පොලවට කිලෝමීටර 500 ක් ඉහලින් ගමන්කරන මේ චන්ද්‍රිකා යුගල එකම පථයක සමාන්තරව ගමන්කරයි. චන්ද්‍රිකා යුගල අතර දුර කිලෝමීටර 200 ක් වන අතර එහි ඇති සුක්ෂම විද්‍යුත් උපකරණවලින් චන්ද්‍රිකා අතර දුර කෙස් ගසක පමණ (10 microns) වෙනසක් වුවද මැනීමට සමත්ය. එලෙසම එම තොරතුරු පොළවට වාර්තා කිරීමට තාක්ෂණික පහසුකම් වලින් ද සමන්විතය.පොලව මතුපිට ස්ථරය හා අභ්‍යන්තරය ඒකාකාරී නොවේ. විද්ධ මූලද්‍රව්‍ය විවිධ ඝනත්වයන් ගෙන් යුතුව විවිද අනුපාතයන් වලින් පවතී . එලෙසම පොලවේ මතුපිට හා අභ්‍යන්තර ජාල හා ද්‍රව පැතිරීමට එකාකාරි නොවේ. එබැවින් පොලවේ ගුරුත්වාකර්ෂණ බලය සුළු වශයෙන් අඩු හා වැඩි වශයෙන් වෙනස් වේ. මෙය සාමාන්‍ය මිනිසාට බලපාන මුත් එය අපට දැකගැනීමට හෝ මැන ගැනීමට නොහැක . කිලෝමීටර 500 ක් පොළවෙන් ඈත අභ්‍යවකාශයේ ඇති මෙම චන්ද්‍රිකා යුගල ටද මෙය බලපායි . එබැවින් පහල ගුරුත්වය අනුව චද්රිකාවේ වේගය අඩුවැඩි වේ. ඒ අනුව චන්ද්‍රිකා යුගල අතර දුර සියුම් ලෙස වෙනස් වේ. එම වෙනස්කම් ගුරුත්වයට අනුලෝමව සමානුපාතික වන අතර සංකීර්ණ ගනයක කිරීම් තුලින් පොලවේ “ගුරුත්ව” සිතියමක් ලබා ගැනීමට හැකිවී තිබේ.
මෙය අප දන්නා සමෝච්ච රේඛා සිතියමට සමානය. මෙහි සම ගුරුත්ව ඇති ස්ථාන සම පාටින් දක්වන අතර අඩුම ගුරුත්වය නිල් පැහැයේ සිට වැඩිම ගුරුත්වය රතු පැහැය ලෙස ගෙන වර්ණ ගන්වා ඇත. මෙම සිතියමේ අඩුම ගුරුත්වය ඇති ස්ථානය තුල ලංකාව පිහිටීම අරුමයක් නොවේද? මෙහි පරාසය දක්වා ඇත්තේ මීටර වලිනි. අඩුම හා වැඩිම තැන අතර දුර මීටර 200ක් පමණ වෙනු ඇත. මෙය මීටර වලින් දැක්වීම ඔබට ගැටළුවක් වෙනු ඇත. අඩු ගුරුත්වය ඇති ලංකාවේ සිට වැඩි ගුරුත්වය ඇති මැලේසියාව ආශ්‍රිත පෙදෙසට නැවක් ගමන් ගනී නම් . එයට මීටර 200 පමණ ඉහලට යාමක් සිදුවේ. සරලව දක්වතොත් අද ලංකාව තිබුනේ තද රතුපාටින් නම්, ඊට අදාල මුහුදු මට්ටම අද තිබෙන ප්‍රමාණයට මීටර 200 ක් පමණ උසකින් වැඩි විය යුතුය. එනම් පහත රට යටවී උඩරට පමණක් ඉතිරි වෙනු ඇත. මෙම ගුරුත්ව වෙනසට අනුව ලෝකයේ උපරිම හා අවම අගයන් ගතහොත් යම් වස්තුවක බර 0.6% කින් පමණ වෙනස්වීමට ඉඩ තිබේ . ලංකාවේ මෙම විශේෂ පිහිටුම මීට වසර තිහ හතළිහකට කලින් ම සිට හදුනාගෙන තිබුණි. ලාංකියන් මේ ගැන වැඩිවශයෙන් දැනුවත් නොසිටි මුත්, අද වනවිට අපට වඩා තාක්ෂණයෙන් දියුණු රටවල් මේ පිලිබදව වැඩි උනන්දුවක් දක්වා ඇත. වසර 1956 දී Arthur C. Clarke මහතා ලංකාවට 













