගත් පුරාවිද්‍යාත්මක සාක්ෂිවලින් ඉදිරියේදී තවදුරටත් සහතික කරගත හැකිවනු ඇතැයි ඒ මහතා පැවැසීය.
මේ අනුව උතුරු ඉන්දියාවෙන් පැමිණි අයගෙන් මෙහි ජනාවාස ඇතිවීම නිසා මෙරට ඉතිහාසය පටන් ගන්නේ ඉන්දියානු සංක්‍රමණිකයන් නිසා බවට ඇති මතය නිවැරැදි නොවන බවත් පැවැසීය.

No comments:

Post a Comment