ශතුක්‍රතුමුඛෛර් දෙවෛඃ ශ්‍රැදයතෙ න පරාජිතඃ
මහත්මා බලසම්පන්නො රාවොණෝ ලෝක රාවණඃ
මහත්මා බලසම්පන්නො රාවොණෝ ලෝක රාවණඃ
ලොව පසිඳු රාවණ - මහ ගුණවතෙකි මහ බලවතෙකි
සක් දෙව් රජුටවත් - පරදවන්නට නොහැකි වූවෙකි.
සක් දෙව් රජුටවත් - පරදවන්නට නොහැකි වූවෙකි.
(රාමයණයේ කාව්‍යයේ රාම කුමරුගේ කියමනකී)
මෙම මහා භද්‍ර කල්පයේ ප්‍රථම මිනිසුන් ආරම්භ වූ රාජ්‍ය ලංකා පොළෝතලයයි. ඒ උපන් අභිමානවත් හෙළයින් කකුසඳ, කෝණාගම, කස්සප, ගෞතම නම් සිව් මහා මුණිවරුන්ගේ ශාසනය ආරක්ෂා කළ අතර, මතු බුදු වන මෛත්‍රී බෝධිසත්වයාණන් වහන්සේට ලොව පහළ වන්නට සුදුසු පරිසරය සකස් කරන්නාහ.
වසර 30,000සක් ඉපැරණි නටඹුන් හා සත්ව පාෂාණිභූත ඇටසැකිලි මෙතරම් මතුවී සාක්ෂී ඇතත් එය සනාථ කර අප ඉතිහාස පොත් පත් වෙනස් නොකරන්නේ මන්දැයි මහත් ගැටළුවකි. වත්මන් හා අනාගත පරපුරට ඒ අභිමානවත් ශ්‍රී විභූතිය සත්‍ය ලෙස පහදා නොදෙන්නේ කුමක් හේතු සාධක කරගෙනද?
අප දන්නා ඉතිහාසයේ අභයගිරි දාගැබ ජේතවනාරාම දාගැබ ලෙසත් ජේතවනාරාම දාගැබ අභයගිරි දාගැබ ලෙස පුද සත්කාර කළෙමු. පුරාණ සෙල්ලිපි වල ඇති කරුණු පාදක කොට ගෙන වර්තමානයේ අනුරාධපුරයේ අභයගිරිය, ජේතවනය, මාරුවීම් සකස් කළ පරිද්දෙන් විජය රජුගෙන් ආරම්භ වූ ඉතිහාසයක් නොව මහා සම්මතයේ සූර්ය වංශික රාජ්‍ය පරම්පරා ආරම්භය ලෙස මහාවංශයට ඇතුල් කළයුතු නොවේ ද?
ජගත් කීර්තිධර පුරාවිද්‍යාඥයා මෙන්ම ඉතිහාසඥයා වන මහචාර්ය සෙනරත් පරණවිතාන මැතිතුමා කළ, අති උදාර ශ්‍රී ලංකික යුග මෙහෙවරට එතුමාට සදා පිං දෙන අතර රාජ්‍ය වර්ෂ 1946 දී පමණ ''රාමා, සීතා,රාවණ මනකල්පිතයකි. නටඹුන් මෙතෙක් සොයාගෙන නැතැ'' යි එතුමා අවධාරණය කිරීම ගැන අප කනගාටු වන්නෙමු.
මල්වතු විහාර පාර්ශවයේ අනුනායක පරම පූජනීය අපවත් වී වදාළ අඹන්වැල්ලේ සිරි පඤ්ඤාසේකර මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ දැනට දශක කිහිපයකට පෙර රාවණා රජුගේ නොදිරන දේහය නුවර එලියේ කඳු ශිඛරයේ ඇති බැව් පුවත්පත් ලිපියක් හරහා හෙළිදරවු