Saturday, January 28, 2017

අපේම මිනිසුන් වෙනුවෙන්..Holding Hands

පුලුවන් නම් කතාව කියවලා SHARE කරල HELP එකක් දෙන්න.....

මේක මහ පුදුම කාලයක්.එක පැත්තක කට්ටියක් එකතු වෙලා වෙරි වෙන්න අරක්කු බෝතලයක් ගන්න සල්ලි එකතු කරද්දි අපේම රටේ තව පැත්තක අම්ම කෙනෙක් රොටියක් හදල තමන්ගේ  ලමයිගෙ බඩ පුරවන්න පිටි ටිකක් ගන්න සල්ලි හොයනව.එක අම්ම කෙනෙක් පොඩි එකාට අලුත් අවුරුද්දට අලුත් ඇදුම් අන්දල ස්කෝලෙ යවද්දි තව අම්ම කෙනෙක් පොඩි එකාගේ ඉරිච්ච ඇදුම මහන්න විදියක් කල්පනා කරනව.ලමයට උපන්දිනේට i pad එකක් අරන් දෙද්දි තව ළමයෙක් පොතක් ගන්න සල්ලි හොයන්ව.පුදුම වෙනසකින් අපි හැමෝම වටවෙල.එක රටක හිටියට අපිට පේන් නැති තවත් පැත්තක් මේ රටේ තියෙන්ව බන්.
ෂොපින් බෑග් එකක පොත් ටික දාගෙන ස්කෝලෙ එන පොඩි එකාට හිනා වෙන එකා දකින් නෑ ඒ මල්ල පිටිපස්සෙ තියෙන රිදෙන කතාව.හොයන්න යන්නෙත් නෑ.මොකද අපි හරි ජරායි බන්.හිනා වෙන්න විතරයි දන්නෙ.

අපි හැමෝම එකතු වුනොත් මේ අපේම මිනිස්සු වෙනුවෙන්,මේ පොඩි පැටියෙක් වෙනුවෙන් දෙයක් කරන්න පුලුවන්.

මහා ලොකු දේවල් කරන්න බැරිවෙයි.ඒත් මේ පොඩි ලමයෙක්ට සපත්තු දෙකක් අරන් දෙන්න,පොත් ටිකක් අරන් දෙන්න අපිට බැරි නෑ සහෝ පොඩියට හරි උදවුවක් දෙන්න පුලුවන් නම් අපිට CALL එකක් දීල අපිත් එක්ක එකතු වෙන්න
0716273375........

No comments:

Post a Comment