Sunday, September 15, 2013

සිතා මම ආවා චිත්‍රපටය තුළින් වැනසෙන අපේ උරුමය..

ශ්‍රේෂ්ඨ ඉතිහාසයක් හිමි රටක කලාකරුවාගේ වගකීම වනුයේ එම රටේ ඒ ඉතිහාසයට වටිනාකමක් එක් කිරිමයි.ලෝකයේ එවන් ශ්‍රේෂ්ඨ ඉතිහාසයක් ඇති අප මවුබිමට හිමි වෙන්නේ අද්විතීය ස්ථානයකි.වසර 10000කටත් පෙර අතිතයේ සිරි ලක්දිව විසු රාවණා රජු පිළිබද කතා පුවත මේ වන විට ලෝකයේම අවධානයක් ලබාගෙන ඇත.රයිට් සහෝදරයන් තබා මහා ඉහළින් තාක්ෂණය පිළිබද දොඩවන සුද්දන් කැලයෙන් එළියට පිමිණිමටත් පෙර අප මහ ර‍ජෙකු ගුවනින් යාමේ තාක්ෂණය ප්‍රගුණ කරයැයි කීම කෙතරම් ආඩම්බරයක්ද.නමුත් මෑතකදී ජයසෙන් අපොන්සු කලාකරුවා විසින් නිර්මාණය කරන ලද සීතා ‍මන් ආවා යන චිත්‍රපටියෙන් රාවණා චරිතය අමු අමුවේ වනසා දමා ඇත.මෙම වරද සිදු වී ඇත්තේ ලාංකීය කලා ක්ෂේත්‍රයේ විශිෂ්ඨයෙකු අතින් විම බලවත් කණගාටුවට කරුණක් වන්නේය.
                                 වාල්මිකී නම් රාමායනය රචකයා පවා රාවණා රජු මහා බලසම්පන්න,ශේෂ්ඨ අයෙකු ලෙස නිර්වචන ගෙන එද්දීත් ශ්‍රී ලාංකිකයෙකු රාවණා චරිතය විකට චරිතයක් ලෙස තම නිර්මාණ උදෙසා යොදා ගෙන ඇත්තේ ජාතියේම අවාසනාවටය.ක්ෂේත්‍ර 10ක් ප්‍රගුණ කල මහා සක්විති රජෙකු වූ රාවණා චරිතයම මෙම චිත්‍රපටියට යොදා ගැනීම කණගාටුවට කරුණකි.
              රාවණා චරිතය පිළිබද සමාජය තුළ කතාබහක් ඇරඹී ඇති මෙම කාලයේ රාවණා සමයේ ලංකාපුරය පිළිබද චිත්‍රපටියක් නිපදවූවා නම් එය රටට සිදු කරන මහත් මෙහෙවරක් වීමට ඉඩ තිබුනි.තම අතිත උරුමය පිළිබද පැහැදීමෙන් එම රටේ පුද්ගලයන්තුළ උත්තේජනයක් ඇතිවන්නේ නිරායාසයෙනි.ඉන්දියාව වැනි රටවල් තම හමුදාවන් යුධ වැද ජයගන්නා චිත්‍රපට එකපිට එක සාදා ගොඩනගා ඇත්තේ ඒ උත්තේජනයයි.අප විසින් මේ රටේ මිනිස්සු තනිකර කෙළින්නේ පිස්සු කියා ගීත ගායනා කරද්දී ඔවුන් පැවසුවේ වන්දේ මාදරම්(මව් බිමට නමස්කාර වේවා)කියාය.අද මහා මාර්ගයක් අතුගානා ඉන්දියානුවා තුලද ඇත්තේ තම දේශය පිළිබද මහත් ආදරයකි.චිත්‍රපට කලාව ඒ තරම් ප්‍රබලය.නමුත් කලින් පැවසුවා සේ අප රටේ මිනිස්සු කෙළින්නෙම පිස්සුය.සිතා මන් ආව යන නිර්මානයත් එවැනිම පිස්සුවකි.
  අබා,සිරි පැරකුම්,මහින්දාගමනය වැනි නිර්මාණ පසුගිය සමයේදී සමාජය තුළ ඉමහත් කීර්තියට පත් වු චිත්‍රපටය.එවන් ප්‍රසිද්දියක් ඒවාට අත් වුනේ මා කලින් කී උත්තේජනය ඒවායේ අන්තර්ගත වු නිසා ය.අද පාසල් පෙළ පොත් වල පවා සදහන් වී ඇත්තේ රාවණා යනු කාමතුරයෙකු බවයි.නමුත් රාමායනයෙන් පවා හෙළිනොවන සත්‍ය කතාව මේ වන විට හෙළිවෙමින් පවතී.කිසිවෙකුටත් වුවමනා ආකාරයට මෙවන් චරිත තම සිතැගි පරිදි වෙනස් කිරිමට ඉඩ දිය නොහැක.මීට විරුද්ධ නොවන නුඹට දිනක බුද්ධ චරිතයට මේ ආකාරයේ අපහාසයක් සිදු වුවහොත් ඊට එරෙහි වීමට සදාචාරාත්මක අයිතියක් ‍නැත.
 ජයසේකර අපොන්සු යනු විශිෂ්ඨ කලාකරුවෙකි.ඒ පිළිබද කිසිදු සැකයක් නොමැත.නමුත් මේ සිදුව ඇත්තේ අප හෙළ ඉතිහාසයට මහත් අපහාසයකි.රාවණා යනු පෙරුම් පුරනා බෝධිසත්වයෙකු ලෙසද මතයක් පවතී.එසේ නම් මෙය බුදුවරයෙකුට කළ අපහාසයක් වැනිය.
                            අප රටට මහා විනාසයක් සිදු කල වෙලුපිල්ලේ ප්‍රභාකරන් නම් ඝාතකයා පදනම් කරගෙන මෙවන් නිර්මාණයක් සිදු කලානම් අපටද බඩ අල්ලා සිනා සී මෙය නැරඹීමට හැකියාව තිබුනි.නමුත් මහතානෙනි අප උරුමය විකෘති කර ඇති අවස්ථාවක ඊට සිනා සීමට අප සූදානම් නැත...

 නමුත් මා කලින් පැවසුවා මෙන් අභාගයකට මේ රටේ මිනිස්සු තනිකර කෙළින්නෙම පිස්සුය.
සංජය

No comments:

Post a Comment