අද
අපි කතා කරන්න යන්නේ අපේ බ්ලොග් එකට අදාල දෙයක් නම් නෙවෙයි.අපි බොහෝදෙනෙකුට බලපාල තියෙන එහෙම නැතිනම් අනාගතයේදී
බලපාන්න පුළුවන් සමාජයේ විවිධ මිනිසුන් දිහා බලන විට හොඳින් පෙනෙන, ඇසට
පුරුදු රෝග තත්ත්වයක් ගැනයි. ලොකු “බඩක්” ඒ කියන්නේ මහත උදර ප්‍රදේශයක්
තියෙන සමහරවිට පරීක්ෂා කර තියෙනවා නම් ලේවල සීනි “ටිකක් විතර” කොලෙස්ටරෝල්
“ටිකක් විතර”, අධික රුධිර පීඩනය ටිකක් විතර තියෙන පුද්ගලයන් අපිට බොහෝවිට මුණ ගැසෙනවා. නමුත් මේක රෝග තත්ත්වයක් විදියට සලකන්නේ ටික දෙනෙක් විතරයි.
අවාසනාවට මේ තත්ත්වය තමන්ගේ රැකියාවේ, පෞරුෂයේ එහෙම නැතිනම් පරම්පරාව
හෙවත් ආරයේ හැටි ලෙස සලකා සම්පූර්ණයෙන්ම නොසලකා හැරෙනවා. මේක ඇත්තටම රෝග
තත්ත්වයක්. මෙය Metabolic Syndrome ලෙස නම් කෙරෙනවා.
Metabolic
Syndrome කියන නමේ තේරුම නම් “ජීව රසායනික ක්‍රියාවන්ගේ ගැටලු නිසා ඇතිවන
රෝග තත්ත්වය” යන්නයි. මේ වචන ඔබට ටිකක් අපහසුතාවක් ඇති කළත්, එම රෝගයේ
අන්තර්ගතය තේරුම් ගන්න නම් එතරම් අපහසු නැහැ.
ඇත්තටම සමාජයේ මේ
රෝග තත්ත්වය කෙතරම් බහුල ද කියනවා නම්, එය “රෝග තත්ත්වයක්” ලෙස අපට
පෙනෙන්නේ නැහැ. ඒ කියන්නේ සාමාන්‍ය තත්ත්වයක් ලෙසට එය භාර ගැනීමට තරම් අපි
හැඩගැහිලා කිව්වොත් නිවැරදියි.
ඒ නිසාම මෙම රෝගයට ප්‍රතිකාර කිරීම
හෝ පිළියම් යෙදීම දිනෙන් දිනම අතපසු කරනවා විතරක් නොවෙයි, රෝගයේ සංකූලතා
ලෙස අංශභාගය, හෘදයාබාධ හෝ දියවැඩියාව සෑදුණු විට ප්‍රතිකාර ඉතා සංකීර්ණ හා
කාලය, ධනය වැයවන ඒවා වනවා. ඒ විතරක් නොවෙයි “මරණය” හෝ ජීවිතයේ ගුණාත්මක බව
නැති කිරීම ද සිදුවෙනවා.
මෙම රෝග තත්ත්වය හඳුනා ගන්නා ආකාරය ගැන
විමසා බලමු. පළමුවෙන් කියන්න ඕන මේ රෝග තත්ත්වය තීරණය කරන ආකාරය ගැන විවිධ
වෛද්‍යවරුන් හා ලෝක සෞඛ්‍ය සංවිධානය වැනි සෞඛ්‍ය ආයතන විවිධ අර්ථකථන ලබා
දෙනවා. නමුත් පාඨක ඔබගේ පහසුව
Saturday, December 6, 2014
Saturday, September 20, 2014
මතින් තොර රටක් උදෙසා
ශ්‍රී ලංකාව පිහිටා තිබෙන්නේ රනින් නම් කරවන ලද
රටවල් කිහිපයකට මැදිව ය. රන් ත්‍රිකෝණය නම් වූ තායිලන්තය, බුරුමය හා ලා
ඕසයත්, රන් චන්ද්‍රවංකය නම් වූ ඉරානය, ඇෆ්ගනිස්ථානය හා පාකිස්ථානයත් අප රටට නුදුරින් පිහිටි අසල්වැසි රාජ්‍යයන් ය. මේ අසල්වැසි භාවය ම අද වනවිට අපට පාරාවළල්ලක් වී ඇත.
එ් රටවල් එසේ නම් කෙරුණේ ලෝකයේ වැඩිම මත්කුඩු නිෂ්පාදනයත්, ප්‍රවාහනයත් මේ රටවල් කේන්ද්‍ර කොටගෙන සිදුවන නිසාවෙනි. ඔවුන්ට අසල්වැසියන් වූ නිසා ම ලෝකයේ මත්කුඩු ජාවාරම්කරුවන්ගේ තිප්පොළක් බවට පත්වන්නට අපට සිදුව ඇත.
පසුගිය දින කිහිපය පුරාවට ම රටේ නොයෙක් ප්‍රදේශයන්ගෙන් අසන්නට ලැබුණේ මත්කුඩු සම්බන්ධ වැටලීම් පිළිබඳවයි. ධනවතුන් ද දුප්පතුන් ද උගතුන් ද නූගතුන් ද ළමයින් ද තරුණයන් ද වැඩිහිටියන් ද මත්කුඩු ළඟ තබා ගැනීම නිසාවෙන් අත්අඩංගුවට ගැනෙන අවස්ථා එන්න එන්න ම සුලබ වනවා මිස අඩුවක් පෙනෙන්නේ නැත. ශ්‍රී ලංකාවේ පොලිස් කොට්ඨාශ 43න් ම මත්කුඩු සම්බන්ධ අත් අඩංගුවට ගැනීම් සිදු කර තිබේ. එනම් මේ උවදුර රට පුරා ම ව්‍යාප්ත වූවකි.
අප රටේ මත්කුඩු නිපදවෙන්නේ නැත. එහෙත් 2011 වසරේ අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ වාර්තාවන්ට අනුව අප රටේ වීදි මට්ටමින් මත්කුඩු භාවිත කරන්නන් වෙනුවෙන් දිනකට මත්කුඩු කිලෝ 02ක් භාවිත වී ඇත. 2014 වනවිට මේ අගය තවත් ඉහළට පැමිණ ඇති බව නිසැක ය. අප පමණක් නොව

Saturday, August 30, 2014
ලොවක් දිනූ ශ්‍රී ලාංකිකයා - නන්දන ලොකුවිතාන
අගෝස්තු
06 වැනිදා 18-25 පැයට අප රැගත් ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ.එල්. 225
යානය ඩුබායි අන්තර්ජාතික ගුවන්තොට කරා ගමන් ඇරැඹුවේය.ශ්‍රී ලංකාවේ මාධ්‍ය
කණ්ඩායමකට ඩුබායි රටට පැමිණෙන ලෙස ආරාධනාව ලැබුණේ ඔරුවල වානේ සංස්ථාව
මඟිනි. ඒ ඇරයුම තුළ මහා අසිරිසිරියක්, ගැඹුරක්, චමත්කාරයක් තිබුණේය.
විදේශයක පිහිටි තරු පහේ සුපිරි හෝටලයක් හිමිකරගත් ප්‍රථම ශ්‍රී ලාංකික සිංහල බෞද්ධයාගේ ඇරයුමෙන් අපි ඩුබායි දේශයට රාත්‍රි 10.15ට පමණ පා තැබුවෙමු. ආගමන විගමන කටයුතුවලින් බැහැරව ඉතා කෙටි කාලයක ගමනකින් පසු අප සිටියේ ඩුබායි නගරයේ මැරියට් අල් ජඩාෆ් සුවිසල් තරු පහේ හෝටලය අබියස. නිරතුරු ළගන්නා සිනාවකින් මුව සරසාගෙන සිටිනා ආගන්තුක සත්කාර ප්‍රධානී බ්‍රයන් ඩිසූසා අපව පිළිගත්තේ ගෞරව පෙරදැරිවය.
ඔහුගේ ආගන්තුක සත්කාරයෙන් අපගේ විඩා සරතැස දාහය නිවී ගියේය. එසේ 'විඩා දාහය' යනුවෙන් වචන භාවිතයට හේතුවක් තිබිණි. අපි ඩුබායි රටට පා තබනා එදවස එරට උෂ්ණත්වය සෙන්ටිගේර්ඩ් අංශකය 42කි. ආර්ද්‍රතාව සෙන්ටිගේර්ඩ් 92කි. විඩා දාහයේ තරම කෙසේ විණිදැයි ඔබට සිතාගත හැකිවනු ඇත.
මැරියට් (Marriott) තරු පන්ති හෝටල සමූහ ව්‍යාපාරයට රටවල් 60ක හෝටල 500ක් අයත්ය. ඒ ඒ රටවල (Marriott) වෙළෙඳ නාමය ඔස්සේ පවත්වාගෙන යයි. ඒ අතරින් ඩුබායි හි මැරියට් අල් ජඩාෆ් තරු පහේ හෝටලය ශ්‍රී ලාංකිකයන්ට සුවිශේෂය.
ශ්‍රී ලාංකික ධජය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගුවනේ ලෙළදෙන ස්ථාන දෙකකි. එක් ස්ථානයක් වනුයේ එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයයි. අනෙක් ස්ථානය ඩුබායි මැරියට් අල්ජඩාෆ් තරු පහේ හෝටලයයි.
මැරියට් හෝටලය පිහිටා ඇත්තේ ෂෙයික් මොහොමඩ් බින් රෂිඩ් අල් මක්කුම් නම් වූ රජතුමාගේ මාලිගය සමීපයේය. ඩුබායි මෝල් (Bubai Mall) ඩුබායි ගෝල්ඩ් සුක් (Dubai Gold Souaq) බර්ජ් කලීෆා ලෝකයේ උසම ගොඩනැඟිල්ල

Monday, August 25, 2014
ලොවම මවිත කල පිරිතේ බලය
හිත සධිගත
කරවන අපූරු සංවේදී මිහිරි නාදයක් ඒ හඬට මුසුවෙලා තියෙන නිසා. හරියට සොබා
දහමේ රහසක් කියනවා වගේ. ඇත්තටම මේ ගලා බසින දිය දහරාවට එහෙමත් නැතිනම් කඩා
හැලෙන දිය ඇල්ලකට සොබා දහමේ රහස් ස`ගවා ගෙන ඉන්න පුළුවන්ද...? ඔව්....
ඇත්තෙන්ම පුළුවන්. ගලා බසින ගංගාව, කඩා හැලෙන දිය ඇල්ල විතරක් නෙමෙයි, ඔබේ
අතේ තියෙන වතුර වීදුරුව පවා මේ අනන්ත අප්‍රමාණ වූ විශ්වයේ අපූරු රහස්
රැසක්ම ස`ගවා ගෙන ඉන්නවා. ඒ රහස් හඳුනාගන්නට හැකිවුණොත් මවිත වේවි ඔබ
නිසැකයෙන්ම.
පෙණ කැටි විසුරවමින් හිමිහිට ගලා බසින දිය පහරක හඬ අහගෙන ඉන්න අප බොහොම දෙනෙක් කැමතියි. ඒකට හේතුවක් තියෙනවා. ඒ සිත සම
ඒ අපූරු රහස් එළි කරන්නට ජපන් ජාතික පර්යේෂකයෙක් ඉදිරිපත් වෙලා ඉන්නවා. ඔහු නමින් ආචාර්ය මසාරු ඉමටෝ (Dr' Masaru Emoto). මිනිසුන්ගේ සිතුම් පැතුම් අනුව ජල අණු වල ස්වභාවය වෙනස් කරන්නට පුළුවන් බව අපූරු පර්යේෂණ ගණනාවක් මගින් ලොවට ඔප්පු කර පෙන්වන්නට ඔහු සමත් වුණා. ඔහුගේ පර්යේෂණ ක්‍රමවේදය සම්මත විද්‍යාත්මක න්‍යායන්ට අනුව සිදු නොවුණත් ඔහු විසින් සිය පර්යේෂණ දත්ත ඇතුළත් කරමින් ප්‍රකාශයට පත් කරන ලද The Hidden Massages in Water (ජලයේ සැඟවුණු රහස්) නම් කෘතිය මුළු විද්‍යාත්මක ලෝකයේම ඇස් අරවන කෘතියක් බවට පත් වී හමාරයි. මේ නිසාම ඔහුගේ පර්යේෂණ දත්තයන්ට විද්‍යාත්මක ලෝකයේ පිළිගැනීම මේ වනවිට නිතැතින්ම හිමි වී තිබෙනවා.
ආචාර්ය මසාරුගේ පර්යේෂණයකින්ම අපි මේ කතාව පටන් ගනිමු.
ජපානයේ ෆුජිවාරා (Fujiwara) වේල්ල මේ කියන කාලයේ, ඒ කියන්නේ 1995 වසරේ දී ඒ තරම්ම පිරිසිදු මට්ටමක නෙමෙයි තිබුණේ. ඒත් ආචාර්ය මසාරුගේ සුප්‍රකට පර්යේෂණයකට මුල් වුණේ මේ ෆුජිවාරා වේල්ලයි. ෆුජිවාරාහි ජල සාම්පලයක් අධික සිසිලසකට ලක්කොට අධි තාක්ෂණික කැමරාවකින් රූප රාමුවකට ගත්ත ආචාර්ය මසාරුට දකින්න ලැබුණේ අපිරිසිදු නොපැහැදිලි ජල අණුවක රූපයක්. ඉන්පසුව ඔහු මේ වේල්ලේ ඇති ජලයට සෙන් බෞදධ හිමිවරයකුගේ මුවින් සූත්‍ර සඡ්ජායනාවක් ඇසෙන්නට සැලැස්සුවා. සූත්‍ර සඡ්ජායනයෙන් පස්සේ වේල්ලෙන් ගත්ත ජල සාම්පලයක් පෙර පරිදිම අධික සිසිලසකට බ`දුන්කොට අධි තාක්ෂණික කැමරාවෙන් රූප රාමුවට නැගුණා. ප්‍රතිඵලය වුණේ හැමදෙනාම අතිශයින්ම මවිත කරවන සුලු වූවක්. පෙරදී දුටු අපැහැදිලි අපිරිසිදු ජල අණුව වෙනුවට මෙවර දකින්නට ලැබුණේ අතිශයින්ම පිරිසිදු හා පැහැදිලි දිලිසෙන ජල අණුවක රූපයක්. මේ ප්‍රතිඵලය කොයි තරම් පෙරළිකාර සිදුවීමක් වුණා ද කියනවා නම් ඔහු මේ පදනමේ ඉ`දන් පර්යේෂණ මාලාවක්ම ඉන්පස්සේ සිදු කළා.
සම්භාව්‍යය සංගීත රාවය මෙන්ම ගොරහැඩි නාද එකම ජල සාම්පලයකට අසන්නට සලස්වා පෙර ආකාරයෙන්ම

Tuesday, July 29, 2014
ජීවිතේ ලස්සනයි...අනිවාර්යෙන් කියවන්න
ගන්න ගන්න අපෙනුත් ගන්න මල්........
අනේ මහත්තයා නෝනා අපෙනුත් මල් ගන්නකෝ...
සමහර විට මේ වචන පේළි 2ක අහපු නැති කෙනෙක් මේ සිරිලක් දේශයේ නැතුව අැති.කිරි වෙහෙර වදින්න ගිය ඔයාට මේක අලුත් අත්දැකීමක් නෙවෙයි.සමහර විට ඒ මිනිස්සුන්ගෙ මේ වචන සන්සුන් හිතින් බුදුන් වදින්න යන ඔයාට හිසරදයක් වගේ දැනෙන් නැති.ඒත් ඔයා දන්නෑ මේ වචන වල කොයිතරම් නම් ගැඹුරු දෙයක් තියෙනවාද කියල.සමහර විට ඒ මලකට ඔයා දෙන රු 20 වටිනාකම ඒ මලේ නැතුව අැති.ඒත් ඒ දෙන පොඩි මුදලෙන් පුංචි පැටව් දෙන්නෙක් ඉන්න අසරණ පවුලක් ඒක වේලක් හරි බත් කටක් කනව කියල ඔයාට හිතන්න පුලුවන් නම් ඒ මල් බුදුන්ට පූජා කරාම දැනෙනවාටත් වඩා සතුටක් ඔයාට දැනේවි.
අපි ට්‍රිප් ඵකක් ඵහෙම යද්දි පාර අයිනෙ පොඩි ලෑලි කැල්ලක් දාගෙන පළතුරු ටිකක්, ඵළවලු මිටියක් දාගෙන ඉන්න මිනිස්සු කොයිතරම් නම් අපිට හම්බ වෙනව ද.ඒ වගේ ගමනක් යද්දි ඔයා සිගරට් , අරක්කු බියර් වගේ ඒවට කොයිතරම් නම් නම් වියදම් කරනවද.ඒ සල්ලි වලින් පොඩි ගානක් හරි වියදම් කරල අර අසරණ මනුස්සයෙක් ගෙන් හොද අඹ ගෙඩියක් , ගස්ලබු ගෙඩියක් ගත්ත නම් ඔයාගෙ ජිවිතේ විතරක් නෙවෙයි අර මිනිස්සුන්ගෙ ජිවිතත් හුගක් ලස්සන වේවි.
අැගට පොඩි හයියක් ගන්න රු 300ක් වියදම් කරල බොරුවට රෙඩ්බුල් ඵකක් බොන ඔයා පාර අයිනෙ පොඩි ලෑලි කැල්ලක තියාගෙන තැඹිළි කපල විකුණන අර වයසක තාත්තගෙන් රු 30ක් දීල තැඹිලි ගෙඩියක් කපාගෙන බිව්ව නම් ඔයාට අැගට හයිය විතරක් නෙවෙයි අර මනුස්සයාගෙ හිනාව දැකල හිතටත් ලොකු සතුටක් අැති වේවි.
අපේ ජිවිත හුගක් සරලයි.අපිමයි බලෙන්ම ඒක සංකීර්ණ කරන් ඉන්නෙ
සංජය

Monday, July 14, 2014
ධාතු පරිනිර්වාණය
බුදුරජාණන්
වහන්සේට පරිනිර්වාණ තුනක් ඇත. ක්ලේශ පරිනිර්වාණය, ස්කන්ධ පරිනිර්වාණය,
ධාතු පරිනිර්වාණය යනු එම පරිනිර්වාණ තුන යි. අප බුදුරදුන් ගේ ක්ලේශ
පරිනිර්වාණය ගයාවේ ජය ශ්‍රී මහා බෝධි මූලයේ දී සිදුවිය. ස්කන්ධ
පරිනිර්වාණය කුසිනාරා නුවර මල්ල, රජ දරුවන් ගේ උපවත්තන සල් වනයේ දී
සිදුවිය. ධාතු පරිනිර්වාණය අනාගතයේ දී සිදු වෙයි. එය කෙසේ සිදුවේ ද?
ගෞතම බුදුසසුනට වසර පන්දහසක් කල් සම්පුර්ණ වූ කල්හි වෙසක් පුර පසළොස්වක පොහෝ දින ලංකාවේ මයියංගනය, මැදිරිගිරිය, කැලණිය, දීඝවාපිය, සේරුවිල , ගිරිහඬු සෑය, ජේතවනය, අභයගිරිය, ථූපාරාමය ආදී බොහෝ ස්තූපයන්හි වැඩ සිටින සර්වඥ ධාතුන් වහන්සේලා අහසට පැන නැගී අනුරාධපුර රුවන්වැලි මහා සෑයේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා වැඩ සිටින ස්ථානයට එක් රැස් වෙති. ධාතු නිදන් කළ දිනයේ පටන් ඒ දක්වා ධාතු ගර්භය තුළ දැල්වෙමින් පැවති සිංහ තෙල් පහන් එදින නිවී යයි.
එකල්හි රුවන්වැලි මහා සෑයේ ධාතු ගර්භයට රැස් වූ ඒ සියලු ම සර්වඥ ධාතුන් වහන්සේලා අහසට පැන නැගී එක නූලක අමුණන ලද මුතු ඇට පෙළක් මෙන් නාගදීපයේ රාජායතන චෛත්‍යය වෙත වැඩම කර අප බුදුරදුන් දෙවැනි වරට ලක්දිවට වැඩම කළ අවස්ථාවේ වැඩ හිඳ නාගයින්ට දහම් දෙසූ මැණික් පුටුව මත තැන්පත් වෙති.
එහි දී අප්‍රමාණ දිව්‍ය නාගයින් ගේ මහත් වූ වන්දනා පුද සත්කාර ලබන සර්වඥ ධාතුන් වහන්සේලා මැණික් පුටුවත් සමගින් ම අහසට පැන නැගී දඹදිව ගයාවේ ජය ශ්‍රී මහා බෝධි මූලයට වැඩම කරති.
එකල්හි දඹදිව හා ලෝකයේ තව බොහෝ රටවල්වල වැඩ සිටින සර්වඥ ධාතුන් වහන්සේලා ද දිව්‍ය ලෝකයන්හි බ්‍රහ්ම ලෝකයන්හි නාග ලෝකයන්හි වැඩ සිටින සර්වඥ ධාතුන් වහන්සේලා ද

Sunday, June 15, 2014
මනුසත්වය වෙනුවෙන් ඔබේ සහයෝගයත් ඔහුට ලබා දෙන්න
මං අද අපේ ගමේ ගෙදරක ඉන්න එළුවෝ ටිකක් බලන්න ගියා. අපි තව ටික දිනකින් ගවයින්, එළුවන් ඇතුළු සතුන් 1000ක් අහසට, පොළොවට, මුහුදට නිදහස් කරනවා/මුදා හරිනවා. මං අද මේ සත්තු බලන්න ගියේ ඇත්තටම හදවතට දැනෙන හැගීම් මොනවද කියලා බලන්න. මට හිතාගන්න බෑ මේ වගේ සත්තු කොහොම මරනවද කියලා. මං පුංචි එළු පැටියෙක්ව පපුවට තුරුල් කරගත්තාහම කියාගන්න බැරි හැගීමක් දැනුනේ. අනේ මේ රටේ සත්ව හිංසාව, ඝාතනය සම්පූර්ණයෙන්ම නවත්වන්න පුළුවන්නම්.
එකතුවෙන්න මාත් එක්ක.... උදව් කරන්න මට. මං අවශ්‍ය පියවර ගන්නම් මට හැකි අයුරින්...

එක් සතෙක් හෝ බේරගන්න දායකත්වය ලබාදෙන්න කැමතිනම් ඔබට තව
දින කිහිපයක් තියේ ඒ සත් කර්තව්‍යයට දායක වන්න...

ජීවදාන | 1000Likes, 1000Lives
සතුන් 1000ට ජීවිත දානය දෙමු, නිදහස් කරමු...

බේරගන්න කැමතිනම් පමණක් JOIN වෙන්නhttps://www.facebook.com/events/671108332925378/
අපගේ සමාජ සත්කාර ෆේස්බුක් පිටුවට [https://www.facebook.com/B.H.EdirisooriyaFoundation] ලයික් 1000ක් ලැබීම සැමරිම වෙනුවෙන් අප මේ සත්කාරය කරන්න බලාපොරොත්තු වෙනවා...
එක සතෙක් හරි බේරගන්න දායකත්වය දෙන්න කැමතිද?
An Idea By Danesh Maduranga Edirisooriya
SamajaSathkara in Collaboration with Dr. Ishani Kodikara

[Who is Danesh? Explore more : http://goo.gl/UDsSpO]
[Want to be a friend of him? Add :https://www.facebook.com/Daneshmaduranga]

ෆේස්බුක් මිතුරන්ගේ එකතුවෙන් සිදු කරන්නාවූ සත්කාරයකි...
Visit : http://www.samajasathkara.lk/
A Project of B.H. Edirisooriya Community Service Foundation
[https://www.facebook.com/B.H.EdirisooriyaFoundation]

Subscribe to:
Posts (Atom)