Friday, September 27, 2013

හෙළවංශයේ සැබෑ අයිතිය හිමි කාහට ද?

            ''ලෝකයාට ශිෂ්ඨාචාරය බෙදා හැරියේ හෙලයන් විසිනි''
                                            දැනට කලකට ඉහතදි අරිසෙන් අහබුදු ශුරින් කල ප්‍රකාශයකින් මම මේ ලිපිය ඇරඹුවේ මෙම බ්ලොග් අඩවියේ ප්‍රධාන අරමුණ වන්නේ එම ප්‍රකාශයේ ගැඹුරු අරුත සොයා යෑම නිසාවෙනි.මා විසින් දැනට සති කිහිපයකට පෙර බ්ලොගිය ඇරඹුවේ අත්හදා බැලීමකට මෙනි.නමුත් පසුව මා විසින් පළ කල රාවණා කථා මාලාව නිසා විශාල ප්‍රතිචාරයක් බ්ලොග් අඩවිය වෙත ලැබුනි.අද බොහෝ දෙනා සිංහල බ්ලොග් එකක් දෙස බලන්නේ 2.50 පේමන්ට් භාණ්ඩයක් දෙස බලන්නාක් මෙනි.කියවාගන්නට බැරිවූවත් ඔවුන් ඒ තරමටම ඉංග්‍රීසි භාෂාවට ආදරය කරයි.ඒ අපේ හැටිය.ලෝකය පුරා අන්තර්ජාලය ඔස්සේ විහිදුනු බ්ලොග් අඩවි සංඛ්‍යාව මිලියන ගණනකි.එහි ඇති සිංහල බ්ලොග් අඩවි ගණන 1000කට ආසන්න ගණනකි.ඒවායිනුත් නිතර අලුත්වන බ්ලොග් ගණන 500කට ආසන්න ගණනකි.රාවණා පිළිබද බොහෝ බ්ලොග් වල ලිපි පළ වේ.නමුත් සැලකිය යුතු තොරතුරු ප්‍රමාණයක් ඉන් එක් ස්ථානයකින් ලබා ගැනීම කළ නොහැක්කකි.මා වෙත පසුගිය දින කිහිපයේදි ලැබුනු ඉල්ලීම් ප්‍රමාණයම ඒ බව තවත් තහවුරු කරන සාක්ෂියකි.
                                     ‍මේ උදාව ඇත්තේ රාවණා වංශයේ පිබිදෙන යුගය බව සූරිය ගුණසේකර මහතා පසුගිය දිනකදී ප්‍රකාශයක් කලේය.එය සත්‍යයක් බව දැන් මා හටම වැටහේ.බොහොමයක් දෙනා ඉල්ලන්නේ රාවණා වංශයේ යටගිය තොරතුරුය.තවත් තොරතුරු විශාල ප්‍රමාණයක් මා සතුව ඇත.ඒවා මේ වන විටත් සකස් කරමින් පවති.
   මා විසින් පළ කරනු ලබන ඇතැම් ලිපිවල සම්පූර්ණ අයිතිය මුල් රචකයාට හිමි අතර සියළුම ගෞරව ඔවුනට හිමිය.එසේ උපුටා ගන්නා ලිපි වල මුල් කර්තෘගේ නම ලිපි සමග පළ කර ඇත.
බ්ලොගියේ පළ වු ඇතැම් රූප,චිත්‍ර උපුටා ගනු ලැබූයේ අන්තර්ජාලය ඔස්සේය.එවන් ඒවායේ සෑබෑ නිර්මාණකරුවා සොය ගැනීම අපහසු කරුණකි.නමුත් මෙහි පළ වූ රාවණා රජුගේ ඇතැම් විශිෂ්ඨ රූ සටහන් කිහිපයක සැබෑ හිමිකරු සොයා ගැනීමට මා හට හැකියාව ලැබුනි.ඔහු නමින් ධම්මික රවින්ද‍ ය.මාගේ දර්ශනයට අනුව ඔහු විශිෂ්ඨයෙකි.ඔහුගේ චිත්‍ර තුලින් රාවණා දෙස බලන්නෙකුට රාවණා රජුගේ ඇති ප්‍රතාපවත් බව දැක ගැනීම අපහසු කරුණක් නොවේ.ඔහු පිළිබද තොරතුරු මා හට ලබා දුන් ප්‍රශාන්ති සොහොයුරියට විශේෂයෙන්ම ස්තූතිවන්ත විය යුතුය.
          හෙළවංශය සංවිධානයේ අප ඉදිරියේදී වැඩසටහන් රාශියක් සිදු කිරීමට සැලසුම් කරමින් පවතී.ඒ අතරට අප සංවිධානයේ සාමාජිකත්වය ඔබ හට ලබාදිමට ද අප කටයුතු කරමින් පවතී.
ලෝකයේ බොහෝ සැගව ගිය ශිෂ්ඨාචාර නැවත මතු වූයේ ගවේෂකයන් ඇතුළු පිරිස් ඒවා සොයා ගිය නිසාවෙනි.අපගේ වසර 5000කට එහා ගිය අතීතය සිදු වූ යම් වැරද්දක් නිසා යට ගොස් ඇත.නැතිනම් කිසියම් බලවේගයක් විසින් වුවමනාවෙන්ම සගවා ඇත.නමුත් සත්‍යා යම් දිනක යළිත් මතුවනු නියත ය.
- සංජය
                             

No comments:

Post a Comment