Wednesday, October 30, 2013

මහා රාවණ රජුගේ ජාතිය අවධි වේවා - රාවණා 14 වන දිගහැරුම

ශතුක්‍රතුමුඛෛර් දෙවෛඃ  ශ්‍රැදයතෙ න පරාජිතඃ
මහත්මා බලසම්පන්නො රාවොණෝ ලෝක රාවණඃ
ලොව පසිඳු රාවණ - මහ ගුණවතෙකි මහ බලවතෙකි
සක් දෙව් රජුටවත් - පරදවන්නට නොහැකි වූවෙකි.
(රාමයණයේ කාව්‍යයේ රාම කුමරුගේ කියමනකී)
මෙම මහා භද්‍ර කල්පයේ ප්‍රථම මිනිසුන් ආරම්භ වූ රාජ්‍ය ලංකා පොළෝතලයයි. ඒ උපන් අභිමානවත් හෙළයින් කකුසඳකෝණාගමකස්සපගෞතම නම් සිව් මහා මුණිවරුන්ගේ ශාසනය ආරක්ෂා කළ අතරමතු බුදු වන මෛත්‍රී බෝධිසත්වයාණන් වහන්සේට ලොව පහළ වන්නට සුදුසු පරිසරය සකස් කරන්නාහ.
වසර 30,000සක් ඉපැරණි නටඹුන් හා සත්ව පාෂාණිභූත ඇටසැකිලි මෙතරම් මතුවී සාක්ෂී ඇතත් එය සනාථ කර අප ඉතිහාස පොත් පත් වෙනස් නොකරන්නේ මන්දැයි මහත් ගැටළුවකි. වත්මන් හා අනාගත පරපුරට ඒ අභිමානවත් ශ්‍රී විභූතිය සත්‍ය ලෙස පහදා නොදෙන්නේ කුමක් හේතු සාධක කරගෙනද?
අප දන්නා ඉතිහාසයේ අභයගිරි දාගැබ ජේතවනාරාම දාගැබ ලෙසත් ජේතවනාරාම දාගැබ අභයගිරි දාගැබ ලෙස පුද සත්කාර කළෙමු. පුරාණ සෙල්ලිපි වල ඇති කරුණු පාදක කොට ගෙන වර්තමානයේ අනුරාධපුරයේ අභයගිරියජේතවනයමාරුවීම් සකස් කළ පරිද්දෙන් විජය රජුගෙන් ආරම්භ වූ ඉතිහාසයක් නොව මහා සම්මතයේ සූර්ය වංශික රාජ්‍ය පරම්පරා ආරම්භය ලෙස මහාවංශයට ඇතුල් කළයුතු නොවේ ද? 
ජගත් කීර්තිධර පුරාවිද්‍යාඥයා  මෙන්ම ඉතිහාසඥයා වන මහචාර්ය සෙනරත් පරණවිතාන මැතිතුමා කළඅති උදාර ශ්‍රී ලංකික යුග මෙහෙවරට එතුමාට සදා පිං දෙන අතර රාජ්‍ය වර්ෂ 1946 දී පමණ ''රාමාසීතා,රාවණ මනකල්පිතයකි. නටඹුන් මෙතෙක් සොයාගෙන නැතැ'' යි එතුමා අවධාරණය කිරීම ගැන අප කනගාටු වන්නෙමු.
 
මල්වතු විහාර පාර්ශවයේ අනුනායක පරම පූජනීය අපවත් වී වදාළ අඹන්වැල්ලේ සිරි පඤ්ඤාසේකර මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ දැනට දශක කිහිපයකට පෙර රාවණා රජුගේ නොදිරන දේහය නුවර එලියේ කඳු ශිඛරයේ ඇති බැව් පුවත්පත් ලිපියක් හරහා හෙළිදරවු
කළහ.
එයට ප්‍රතිචාර ලෙස මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා ''රාවණ කෙප්පය'' මැයෙන් විරෝධය ඵලකළහ.
 මෑත ඉතිහාසයේ ගරු ස්පෙන්ස් හාඩි පියතුමාමහාචාර්ය ගුණපාල මලලසේකරහෙළ මහපඬි මුණිදස් කුමර තුඟුඅලවු ඉසි සැභිමහා කවි රැපියල් තෙන්නකෝන්අරිසෙන් අහුබුදුමහානාම දිසානායකජයන්ත වීරසේකරවර්තමානයේ විශේෂ පරීක්ෂන සිදු කළ ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර,ආචාර්ය සූරිය ගුනසේකරනාගොඩ ආරියදාස සෙනවිරත්නඅශෝක ප්‍රේමචන්ද්‍රඅචාර්ය පී.ඊ.පී. දැරණියගලආචාර්ය ශිරාන් දැරණියගලආචාර්ය රාජ් සෝමදේව ආදී විද්වත්තු මහාරාවණ ශිෂ්ටාචාරය සත්‍ය සාක්ෂි ඇතිව හෙළි පෙහෙලි කරත්දීත් බලවතුන් නිහඬ ඇයිදැයි නොදැනේ.
ඉතිහාසය යන්න පුද්ගලයින්ගේ දෘෂ්ටිකෝණ අනුව සකස්වී ඇත. පුරාණය යනු සාමූහික මනසේ කාලාන්තරයක් තිස්සේ තැන්පත්ව පවතින්නා වූද විශාල ජන කොට්ඨාශයක් මඟින් ඒකමතිකව ශාක්ෂි ඇතිව පිළිගත්තා වූද අදහස් සමූහයකි. 
 පංච දුෂ්චරිතයෙහි යෙදුණු යක්ෂයෙකු ලෙස රාවණ රජු හඳුන්වා දීමට රාමායණ කාව්‍ය වෙර දැරුවද එම ග්‍රන්ථයෙහි මහා රාවණ මහ රජුගේ ප්‍රතාපවත් බවඅභිමානවත් බවවිශිෂ්ටත්වය දෙවියන්ටවත් සම කළ නොහැකි උදාර මිනිසත් බව සැඟවී සැඟවී විස්තර කරයි.
 හිස් දහයක් හා අත් විස්සක් ඇති ‍යක්ෂයෙකුගේ රුවක් තනා අපෙන් ඈත් කිරීමට වෙර දැරූ මහා රාවණ රජු මතු බුදු වීම පිණිස පාරමී දම් පුරන මහ බෝධිසත්ව වරයෙකු යැයි එතුමාගේ චරිතය ගැනඑතුමා ලියූ පොත පත ගැන පරිශීලනය කරන කවරෙකුට හෝ වැටහෙන සත්‍යකි.
 ලංකාවේ සිතියම ඇඳඒ මත දසිස් රාවණ රජු යැයි පඹයෙකු තබා මන්නාකෙටේරි පොරෝ පහරවල් ගසා දුසේරා උත්සවය නමින් එය ගිණි තබා විනාශ කිරීම බොහෝ ඉන්දියානුවන්ගේ පැරණි සිරිතකි. අද ස්වාධීන රාජ්‍යයක් වූ ශ්‍රී ලංකා සීතියමට එසේ අගෞරව කිරීම අප පුරාණයේ මහා රාවණ නම් ලෝක පාලක සක්විති රජුගේ ශ්‍රී නාමයට අගෞරව කිරීම සිංහල ලේ ඇති කාට නම් ඉවස  සිටිය හැකිද?
 හින්දු ආගමට අනුව තම ස්වාමියා මිය ගිය කල භාර්යාවද ස්වාමියා දවන දර සෑයට ඇද දමා සති පූජාව යැයි චාරිත්‍රයක් ඉටු කළහ. එවැනි දේ ඉන්දියානු රජයෙන් තහනම් කළේ නම්අපට සිදු කරණු ලබන මේ අගෞරවය නවත්වා ලීමට කතා කළ රාජ්‍ය නායකයා කවරෙක්දඑයට පෙළ ගැසුණු සංවිධානය කුමක්ද? 
ගුණවතුන්ගේ ගුණ ගැයුමසුදුස්සාට සුදුසු තැන දීම මහා පිංකමකි. ඒ සඳහා මට හැකි පමණින් මම දායක වූයෙමි.
විවිධ ජාන මංකොල්ලය ලොව පුරා පැතිර යද්දී ශ්‍රී ලංකාවේ යක් ලේ ධාතුව රැක ගැනීම ඔබ සතු යුතු කමකි. ලොවටම වැඩදායක හෙලයන් වඳවී යානම් හෙට මුළු ලොවම අඳුරුය.
අනාගත තරුණ තරුණියන්ට අපේ පුරාණ අභිමානය ශ්‍රී විභූතිය විදහා දැක්වීමට මේ කාලයයි.
තිස්වසරක් ශ්‍රී ලංකාව පුරා ඇවිලී ගිය යුධ ගිණි දැල් නිවා රටට නිදහස් සාමය උදා කර දුන් ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ප්‍රධාන ත්‍රිවිධ හමුදාවේ සෙන්පතිවරුනිප්‍රධාන රණවිරුවනිරටේ වගකිව යුතු ඇමතිවරුණිජනනායකයිනිවිවිධ විද්වත් ප්‍රභූවරුනි රට නිදහස් කළා සෙයින්ම අපට වැරදී ඇති ඉතිහාසය ද නිවැරිදි කරදීමට මේ කාලය බව ද දන්වා සිටිමි.
මහ රාවණ රජුගේ ජාතිය අවධි වේවා!
මෙයට දෑ හිතකාමී,
ආචාර්ය කොළොන්නාවේ සිරි සුමංගල මහා ස්ථිවර වම්හ
ශ්‍රී දෙව්රම් විහාරයදෙපානමපන්නිපිටිය.
උපුටා ගැනීම http://www.sridevramvehera.org

No comments:

Post a Comment