Sunday, September 1, 2013

බ්ලොගින්ග් ගැන මාගේ දර්ශනය...

බ්ලොග් ලියන්නේ ආසාවටය, විනෝදාංශයකටය, ඒකාකාරී බවින් මිදෙන්නටය, ස්වයං ආත්ම තෘප්තියක් ලබා ගන්නටය.. නමුත් කෙටි කළකින්ම බොහෝ දෙනෙකු ඊට ඇබ්බැහි වේ. ඒ එහි ඇති විවිධත්වයත්, රසයත් නිසාය.. කවුරුන් කෙසේ කීවත් බ්ලොගිය තුළින් පිළිබිඹු වන්නේ එහි රචකයාගේ චින්තයට අදාල කරුණු වේ.. නමුත් 100% ම එය එසේමැයි කිව නොහැක්කේය..නමුත් බොහෝ විට එමඟින් රචකයා පිළිබඳ දළ අදහසක් ලබා ගැනීම සිදු කල හැකිය. ඇතැමුන් බ්ලොග් ලියන්නේ දැනුම බෙදා හරින්නටය, තවත් සමහරු කතිකාවත් ගොඩ නඟති, තවත් ඇතැමුන් තමන්ගේ දර්ශණයක් ව්‍යාප්ත කිරීමට මෙන්ම අන්‍යයන් හෙලා දැකීමට බ්ලොග් කරණය භාවිතා කරති. එය එසේ සිදුවිය යුතුය, වැළැක්වීමද කළ නොහැක්කේය, මන්ද යත් බ්ලොග් කරණය යනු සැබෑ රියැලටි සමාජයේ ජීවත්වන්නා වූ පුද්ගලයින්ම භාවිතා කරනා අතත්‍ය (Virtual) අවකාශයකි. එහෙයින් විවිධ වූ පුද්ගලයින්ගේ විවිධ වූ අදහස් එළිදැක්වීම වාරණය කළ නොහැක්කේය.. ඇතැමෙකුගේ නිර්වචනයට අනුව පෞද්ගලික බ්ලොග් මගින් සිදු කෙරෙන්නේ අදාල රචකයා පුම්බා දැමීමකි.. සොක්කෙක් ලොක්කෙක් කිරීමකි. හිපාටුවෙකු පොරක් කිරීමකි... ලෝකයේ ජීවත්වෙන සෑම කෙලෙස් ප්‍රහීන නොකළ පුද්ගලයෙකුම කැපී පෙනීමට කැමතිය. සමාජයේ තැලී පොඩිවන හිඟන්නාද , කුඩුකාරයාද මොහොතකට හෝ රජෙකු යන හැඟීමට කැමතිය. එය ආත්ම තෘප්තිය හෝ ස්වයං මානසික වින්දයකි. මනසින් ලැබෙන්නා වූ එය සැබෑවටම ලබා ගැනීමටද ඔවුන් කැමතිය. එසේ නොවන්නෝ නොවෙති.. කොටින්ම සෑම වැඩ බැරි දාස කෙනෙකුම තමන් සුපර් මෑන් කෙනෙකු ලෙස හඳුන්වනවාට කැමතිය.. ඒ සඳහා හොඳම තැන රියැලටි ලෝකය නොව අතත්‍ය (Virtual) අවකාශයයි.. එයින්ද අතත්‍ය සමාජය වන social media network මඟින් එය පහසුවෙන් සිදු කරගත හැකිය.. යම් ආරූඬ නාමයකට මුවා වී "පොර ටෝක්" දීමෙන් ඉතා ඉක්මනින් ජනප්‍රියත්වයට පත්වීමටත්, තමන්ගේම virtual gang එකක් සාදා ගැනීමට හැකිය. එය එසේම විය යුතුය.. 

                    සැබෑ ලෝකයේ එළිපිට දැක්වීමට නොහැකි අදහස් අතත්‍ය (Virtual) අවකාශයේ නොබියව ප්‍රකාශ කිරීමට හැකිය.. වාරණ හෝ සීමා පැනවෙන්නේ තමන්ගේ අභිමතය පරිදිය. 2011 පෙබරවාරි මස වන විට ලෝකය පුරා බ්ලොග් අඩවි මිලියන 156 ඉක්මවා තිබිණ.. ඉන් වසර දෙකකට පසුව, මේ වනවිට එය මිලියන 200 ට ළඟා වනු නියතයි.. නමුත් මේ අතරින් සිංහල සම්මත අන්තර්ජාල සටහන් කේතන ක්‍රමය වන සිංහල යුනිකේත මගින් ලියැවුනු බ්ලොග් ප්‍රමාණය 5000 නොයික්මවනු ඇත. එයින්ද යාවත්කාලීන වන අඩවි ප්‍රමාණය 500කට අඩුය. ඇතැමුන් අන්තර්ජාලය තුල සිංහල භාවිතය ලැජ්ජාවක් සේ සළකති. සිංහල භාෂාව "පොෂ් භාෂාවක්" නොවේ යැයි ඔවුන් සළකනවා විය හැකිය.සිංහලෙන් බ්ලොග් ලියන්නේ තුන්වැනි පන්තියේ ඉංග්‍රීසි නොදත් ගොඩයන් යැයි ඔවුන් සිතනවා විය හැක. නමුත් මා හඳුනන ඇතැම් සිංහල බ්ලොග් කරුවන් සැබෑ ජීවිතයේදී දරන තනතුරු ගැන ඔවුන් දැන ගතහොත් ඔවුන්ගේ මානසික මට්ටම පිළිබඳ තමන්ටම නිගමනයකට එළඹිය හැකිය... මේ ලිපිය ලියන්නට පාදක උනේ මා මිත්‍ර එක්තරා පුද්ගලයෙකු විසින් අද කරන ප්‍රකාශයකි.. "මට බ්ලොග් ලියන උන් පේන්න බෑ.. ඔයින් එකක් හදන්න ඕන බූරුවෙකුට පුළුවන්.. සයිට් එකේම ටෙම්ප්ලේට් එකක් තේරුවා ප්ලගින් දැම්මා.." කතාව ඇත්තකි.. බ්ලොග් අඩවියක් ඇරඹීම ඔහු කියන පරිදි ඕනෑම 'බූරුවෙකුට' උනත් ඉතා පහසුවෙන් කළ හැක්කකි.. එසේ නොවිණි නම් බ්ලොග් කලාව මෙතරම් ජනප්‍රිය නොවනු ඇත.. Blogger, WordPress, Tumblr වැනි blogging services ඒවා හැසිරවීම හැකි තරම් සරල කර ඇත්තේ බ්ලොග් යනු සියල්ල දත් තාක්ෂණික පණ්ඩිතයන්ට පමණක් භාවිතා කිරීමෙන් වලක්වා, කලාකාමී සිතුවිලි රැගත් අතත්‍ය (Virtual) සමාජ අවකාශයක් ගොඩ නැගීමට විය යුතුය.. 

ලංකාවේ වසරකට මෘදුකාංග ඉංජිනේරුවන් දහස් ගණනක් බිහි වෙනවා ඇති. නමුත් සිංහල භාෂාව, තම මව් භාෂාව වෙනුවෙන් සුළු කාලයක් හෝ වැය කරපු පුද්ගලයන් ඉතා කිහිප දෙනයි ඉන්නෙ.. ඔවුන් නිවැරදි වෙන්නත් පුළුවන්, මොකද කවදාවත් ක්ලයන්ට් කෙනෙක් සිංහල මෘදුකාංගයක් හෝ වෙබ් අඩවියක් මිලදී නොගන්නා නිසා.. තව ටික කාලෙකින්ම සිංහල භාෂාවත් අතුගෑවිලම යාවි. ඒ නිසාමදෝ කොහෙද ලංකාවෙ සිංහල අපේ විකිපීඩියාව 2005 වසරේ සිට මේ වෙනකම්ම ලිපි 8,301 ක් තියාගෙන වේලෙන්නෙ...t

No comments:

Post a Comment